ගුරුවරයා යන්න පිළිබද මගේ කියවීම
- සුජිත් රත්නායක
- Oct 20, 2015
- 11 min read

(‘ගුරුවරයා’ යන නාම පදයෙන් ස්ත්‍රීලිංග හා පුරුෂලිංග යන ද්විත්වයම මවිසින් එ් තුළ අඩංගු කොට අැති බව සළකන්න)
පොත්-පත්, පුවත්පත්, රූපවාහිණී, අන්තර්ජාල අාදී කුමන මාධ්‍යයකින් වුව අපට දැනුම ලබා ගත හැකිය.කුසලතාවන්ද උකහා ගත හැකිය. එහෙත් දැනුම හෝ කුසලතාව සාක්ෂාත් කර ගැනීමට පිටුබලය ලැබෙන්නේ ගුරුවරයාගෙනි. යමක් සාක්ෂාත් කර ගත්තේ ද එය නිවැරදිද ? කොතරම් ප්‍රමාණයකට ද? තව දුරටත් එ් සදහා අැති මග කුමක් ද? යන්න තනිව නිශ්චය කර ගැනීමේ අපහසුතාවට රුකුල් සපයන්නේ ගුරුවරයා ය. තමන් දන්නා දේම තමන් නොදන්නා දෙයක් ලෙස සැගව පවතින දෙයක් හැටියට වේනම් එය තමන් තුළින් එළියට ගෙන තමන් තුළ පවතින කුසලතාවක් හැටියට එය මතු කරන්නේ ද ගුරුවරයාය. එකිනෙකා තුළ පවතින විභව්‍යතාවන් හදුනාගෙන එය සැසදීම, ගැලපීම, අභිමුඛ කිරීම මගින් තමන් පිළිබද අනන්‍යතාව අනෙකා සමග අන්‍යේන්‍ය කරන්නේත්, කේවල බලයකට පමුණුවාලන්නේත් ගුරුවරයාය. ගුරුවරයා පුද්ගලයාගේ හැටියට බුද්ධියේ තරම අනුව අවස්ථාව අනුව යමක් සාක්ෂාත් කරවීම පිණිස ගත හැකි සෑම පියවරක්ම ගන්නේය. ගුරුවරයා අතට අසු වන දෙයින් අදාල දෙය සාක්ෂාත් කරවීමෙහිලා කුඩා දරුවෙක් මට්ටමට වුව මාරු වන්නේ ය.
අප හාත්පස ලෝකය සංකීර්ණය. විවිධය.විෂමය.අනන්තය. යමක් උගැනීමේදී මේ සංකීර්ණත්වයන්, විෂමභාවයන්, අනන්ත අප්‍රමාණ දේවල් අපට ශාක්ෂාත් කරගත යුත්තට බාධා පමුණුවන්නේය. යමක් උගෙනීමේදී තවෙකක් විසින් අැති කරන පරස්පරතාව නිසා අැති වන ව්‍යාකූලතාව විසදීමට උදව් වන්නේ ගුරුවරයාය. ‘එ්ක දැන ගන්න දැන්ම අවශ්‍ය නෑ. මේ ටික දැනට කරන්න. එය දැන ගත්තා කියලා ඔබට වැඩක් වෙන්නෙ නෑ. ඔබ යා යුතු මාර්ගය මෙයයි.....’ අාදී වශයෙන් ගුරුවරයා යමක් සාක්ෂාත් කර ගැනීමෙහිලා තමන් දරන බරෙන් බලවත්ම කොටස තමා වෙත බාර ගන්නේය.අණ කිරීම, බල කිරීම, අවධාරණය කිරීම මගින් ද ගුරුවරයා විසිරුණ මණැස් එ්කාග්‍රතාවකට ගෙනෙන්නේ ය.
ගුරුවරයා ‘ගුරුවරයා’ යන නමින් ම සෑම විටෙක සම්මුඛ නොවන්නේය. ඔහු හෝ අැය යමෙකුගේ මව හෝ පියා විය හැකිය. සහෝදර සහෝරයකු විය හැකිය. මිතුරකු විය හැකිය. අසල්වැසියා විය හැකිය. තමන්ට වඩා වයසින් ද බාල විය හැකිය. ගුරුවරයා මාර්ගයෙන් යමකු විසින් යමක් සාක්ෂාත් කර ගෙන තව දුරටත් ඉදිරියට යන්නේ මුත් එය සාක්ෂාත් කර ගත් කෙනාට එ් ගැන තක්සේරුවක් නැති විය හැකිය. එ් නමුත් තමන්ගේ වෑයමෙන් ගුරුවරයා විසින් යමක් සාක්ෂාත් කරවන ලද්දේ ද එය කුමක් ද හරියට දන්නේ ද ගුරුවරයාමය. තමන්ට සම්මුඛ වන කෙනාගේ බුද්ධියේ මට්ටම අනුව කොතෙකුත් වචන භාවිතයට ගත්ත ද කාලය මිඩංගු කළ ද යමක් සාක්ෂාත් කරලීමට අදාල ඉගෙනුම් පරිසරය නිර්මාණය කළ ද සාක්ෂාත් කරවන දෙය වටා අැති නිලය දන්නේ ගුරුවරයාය. යමකු යමක් උගනිනවා යැයි කියන්නේ එම නිලය ස්පර්ෂ කිරීමට ය. යමක් සාක්ෂාත් කර ගන්නා ලද ඔ්නෑම අයකුට කාලයාගේ අැවෑමෙන් එය අමතක විය හැකිය. එය සාක්ෂාත් කරවන ලද ගුරුවරයා ද අමතක විය හැකිය. එහෙත් ඔහු හෝ අැය නොදැන ඔවුනගේ ගමන් මගෙහි ජීවනාලියෙහි රුධිර කේශ නාලිකාවක් නොව මහා ධමනියක් වන්නේ ගුරුවරයාය.
