top of page

S U J I T H R A T H N A Y A K E A R T
හැදින්වීම / Introduction


මගේ විෂය පථය දෘෂ්‍ය කලාවයි. මේ යටතට චිත්‍ර, මූර්ති, ග්‍රැෆික්, මුද්‍රණමය නිර්මාණ, ස්ථාපන කලා අාදිය අයත් වෙයි. මේවා වෙන වෙනම ද සම්මිශ්‍රණයෙන් යුතුවද අවශ්‍යතාවේ හැටියට මම භාවිතයට ගනිමි.දෘෂ්‍ය කලා ඉතිහාසය තුළ විවිධ ශෙෙලීන්, අාකෘතීන් යටතේ කලින් කලට යාවත්කාලීන වන ක්‍රියාවලීන් හැටියට මේ විෂය පවතියි. දෘෂ්‍ය කලාව නිදහස් කලා නිර්මාණ හැටියට ද අැණවුම් ප්‍රකාරව කරනු ලබන ව්‍යවහාරික කලාවක් හැටියට ද දෙයාකාරයක් උසුලයි.මම මගේ දිවියෙන් සැළකිය යුතු කොටසක් නිදහස් කලා නිර්මාණ සදහාද තවත් කොටසක් ව්‍යවහාරික කලා නිර්මාණ සදහාද මිඩංගු කොට අැත්තෙමි.
මගේ දිවියේ සුහුඹුල් අවධිය මුලුමනින්ම පාහේ ව්‍යවහාරික කලා කටයුතුවලින් පිරී තිබිණ.මාගේ පියා ප්‍රාදේශීය ව්‍යවහාරික කලා ශිලිපියෙකි. ඔහු නමින් විලී රත්නායක ය. කුඩා කල සිටම මම ඔහුගේ කලා ශිල්ප කටයුතු වලට සම්බන්ධ විය. එවකට ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය නොතිබුණ නිසාවෙන් සිනමා කටවුට් හැටියට සිනමා පටයේ චරිත සිතුවම් අැසුරින් නිර්මාණය කෙරිණ. මාගේ පියා මේ කටයුත්ත සදහාඅගුණකොළපෑලැස්ස 'හස්ති' සිනමා ශාලාවේත් අම්බලන්තොට 'සාලිය' සිනමා ශාලෘවෙත් සිනමා කටවුට් ශිල්පියෙකු ලෙස සේවය කළේය. අගුණකොළපෑලැස්ස හස්ති සිනමා ශාලාවේ සේවය කරන කාලය මා වයසින් කුඩාය. එම කාලය ගැන අැත්තේ මට යාන්තමට බොද වූ ඡායාවක් තරම් දෙයකි.මාගේ පියා අම්බලන්තොට සාලිය සිනමා ශාලාවේ වැඩ කරන කාලය තුළ වයසින් කුඩා වුවද හැකි තරමින් මම ඔහුගේ වැබඩ වලට ඔහු මා සම්බන්ධ කර ගත්තේය.අැතැම් චරිත එ්කවර්ණ ශෙෙලියෙන් ද වර්ණයෙන්ද පියා විසින් කටවුට් සදහා සම්පිණ්ඩණය කෙරීය. සම චතුරශ්‍රාකාර කොටු දැලක් අනුසාරයෙන් පින්තූරක් විශාලනය කොට එය බලාගෙන පින්තාරු කිරීම මම මාගේ පියාගෙන් කුඩා කලදීම උගත්තෙමි.මීට අමතරව මගුල් පෝරු, පිරිත් මණ්ඩප, වෙසක් තොරණ, බැනර් පෝස්ටර්, පිළිගැනීමේ තොරණ්,අවමංගල්‍යෝත්සව වල කලා ක්‍රියාකාරකම් අැතුළු ප්‍රාදේශීය ජන ජීවිතයේ වඨවහාරික කලා ශිල්ප කටයුතු වල පියා නියලුණ අතර වෙලාවේ හැටියට සැළකිය යුතු තරම් ප්‍රමාණයක් වැඩවලට මා ද ස්වේච්ඡාවෙන් සම්මාදම් විය.

bottom of page