පේන දේ සත්‍යය නොවේ 1.
- සුජිත් රත්නායක From Facebook
- Mar 10, 2019
- 3 min read
1. එයාගෙ මල්ලි විදියටම හැමදාම මට එදා වගේම ඉන්නද කියන්නෙ? ( මේ ප්‍රගීත් රත්නායක ප්‍රසිද්ධියේ මා වෙත එල්ල කළ චෝදනා පත්‍රයේ එකකට පිළිතුරු ය )
ප්‍රගීත් මම ගැන දන්නේ නෑ . නැත්නම් එයාට තේරිලා නෑ . මල්ලි කමෙන් මම එයාව ඉවත් කරලා අවුරුදු 30 කටත් වැඩිය්. මම එයාට අවුරුදු 30 ක තරම් මතක ඇති කාලෙක 'මල්ලී ' කියලා ආමන්ත්‍රණය කරලා නෑ . අපේ පවුලේ අය අදටත් එයාට 'සුදු ' කියලා කිව්වත් පවුල තුළ ත් සමාජය තුලත් මම එයාට ඇමතුවේ 'ප්‍රගීත් ' කියලා. එයා තමය් මට 'අය්යා ' කියලා කියන්නේ. ඒ කියන්නේ එයාටම නේ මගේ මල්ලි වෙන්න ඕන වෙලා තියෙන්නේ. එයා පොඩි ළමයෙක් නෙමෙය් මට පාලනය කරන්න. එයාට පුළුවන් මට අය්යා කියලා ස්වයන්ක්‍රීයව මල්ලි වෙන්නැතුව මට මගේ නම කියලා කතා කරන්න. එයා ඒ වෙනුවට මාව මගේ යාලුවෙකුට ලඟදි හඳුන්වලා දීලා තිබුනේ මගේ නම 'සුජියා ' හැටියට. ප්‍රගීත්ට අපේ අම්මා සහ තාත්තා උප්පැන්නෙට දීපු නම වෙනස් කරන්නේ නැතුව ප්‍රගීත් 'ප්‍රගීත් ' හැටියටම ස්වාධීන කරන්න එහෙමත් නැත්නම් එයාගේ ප්‍රව්රුශය සමාජය තුළ ඇති කරන්න මම එයාගේ නම ප්‍රගීත් හැටියටම උච්චාරණය කරන කොට ප්‍රගීත්ට අද හැකියාව ලැබිලා තියෙනවා මගේ නම 'සුජියා ' හැටියට තව කෙනෙකුට හඳුන්වලා දෙන්න. මගේ බිරිඳවත් මට ආදරේට 'සුජී ' ' සුජ්ජා ' ඔය විධියට කතා කරලා නෑ . මමත් ජානකී ට ' ජානි ' ඔය වගේ ආදරයට නම වෙනස් කරලා නෑ . එහෙම උනා කියලා අපි අතර ආදරය නැත්තෙ නැහැ . මම ප්‍රගීත්ට ප්‍රගීත් කිව්වත් ප්‍රගීත්ගේ ගොඩක් යාළුවො සන්නස්ගල, කපිල එම් ගමගේ ඔය වගේ ගොඩක් අය එයාට කියන්නේ 'ප්‍රගියා' කියලා . ඒ ආදරේට වෙන්න ඇති. එතකොට කව්රු හරි හිතාවි අපේ පුතාගේ නමවත් මම ආදරේට වෙනස් කරන්නැති දුෂ්ටයෙක් ද කියලා. නැහැ . කුමන තත්වයෙදීත් මම එයාට කියන්නේ එයාට අපි දමපු නම 'නිම්සඳු' කියලා ම තමය්.