යමක් යමෙකුට තනිව ඉගෙනීමට බැරිකමක් ද නැත. යමක් යමෙකුට ඉගෙනීම සදහා දොරගුලු වසා අැත්තේ නම් එය තනිව හෝ උගෙනීමට තීරණයක් ගෙන යන ගමනක් වේනම් තමන්ට එය සාක්ෂාත් කර ගැනීමෙහිලා වන හෝඩුවාවන් සපයන්නේ මිතුරකු වේෂයෙන් හෝ ගුරුවරයෙකි. කොතෙකුත් හෝඩුවාවන් ලැබූව ද කිරි ගහට අැන්නා වගේ තමන්ට සාක්ෂාත් කරගත යුත්ත කරා ගමන් කිරීමට නිවැරදි හෝඩුවාවන් සැපයීම ද ගුරුවරයකුගේ ම කටයුත්තකි. යමක් ඉගෙනීමට තමන් තුළ අැති අාශය වැඩි වූ තරමට, උනන්දුව තිබූ තරමට,යමක් සාක්ෂාත් කර ගැනීමට අදාල ගමන් පථයෙහි වැඩිම කොටසක් තමන් විසින් පුරවනු ලැබූ තරමට කිසිවෙකුටවත් තනිව උගෙනිය නොහැකිය. ඉගැන්වීම තබා එකද වචනයක් කතා කළ නොහැකි භාෂා ලෝකයට අැතුලු නොවූ කුඩා දරුවකුට යමකුට යමක් ශාක්ෂාත් කර ගැනීමට අදාළ කදිම නිමිත්තක් /ප්‍රවේෂයක් සැපයීමේ හැකියාව අැත්තේ පමණක් නොව ඔවුනව යමෙකු විසින් ගුරුවරයා හැටියට ද සැළකිය හැකිය. කුඩා දරුවන්ගේ අැසින් ලෝකය බලන්න යැයි පිකාසෝ කිව්වේ ව්‍යාජව නොව නිර්ව්‍යාජව ය. විචාරකයින් විසින් පිකාසෝගේ කලා දිවියේ සමාරම්භක යුගයන් හැටියට හදුන්වන නිල් යුගය, රෝස යුගය සහ බ්‍රාක් සමග ඝනිකවාදය ගෙනා යුග වලින් පසු පිකාසෝ හැසුරුනේ සත්‍ය ලෙසම ළමයකු ලෙසය. නමුදු පිකාසෝ කිසි විටෙකවත් පස්ස එළියෙ දමාගෙන පිල් විදහා නටන මොණරකු නොවූයේ ‘ළමයින්ගේ අැසින් ලෝකය බලන්න’ යැයි කරන ලද ප්‍රකාශය තම කලා දිවියෙන් ම ලෝකයා තුළ සනාථ කළ නිසාවෙනි. රාමු කැඩීම අර්ථවත් වන්නේ රාමුවක සිටින්නෙකුටය. රාමුවක සිටීමට හැකි වන්නේ සාක්ෂාත් කරන ලද දැනුමක් මගිනි. එ් දැනුම දැනුමක් හැටියට අභ්‍යාස කිරීමේ පෙර ගමන්කරුවන් ගුරුවරයාය. ළමයින්ගේ අැසින් ලෝකය බැලීමේ සෞන්දර්ය පිකාසෝට තේරුම් යාම දක්වා වූ ගමනේ පෙරගමන්කරුවන් ඔහුගේ ගුරුවරුන් ය.

ඉගැන්වීම් ක්‍රියාවලිය හුදෙක් ප්‍රායෝගික විෂය සන්තතීන්ගෙන් ම යුක්ත නොවන්නේ ය. ඔහු හෝ අැයට ප්‍රායෝගික සන්තතියක් කිසිදු ප්‍රායෝගික මැදිහත් වීමකින් තොරව භාෂාව මගින් සාක්ෂාත් කරලීමට හැකිනම් ඔහු හෝ අැය දුර්ලබ ගනයේ ගුරුවරයෙක් වන්නේ ය. එච්. එ්. කරුණාරත්න මහතාගෙන් මා කලා පාසලක් තුළදි හෝ පන්තියක් තුළ දි කිසිවක් උගෙන නැත. නමුත් අනපේක්ෂිත මොහොතක පැයකට අාසන්න කාලයක් ඔහු මට යමක් ඉගැන්නුවේ ය. එ් 1990 දශකයේ දී ( වර්ෂය මතක නැත) හෙරිටේජ් කලාගාරයේ දී ය. ඔහුගේ කලා ප්‍රදර්ශනයක් බැලීමට මම හෙරිටේජ් කලාගාරයට ගියෙමි. කරුණාරත්න මහතා එළිමහනේ බංකුවක අසුන් ගෙන සිටියේ ය. අාචාරශීලී සිනවකින් මම ඔහුට සංග්‍රහ කොට ගැලරියට අැතුළු වූයෙමි. ඔහු