top of page

S U J I T H R A T H N A Y A K E A R T

මම කලාගාර වලට ගෙනැවිත් තබන කලාව සළකන්නේ එක පැත්තකින් මම මේ සමාජයට ප්‍රතික්‍රියා දක්වන මගේ ම වූ මාධ්‍යය හැටියට. අනෙක් අතට සමාජය තුළ ජිවත් වීමේදී මා වෙලා ගත් බරෙන් මා නිදහස් වීමට දැගලීමේ ප්‍රතිඵලය හැටියට. ඒ වගේ ම කාලය හරහා ගමන් කරන මගේ ත් සමාජයේත් පිළිබිඹුව හැටියට. ඒ නිසා අර බුදුන් / හෙරක්ලීටස් මිනිසෙකුට එක ම ගගකට දෙවරක් බහින්න බැහැයි කියල කිව්වා වගේ මම කරපු එක දෙයක් ආයෙ ආයේ කරන්න කව්රු හරි කෝටියක් දෙනවා ය කියලා කිව්වත් මට එය කරන්න බැහැ. කලාගාරයට ගෙනැවිත් තබන මගේ කලාව කියන්නේ මගේ ක්‍රියාවලියක්. !.
bottom of page