මම අය්යා - අක්කා - ඇන්ටි - අංකල් කියලා කියන අය ඉන්නවා. ඒ අතර සමහරු ඉන්නවා මළපොතේ අකුරවත් බැරි අය . ඒත් මම එයාලට අය්යා ක්- අක්කා වගේ ආමන්ත්‍රණය කරන්නේ සිංහල සංස්කෘතිය තුළ එයාලා ඒක බලාපොරොත්තු වෙන නිසා. සමාජයේ ජීවත් වෙනකොට අනවශ්‍ය ආතතියක් මොකටද බලෙන් ගන්නේ. දවසක් මම අපේ කැම්පස් එකේ එවකට තිබුණ ශිෂ්‍ය අරගලයේ වැඩකට ප්‍රේමසිරි කේමදාස හම්බ වෙන්න ඔහුගේ ගෙදරට යනකොට එයා හිටියේ බඩ මැදින් සරම ඇඳගෙන හාන්සි පුටුවේ කකුල් දෙක උඩ තියාගෙන දෙන්නෙක් එක්ක කතා කරමින්. අපි එයත් එක්ක හිටගෙන කතා කෙරුවට එයා කකුල් දෙක පහළට ගත්තේ නෑ . ''අර මිනිහගේ තියෙන උද්දච්චකම' කියලා අපි කේමදාස දිහා වපර ඇහින් බැලුවේ නැත්තේ එයා අපි ගිය අවශ්‍යතාවය ඉෂ්ට කරපු නිසා මිසක් අපි ගියේ කේමදාසගේ උද්දච්චකම මනින්න නොවන නිසා. දියුණු පර්යේෂකයෝ සමාජයේදී තමන්ට කතා කරන විධිය ගැන තකන්නේ නැහැ කොහොමටත්. මම පලංචි උඩ නැගලා චිත්‍ර අඳින වැඩබිම් වලදී ප්‍රධාන ඉංජිනේරුවා මට මචං කියලා කතා කරාට වැඩබිමේ කම්කරුවොත් හිතවත්කමට මචං , පකයෝ , බාස්සුන්නහේ , බ්රුෂ් ලී , කලා අය්යා ... ඔය වගේ විවිධ නම් වලින් කතා කරනවා. මට කොහොම කිව්වත් මට ඒවා අදාළ අදාළ නැහැ. හැබය් 'සුජිත් ' කියන මගේ නම 'සුජියා' , 'සුජ්ජා' වෙන එකට මම කැමති නෑ .එහෙම ආදරේට වෙනස් කරලා ආමන්ත්‍රණය කරන අය ඉන්නවානම් ඒ පරණ කීප දෙනෙක් විතරය්. ප්‍රගීත්ට 'ප්‍රගියා' කියන සන්නස්ගල මට කියන්නේ මගේ නම වන 'සුජිත්' ම තමය් . මම සන්නස්ගලට කියන්නෙත් 'සන්නා ' කියලා නෙමෙය් '[සන්නස්ගල' හෝ එයාගේ නමේම මුල් නම වන 'උපුල් ' කියන නම ම තමය්. ඒ හින්දා වෙන්න ඇති උපුල් සහ මම දුරස් . සන්නස්ගලට 'සන්නා' කියන ප්‍රගීත් සහ ප්‍රගීත්ට 'ප්‍රගියා' කියන සන්නස්ගල ජාඩිය ය් මුඩියය් වගේ සමීප මිතුරන් වෙලා තියෙන තර්කය දැන් පැහැදිලි වෙන්න ඕන.එතකොට ප්‍රගීත් මට දිගටම 'අය්යා' කියන එකෙන් එයාම ස්ව කැමැත්තෙන්ම වහලෙක් උනා විතරක් නෙමෙය් සහ ලඟදි යාලුවෙකුට මගේ නම ' සුජියා' හැටියට මගේ නම හඳුන්වලා දුන්නේ මගේ අති සමීප යාලුවෙක් වෙන්නද ? මට සරලව ප්‍රගීත්ට කියන්න තියෙන්නේ මෙච්චරය්. ඔයා මට අදින් පසු අය්යා කියන්න එපා! ඒ වගේම මගේ නම 'සුජියා ' හැටියට කාටවත් හඳුන්වලා දෙන්නත් එපා !! මට සුජිත් කියන්න.
Comentarios