අැබ්ස්ට්‍රෑක්ට් කලාකරුවෙකි. අධ්‍යාපනික අවශ්‍යතාවක් පිණිස අැබ්ස්ට්‍රෑක්ට් කලා මාවත ගැන මම උනන්දු වූ නමුදු එම මාවත ගැන මට තිබූයේ අැල් මැරුණු හැගීමකි. එ් මොහොත වන විට ගැලරිය තුළ සිටියේ මා පමණකි. වෙනදා ඔ්නෑ ම කෙනෙකුගේ අැබ්ස්ට්‍රෑක්ට් කලා වැඩ උඩින් පල්ලෙන් බලා ඉන් මිදෙන මා ඔහුගේ කෘති සැළකිය යුතු වේලාවක් අරගෙන අායාසයෙන් රස වින්දෙමි. එම මොහොතේ කලාගාරය තුළ සිටියේ මා පමණි. පාලු හුදෙකලාකම සමහරවිට ඊට උත්ප්‍රේරණයක් අැති කළා විය හැකිය. ගැලරියෙන් එළියට බැස එළිමහන් බංකුවක පෙර විරූ පරිදි වාඩි වී සිටින කරුණාරත්න මහතා කරා මම පිය නැගුවෙමි.වාඩි වන්න යැයි කළ ඉල්ලීමට අනුව ඔහු ඉදිරියේ වාඩි වූයෙමි. ඉබේට ම මෙන් මවිසින් ඔහුව අාමන්ත්‍රණය කරනු ලැබූයේ ‘සර්’ යනුවෙනි. මේ මොහොත වන විට ගැලරියත් ගැලරිය සහිත එළිමහන් අවකාශයටත් සිටියේ මාත් කරුණාරත්න මහතාත් ගැලරිය බලා කියා ගැනීමට ගැලරියේ හිමිකරු විසින් පිහිටුවනු ලැබ සිටි වෘත්තිකයෙක් පමණකි. ඔහු තම රාජකාරියේ සීමාව තුළ නිමග්නව වෙනතක සිටියේ ය.
බැලුව ද? කරුණාරත්න මහතා මා සහ ඔහු අතර කලා සංස්කෘතික සම්භාෂණයක පළමු ප්‍රතිචාරය දැක්වූයේ ය. ‘සර්, සර්ගෙ චිත්‍ර ගැන මට හරියට ම දැන ගන්න ඔ්න. මට මේවා ගැන හරිහමන් තේරුමක් නෑ.’ මම විචාලෙමි. ඔහු පිළිතුරු දුන්නේ ය.. මම සාවධානව එය අසා සිටියෙමි. ලංකාවේ සමකාලීන කලාව කියලා කරන කලාව ගැන සර් මොනවද හිතන්නේ? ඔය වැනි ප්‍රශ්න ද කඩින් කඩ ඔහුගෙන් මම විමසුවෙමි. යමකු විසින් දන්නෙ නැති දේවල් අැසූ විට කියා දෙන එමෙන් ම තවදුරටත් උගෙනීමට මූලාශ්‍ර හෙළි පෙහෙළි කරන ප්‍රතිචාර දැක්වීමකුයි ඔහු අතින් සිදු වූයේ. මා එම අවස්ථාව සළකනුයේ අැකඩමියක තථ්‍යාකරය පිළිබිඔු කරන අවස්ථාවක් හැටියට ය. අප දෙදෙනා අතර කතාබහ අතර වාරයේ ප්‍රදර්ශනය බැලීමට දෙතුන් දෙනෙකු තරම් ප්‍රමාණයක් අාවද එ් අය කිසිවෙකුවත් කරුණාරත්න මහතා මුණ නොගැසී යන්න ගියහ. කරුණාරත්න මහතාට ද කිසි විටෙකවත් එය විශේෂයක් නොවුණේ ය. සමහර විට ඔවුන් එ් ගැන කලාගාරය තුළ පවත්වන පන්තියකැයි ද සිතන්නට අැත.
පැයකට අාසන්න කාලයක දී කරුණාරත්න මහතාගෙන් මා උගෙන ගත් දෙය සුවිශාලය. එය හුදෙක් කලාකරුවකු හැටියට පමණක් ලද උගෙනීමකට වඩා වැඩි යමකි.
‘පාට උනත් පිරිපහදු කරන්න පුළුවන්. මම කරන්නෙ පාට, හැඩ පිරිපහදු කරන එක. සතෙකුට උනත් කන්න දෙනවනම් ඉතුරු වෙලා විසි කරන කොටස දෙන්න එපා! ඉතුරු වෙලා විසි කරන්න ලෝබ කමට එ් පාට අතුරලා මොනව හරි කරලා මිනිස්සුන්ට දෙන්න එපා!කලාවෙන් තමන්ට අවශ්‍ය දෙය හොයන්න.එ් දේ මිනිස්සුන්ට දෙන්න.’
ඉතා කෙටි කලකින් මම ඔහුගෙන් පැහැය ( hue ) යන්න හරියට උගත්තෙමි. දක්ෂ ගුරුවරයකු ටියුෂන් පන්තියක ගුරුවරයකු වගේ එකම තැටියක් පන්තියෙන් පන්තියට වාදනය කරන්නෙකු නොවේ.පාඩමකට අදාලව ගෙනහැර පාන විහිළුවක් එපරිදිම තවත් පන්තියකදි එම වේලාවෙදි ම ගෙනහැර පෑම බදු ප්‍රදර්ශන වාර ගණනාවක් පැවැත්වූ නාට්‍යයක නළුවකුට වඩා වැඩි යමක් දක්ෂ ගුරුවරයකු තුළ අැත. ශිෂ්‍යයාට අැති වන ප්‍රශ්නයේ හැටියට අදාළ දේ සාක්ෂාත් කරවීමේ අවස්ථාවෝචිත ප්‍රඥාව ගුරුවරයා විසින් ක්‍රියාවට යොදවන්නේය.කරුණාරත්න මහතා සමග මාධ්‍යවේදියකු කළ සම්මුඛ සාකච්ඡාවක් මම පසුව කියවූයෙමි.මා හට උගන්වන ලද මවිසින් සාක්ෂාත් කර ගත් දෙය වටා එහි යම් කොටස් කතා වී තිබෙනු මම දුටුවෙමි. මාධ්‍යවේදියෙකු අැසූ ප්‍රශ්න වලට ඔහු ගෙනහැර පාන ලද උදාහරණ ද වෙනස්ය. එකම දේ දෙතැනකදී දෙදෙනෙකුට ඔහු පැහැදිලි කළේ දෙවිධියකිනි. එනමුත් අන්තර්ගතය සාම්‍යයකින් යුක්තව තිබුණි. උගැන්වීමේදී පැහැදිලි කිරීම් කරන නමුත් යමක් පැහැදිලි කිරීම උගැන්වීමක් නොවන්නේය. මාධ්‍යයට ඔහු විසින් යමක් පහදා දීමක් පමණි එහිදී සිදු වූයේ. මාධ්‍යවේදීන්, රසිකයින් අරබයා යමක් යමෙකු විසින් පැහැදිලි කරනු ලබන්නේනම් ගුරුවරයා යමක් ශිෂ්‍යයකු වෙනුවෙන් සාක්ෂාත් කරවීමට ක්‍රියා කරන්නේය. සාධනය කරවීම යනු ද මේ යටතට ම ගිනිය හැකි යෙදුමකි.
ගුරුවරයා යන්නෙහි ස්වරූපය විවිධාකාරය. විෂය ක්ෂේත්‍රය අනුව, රටක පවතින දේශපාලන ක්‍රමය අනුව, ගුරුවරයා ක්‍රියාත්මක වන්නේ ලබ්ධියක් තුළ නම් ලබ්ධියේ විශ්වාසයන් අනුව, අැකඩමියක් නම් අැකඩමික නියමාවලීන් අනුව, එ් එ් ගුරුවරයාගේ චරිත ලක්ෂණ අනුව ද ගුරුවරයාගේ භූමිකාව වෙනස් වන්නේ ය. ශ්‍රී ලංකාව තුළ පාසල් ගුරු භූමිකාව ඉමහත් පරිවර්තනයකට ලක් වීමේ එෙතිහාසික වැදගත් ම අවධිය චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයයි. එතෙක් තිබුණු ‘ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම’ වෙනුවට ‘සිසු කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලි සම්පාදනය’ ගුරුභූමිකාවේ විෂය පථය බවට පරිවර්තනය විය. ගුරු කෙන්ද්‍රීය ඉගැන්වීමේදී ශිෂ්‍යයා මොනවත් දන්නෙ නැති අයකු ලෙස සළකා ඉහළ සිට පහළට දැනුම පොම්ප කිරීමකි සිදු වන්නේ. ගුරුවරයා යන්න දිව්‍යමය වීමක් මෙහිදී සිදු වේ. ශිෂ්‍යයා විසින් ගුරුවරයාගෙන් කුමක් සාක්ෂාත් කර ගනු ලැබුවද සාක්ෂාත් කර ගන්නා ලද දෙය භාවිතයට යෙදවීමේදී සෑම විටම ගුරුවරයාගේ අණු දැනුම මත ශිෂ්‍යයා පාලනය වීමත්, ශිෂ්‍යයා පූර්ණ ලෙස ස්වාධීන නොවීමත් ගුරු කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රමයේ කැපී පෙනෙන දෝෂය ය. උගන්වන දේ කටපාඩම් කොට ගුරුවරයා සතුටු කිරීම, විභාග ඉලක්කය මත අධ්‍යාපනය ලැබීමට පෙළඹීම මෙහි තවද අතුරු ඵල ය. ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රමය යල් පැන ගිය ඉගැන්වීම් ක්‍රමයක් බව බොහෝ අධ්‍යාපනඥයන්ගේ මතයය. නව සිසු කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රමයේදී ඉගෙනුම් පරිසරය නිර්මාණය කොට ශිෂ්‍යාට ඉගෙනීමට සැළැස්වීම ගුරුවරයාගේ කර්තව්‍යය ය. මේ සදහා කේවල සහ කණ්ඩායම් ව්‍යාපෘති, ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම්, සාකච්ඡා, වැඩමුළු, කදවුරු, කෂේත්‍ර චාරිකා, ක්ෂේත්‍ර අධ්‍යයන පැවරුම්, අන්තර්ජාල පරිහරණය අාදී....ඉගෙනුම් උපකරණ සංවිධානය කිරීම ගුරුවරයාගේ ප්‍රධානතම රාජකාරියය. ගුරු - සිසු සම්බන්ධය දුරස් වන ශිෂ්‍යයා ගුරුවරයාට ගරු බුහුමන් නොකරන ක්‍රමයක් ලෙස සළකා මේ ගැන පාසල් ගුරු ප්‍රජාවට අැත්තේ නොසතුටකි. ගරු බුහුමන් ලැබීමේ අාශය වැඩවසම් චින්තනය හා බැදී පවතින්නකි. මාගේ හැගීම නම් ගුරුවරයා හා ශිෂ්‍යයා අතර වඩාත් හොද සම්බන්ධයක් අැති වන්නේ නව ක්‍රමය මගින් බවයි. මෙහිදී ගුරුවරයාට ගුරුවරයකු වීමේ රාජකාරියෙහි ම පමණක් නියලීමට සිදු වේ. දැනුම සහ ශිල්ප විධි යාවත්කාලීන කර ගැනීමට ඔවුනට සිදු වන්නේය. මෙම ක්‍රමයට අකමැති වන්නේ ශිෂ්‍යයා ඉදිරියේ තමන්ගේ තරම පරීක්ෂා වීමට බියක් දක්වන අදක්ෂ ගුරුවරුන්ය.අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ මේ ක්‍රමය හා එකට ගැට ගැසී අැත්තේ ද වෙනස් අාකාරයකිනි. පෙර ඉගැන්වීම් ක්‍රමය යටතේ පාසල දැනුම ලබා දෙන අායතනයක් ලෙස අර්ථ නිරූපණය වූ අතර මෙම නව ඉගැන්වීම් ක්‍රමය යටතේ පාසල යනු ශිෂ්‍යයා තුළ නිපුණතා අති කරවන අායතනයක් වන්නේ ය. නිපුණතා යනු දැනුම, කුසලතා හා අාකල්ප යන තෙවදෑරුම් සාධනයන් සදහා භාවිතය සදහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ භාවිතයට ගන්නා යෙදුමයි.
ඉගෙනුම් පරිසරය නිර්මාණය කිරීම ගුරුවරයාගේ රාජකාරිය වන නිසාවෙන් ගුරුවරයා සම්පත් දායකයකු, කථිකාචාර්යවරයකු , සම්පාදකයකු අාදී ලෙස ගුරු භූමිකාවේ උරුමයන්ගෙන් පිටමං වන බවක් බැලූ බැල්මට පෙනුන ද එය එසේ නොවේ. ගුරුවරයා පාඩමකට අදාලව ශිෂ්‍යයා අරබයා නිපුණතා අැති කරලීමට කටයුතු කළද පාඩමෙන්, පන්ති කාමරයෙන්, පාසලෙන් එපිට තම නිවස හෝ සමාජය දක්වා පරාසයක ශිෂ්‍යයා අරබයා වගවීමක් උසුලන්නේය. තම නිවසේ, පාසල් පරිසරයේ හෝ සමාජයේ පීඩාකාරී ප්‍රශ්නයක් හේතුවෙන් ශිෂ්‍යයා තුළ වන අකර්මණ්‍යතාවන් ශිෂ්‍යාගේ පෞරුෂයට හානි නොවන ලෙස ඔවුනගේ අාත්ම ගරුත්වය රැකෙන පරිදි යථා තත්වයට ගැනීම අාදී ක්‍රියාන්විත භාවිත කිරීම ද පාසල් ගුරුවරයාගේ රාජකාරියේම කොටසක් වන්නේ ය.සැබෑවටම පාසල් ගුරුවරයා ශිෂයයා අරබයා පාසලට වග වනුයේ හුදෙක් ශිෂ්‍යයාගේ පාසල තුළ දිවි පැවැත්ම සම්බන්ධයෙන් ම නොවේ ය. අනපේක්ෂිත තීරණාත්මක ප්‍රශ්නයකදී ඊට ලක් වූ ශිෂ්‍යයා ගැනත් ප්‍රශ්නය ගැනත් සාධාරණ වූ මැදිහත් වීමක් කිරීමට ගුරුවරයාට සිදු වන්නේ ය. ශිෂ්‍යාගේ ඉගෙනුම් ක්‍රියාවලිය කඩාකප්පල් වීමට බලපාන ප්‍රශ්න වේනම් හැකිතාක් දුරට රාජකාරීයේ සීමාව තුළ හදුනා ගෙන ඊට පිළියම් දිම ගුරුවරයකුගේ වගකීමකි. ගුරූපදේශ අත්පොත් තුළ පාඩමෙන් පාඩමට ද තමන් නියලෙන විෂය මාලාව අරබයා ද නිපුණතා සාධන අරමුණු අැත. එමෙන්ම අධ්‍යාපනයේ පොදු අරමුණු ද අැත. මේ සියල්ලෙහි එ්කාබද්ධතාව පිළිබද තක්සේරුවක් ගුරුවරයාට තිබිය යුතු වන්නේ ය. අනපේක්ෂිත උපද්‍රවයකදි ස්ථාවර හැගීමක් අැති කර ගත හැකි පුරවැසියකු බිහි කිරීම, අනෙකා තේරුම් ගැනීමට අදාල සන්නිවේදන නිපුණතාවෙන් හෙබි පුරවැසියකු බිහි කිරීම, රටට බරක් නැති කුමන හෝ හසුරු කුසලතාකින් යුතු පුරවැසියකු බිහි කිරීම අාදී අධ්‍යාපනයේ පොදු අරමුණු ප්‍රකාරව තම වෘත්තිය හසුරවීම ගුරුවරයාගේ භූමිකාවේ ම කොටසකි. ගුරුවරයාගේ භූමිකාවේ බැරෑරුම්කමේ හැටියට ගුරුවරයාට සයිඩ් බිස්නස් කිරීම, අපක්ෂපාතී පොදු බවට හානිකර වූ අගතීන්හි පැටලීම, දැනුම හා ශිල්ප විධි යාවත්කාලීන කර නොගැනීම, තම අාදායමට සරිලන දිවි පැවැත්ම වෙනුවට කෘත්‍රීම මවාපෑම් සහිත අැවතුම් පැවතුම් නඩත්තු කිරීම අාදියෙන් ගුරුවරයා මිදිය යුත්තේ ය. වර්තමානය වන විට ඔ්නෑම කෙනෙකුට ලෙහෙසියෙන් අැතුළු විය හැකි රැකියාව බවට පත්ව අැත්තේ එම රැකියාවයි.
ගුරුවරයා හා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා අතර වෙනසක් අැත්තේ ය. කථිකාචාර්යවරයා පුද්ගලිකව ශිෂ්‍යායා තුළ පවතින ප්‍රශ්න වලට මැදිහත් නොවන්නේය. කථිකාචාර්යවරයා මගින් අධ්‍යාපනය ලබන්නා පුරවැසියකු හැටියට ලැබිය යුතු පුරවැසි දැනුම, යමක් සාක්ෂාත් කර ගැනීමට අදාල දැනුම නොලබන්නෙකි. පාසල මගින් පුරවැසියකු බිහි කරයිනම් විශ්ව විද්‍යාලය මගින් බිහි කරනුයේ විද්‍යාර්ථියෙකි. කථිකාචාර්යවරයා වෘත්තියෙන් කථිකාචාර්යවරයකු වූවද ඔහුද විද්‍යාර්ථියෙකි. විද්‍යාර්ථියා සෑම විටම ක්‍රමවිද්‍යාවන්ට අනුකූලව දැනුම සාක්ෂාත්කරණයට පිටුබල සපයන්නෙකි. විද්‍යාර්ථියෙකුට සෑම නිමිත්තක් ම, ප්‍රශ්නයක් ම, පුද්ගලයෙක් ම ‘සාධකයකි’. පොදුජන සමාජය ‘ග්‍රීස් යකා’ යන්න උකහා ගන්නා අාකාරයෙන් විද්‍යාර්ථියෙකුට එය උකහා ගත නොහැකිය. එමෙන් ම පොදුජන සමාජය ‘ත්‍රස්තවාදියා’ යන්න උකහා ගන්නා තැනින් විද්‍යාර්ථියෙකුට එය උකහා ගත නොහැකි ය. ‘පැණියා’ ‘ගල්කාරයා’ ‘අපතයා’ ‘බඩුකාරයා’ ‘බේබද්දා’ මේ සෑම පොදුජන ව්‍යවහාරයක් ම විද්‍යාර්ථිකයකුට සාධකයකි. ප්‍රභාකරන් කෙනෙකුට ත්‍රස්තවාදියකු වන අතර තවෙකුට විමුක්තිවාදියෙකි. ප්‍රභාකරන්ගේ බිරිද මදිවදිනීට ඔහුව අසිරිමත් අාදරවන්තයකු ද විය හැකිය. විද්‍යාර්ථියෙකුට ප්‍රභාකරන් යනු සාධකයකි. සාධකයක් යනු විශ්ලේෂණය සංස්ලේෂණය,අර්ථ නිරූපණය, පිණිස භාවිතයට ගන්නා අපක්ෂපාතී වූද අගතිගාමී නොවූද විෂයමානයකි. ප්‍රභාකරන්ගේ පරාජය අබියස සෝක වීමට ද මහපාරේ දමාගෙන කිරිබත් කෑමට ද විද්‍යාර්ථියෙකුට නොහැකි ය. පාසල් ගුරුවරයකු මෙබදු ප්‍රශ්න කළමණාකරණය කරනුයේ වෙනත් ක්‍රමයකිනි. ක්‍රම විද්‍යානුගතව ප්‍රශ්නයක් සාධකයක් හැටියට ගෙන විශ්ලේෂණාත්මක දැනුම ලබා දීම පාසල් සිසුන් පසු වන වයස් සීමාව අනුව කළ නොහැක්කකි. එය පාසල් අධ්‍යාපනයේ විෂය පථය ද නොවන්නේ ය. එහෙත් ගුරුවරයා විසින් ශිෂ්‍යයා අගතිගාමිත්වයේ අන්තයන් කරා යමින් පිරිහීමට ඉඩ නෙතැබීමට තම නැණ පමණින් කටයුතු කිරීම ගුරුවරයාගේ භූමිකාව වන්නේය. ගුරුවරයා අධ්‍යාපනයේ අරමුණු සහ විෂය අරමුණු මත ක්‍රියාමය වන්නෙකි.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා ද ගුරුවරයකු හැටියට වැඩ කරන අවස්ථා ද අැත. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු වැඩි ප්‍රමාෙණයකින් සිදු වන්නේ ගුරුවරයාගේ රාජකාරියක් ය යන්න මගේ අදහසය. අැතමෙකුගෙන් එයවත් ඉෂ්ට නොවේ. මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු කතා කරන අාකාරයන් නිරීක්ෂණය කිරීමෙන් මෙය වටහා ගත හැකිය.සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බොහෝ අය කතා කරනුයේ අැගෙන් ය.මා එය එ් හැටි වරදකැයි නොසිතන නමුත් මා එය ප්‍රශ්නයක් කර ගනුයේ එම අායතනයේ නම ‘සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය’ ලෙස නම් තබා අැති නිසාවෙනි.
චිත්‍ර-මූර්ති-නැටුම්-සංගීත අාදී අාවේදන විෂයමාලාවට අයත් විෂයයන්ට අදාල ගුරු භූමිකාව තේරුම් ගැනීම තරමක් දුෂ්කරය. මේවා නිර්මාණාත්මක විෂයයන් වන නිසා බොහෝ ගුරුවරු අගතිගාමී වන්නේය. ඔවුනතුරෙන් සමහරෙක් යමක් සාක්ෂාත් කරලීමට උත්සාහ දරන්නේ මුත් හිතා මතාම ගුරුමුෂ්ටි තබා ගන්නේ ය. මේ හා සමානව මෙම තත්වය අැති විෂයයක් වන්නේ සටන් කලාවය. තමන් දන්නා දේ යමකු වෙනුවෙන් මුළුමනින්ම සාක්ෂාත් කරලූ විට ගුරුවරයා අනාරක්ෂිත වන්නේය නැතහොත් හිස් වන්නේය යන සිතුවිල්ලෙනි මෙය උපදින්නේ. එහි සත්‍යතාවක් අැත. සෞන්දර්ය විෂයයක් ගුරුවරයකු මාර්ගයෙන් කදිමට සාක්ෂාත් කර ගත්, ගුරුවරයාද අතික්‍රමණය කොට ඉහළටම ගිය අයකු විසින් එ් සා විසල් නිර්මාණාත්මක ප්‍රවිෂ්ටයේ අතීත නිදාන කතාව වන ගුරුවරයා කව්ද යන්න හෙළි කළ ද එපමණක් නොව ඔහු හෝ අැය විසින් ගුරුවරයාට කොතෙක් ගරු සැළකිලි ද දැක්වුවද ගුරුවරයා වෙනුවෙන් එහි මිල තක්සේරු කළ නොහැක. නිර්මාණාත්මක විෂයයන් උගන්වන ගුරුවරයකු තමන් විසින් නිර්මාණාත්මක සන්තතීන් සාක්ෂාත් කරවනු වෙනුවට තමන් වඩාත් කැමති නිර්මාණකරණයට යාමට ය. මයිකල් අාන්ජලෝ වඩාත් ප්‍රසිද්ධ කලාකරුවකු හැටියට මිස කලා මාස්ටර් කෙනෙකු හැටියට නෙවේ. නිර්මාණ කරනු වෙනුවට නිර්මාණයට අදාල නිපුණතාව සමාජයට සාක්ෂාත් කරවන ගුරුවරයෙකුගේ භූමිකාවට අාන්ජලේ උෟණනය වුනේ නම් ලෝකය තුළ අප දකින ‘මයිකල් අාන්ජලෝ’ කෙනෙක් නැත. නිර්මාණාත්මක විෂයක දිග පළල දන්නා අයකු වඩාත් අාශා කරනුයේ උගැන්වීමට වඩා නිර්මාණකරණයෙහි නියලීමට ය. මේ දෙකින් නිර්මාණකරණය යනු එක්තරා අාකාරයක මෙෙථූන්‍යයකි. සාමාන්‍යයෙන් පෘතග්ජනයන් වඩාත් කැමති මෙෙථූන්‍යයට ය.නිර්මාණාකරණය නම් මෙෙථූන්‍ය අාශය කැප කොට සිසු පරම්පරාවක් වෙනුවෙන් ඊට අදාල දැනුම සාක්ෂාත් කරවන එවැන්නකු කරනුයේ පරිත්‍යාගයකි.. තම අාශාව කැප කිරීම යනු පරිත්‍යාගයකි.චිරන්තන ගුරුකුල වල ගුරුවරයා ‘ගුරුදෙවියන්’ ලෙස බුහුමන් ලබන දිව්‍යමය භූමිකාවක් වන්නෙ මෙනිසා ය. නිර්මාණාත්මක විෂයයන් උගන්වන ගුරුවරයකුගෙන් නිපුණතාවන් සාක්ෂාත් කර ගන්නා හැමෝම ගුරුවරු වීමට බලාපොරොත්තුවක් නැත. දැනුමෙහි නිලය හරියට ලබා ගත් අයකු ගුරුවරයකු නොවී නිර්මාණකරුවකු හැටියට වෘත්තීය අනන්‍යතාව තහවුරු කර ගත් විට එය එතැනින් පුද්ගලයකු මත නතර වනු අැත.තම නිර්මාණාත්මක අාශය කැප කොට උගැන්වීමෙහි නියලෙන ගුරුවරයකු වඩා බලවත් දේ කැප කොට තිබියදී තම නාමය වෙනුවෙන් මේ වගේ ප්‍රශ්න ගැන උනන්දු වන්නේ නැත.තමන්ගෙන් ඉගෙන ගන්න කෙනා අනාගතයේ කව්රුන් වුවද එ් ගැන නොසිතා අනාගතය පුරෝකතනය කොට ඊට ඊර්ෂ්‍යයා කිරීමටමට නොයා වෘත්තීය අචාර ධර්ම අනුගතව තම භූමිකාවේ රාජකාරියෙහි නියලීමට පමණක් හිත හදා ගත හැක්කේ දුර්ලබ කෙනෙකුට ය. මට හමු වූ ගුරුවරුන් අතර සරත් වීරසිංහ යනු කලාකරුවකු හැටියට මගේ වෘත්තීය තථ්‍යාකාරයේ පෘථුල නිලයයකි. එපමණක් නොව මගේ ජීවන දෘෂ්ටියේ හැඩයෙන් වැඩි ඉඩක් ගන්නේ කලා මාස්ටර් සරත් වීරසිංහගේ ජීවන දෘෂ්ටියෙන් අතිපිහිත වූ යම යම් දේවල් ය. ප්‍රේමයත් එ් වගේ ම විවාහ සංස්ඵාවෙත් ලය කලා මාස්ටර් සරත් වීරසිංහගේ ජීවන දෘෂ්ටියෙ ලයට බර ය. උදාහරණයකින් කියනවානම් කලා සමාජයට අැතුලත් වීමට කොළඹ ස්ථාවර විය යුතු යැයි සිතූ පිරිමින් බහුතරයක් එ් සදහා කපටි ක්‍රියාවක් හැටියට කොළඹ ස්ත්‍රීන් යාළු කරගෙන විවාහ වී එහි පදිංචි වූහ. ( සැබෑ ප්‍රේමණීය බැදීම් අැති අයද නැතුවා නොවේ.) මාස්ටර් සරත් වීරසිංහ සරසවියට යන විට තිබූ පාසල් ප්‍රේමය දිවිය පුරාවට ම අාඩ්‍ය කොට මේ වන විට ලංව අැති සැදෑ සමය තෙක්ද අතිශය සුන්දර අයුරින් රැගෙන යමින් සිටින්නේ ය. ඔහුගේ සමාජ තත්වයට අසමාන ඔහුගේ බිරිද ඔහු ඔහුගේ ම ජීවිතයේ කඩා වෙන් කළ නොහැකි කොටසක් බවට පත් කරගෙන සිටින්නේ ය. ලංකාවේ පිරිමින් තුළ වන සුලබ අගතීන් ඔහු තුළ නැත.ජීවත් වීමට ගෙවල් දොරවල් අවශ්‍ය නමුත් ඔහු ගෙවල් දොරවල් හදන්න ජීවත් නොවුණේ ය. හැම දෙයක් කාලයට සමාන්තරව ගලා යන ජීවින ලයකින් ඔහුගේ ජීවිතය අලංකෘත වී අැත්තේ ය.
සරත් වීරසිංහ යනු නිර්මාණකරණයෙන් ඉදිරියට යා හැකිව තිබූ නිර්මාණාත්මක විභව්‍යතාවයෙන් අනූන මිනිසෙකි. එහෙත් ඔහු තම නිර්මාණාත්මක කුසලතාව තනිව ගොඩ නැගීම වෙනුවට සමාජය තුළ නිර්මාණාත්මක කුසලතාවයෙන් යුතු සුවහසක් මිනිසුන් ගොඩ නැගීම වෙනුවෙන් කැප කළේය. කලා සමාජයේ සංවිධානගත අශ්ලීල උප සංස්කෘතියක අනෙකාට එරෙහි හිසිටීරියා මූලයන්ගෙන් විකසිත යැයි සිතිය හැකි හිංසා පීඩණ යාන්ත්‍රණයකට මැදිව මගේ කලා ජීවිතය පීලි පැන තිබුණ යුගයක මට කොළඹ අතහැර පසුබෑමට සිදුවිය. ඔවුනගේ තර්ජනය වූයේද කොළඹ අතහැර යන ලෙස ය. කිසිදාක ගුරුවරයකු වීමට මා තුළ සිහිනයකිදු බලාපොරොත්තුවක් නොතිබිණ ද එම කාලයේ මගේ සිත ඒ වෙත අැදී යාමට ස්වයංසිද්ධ උත්ප්‍රේරණයක් සපයනු ලැබුවේ සරත් වීරසිංහ පිළිබද මතකයය. කැමැත්ත අකමැත්ත අතරේ දෝලනය වන දෙයකදී අවසානයේ තීරණයක් ගැනීමේදී මුල් වනුයේ අතීත මතක ගබඩාවේ වැඩි ඉඩක් ගන්නා සොදුරු මතකයන් ය. මම ගුරු සේවයේ පත්වීම් ලිපියට ක්‍රියාත්මක වීමට නොපැකිලව තීරණය කළෙමි. සරත් වීරසිංහ ගුරු නාමයට කෘතවේදීත්වය දැක්වීමට සිදු වුණ දේ හොද දෙයකැයි මම සිතූවෙමි. එය හිත හදා ගැනීමට මවිසින් මම ම රවටා ගැනීමකැයි ද විටෙක මට සිතෙන්නේ ය.කාලය සියල්ල නැවත වෙනස් කළේය. 2005 ගුරු සේවයට බැදුණු මම 2010 දී එමගින් ඉල්ලා අස් වූයෙමි. කලා මාස්ටර් සරත් වීරසිංහගෙන් මා උගෙන අැත්තේ පාසල් පන්ති කාමරයකදී නොව ප්‍රාදේශීය කලායතනයකදී ය. එ් කාල සටහනකට හෝ විෂය නිර්දේශයකට අනුව නොවේ. නමුත් කාල සටහනකට, විෂය නිර්දේෂයකට අනුව පාසල විසින් අප්‍රමාණ පහසුකම් සපයන වාස්තවිකයක් අැති පාසල් පරිසරයක මාස්ටර් වීරසිංහ විසින් කළ දේ මට කරන්න බැරි විය. ඔහුටත් වඩා එ් වෙනුවෙන් මම ලෑස්ති වුණෙමි. එහෙත් මට එය කරන්න බැරි වූයේ අැයි? එය අැග කිලි පොලා යන කතාවකි. වර්තමානයේ පාසල් තාප්පයට වැසී අැති අැත්ත කතාව මම සොයා ගත්තෙමි.එය මතුවට ගෙනහැර දක්වමි. ලෝක ගුරු දිනය යෙදී අැති අද දින මෙම සටහන සරත් වීරසිංහ ශ්‍රී නාමයට උපහාර පිණිස තබන්නට මට සිත් විය.
�Ѹ�\A�
Comments