S U J I T H R A T H N A Y A K E A R T







'ක-ග-ජ' කලා මාලාව / 'Ka-Ga-Ja' Art series

People Sharing life together take each for granted. They do not see the changes that happen over time in their appearances, way of thinking or how they relate to each other. Not knowing or sensing these changes of others is obviously a lack. Is this ‘inability to know’ of such changes a result of one’s life being revolving around the axis all the time?One would realize this sameness and predictability in life when turning the pages of an photo album or a diary. The anxiety and loneliness one experiences in this exercise would encourage one to overcome this situation and connect with the tangible world. This whole experience gave me space to find a new language.What you saw in the ‘other’ saw in ‘you’ is not ‘you’ either, which was realized by ‘you’.
අද වගේ යුගයක අනන්‍යතාවය කියන්නේ පුහු සාටෝපවත් දෙයක් මිස අවියෝජනීය සැබෑ මිනිස් ගතිකයන් වල ප්‍රකාශනයක් නොවෙයි. එක්කෝ එය තමන් ම එන්නත් කරගත්තු එකක්. නැත්නම් වෙළඳපොළ / සමාජය විසින් උත්තරාරෝපිත ව පිහිටවනු ලැබූවක්.කෙනෙකුගේ වෙනස්වීම අනන්‍යතා අර්බුදයක්ද ? වෙනස්වීම තුළ නිදන්ගත ඒකාත්මිකතාවක් තියෙනවාද ? එය අනන්‍යතාවේ සන්දර්භ මාරුවීමක්ද ? නැත්නම් වේශනිරූපණාත්මක අසන්තතියක් ද? කලාකරුවකුගේ සන්දර්භයෙන් කෘතියට අදාල ව බැලුවම ඔහු / අැය තුළ අනන්‍යතාව කියන්නේ මොකද්ද? ශෛලිය ද ? කෘතිය නිමවීමට අදාල සිතීමද? නැතිනම් චිත්‍රය විෂයෙහි පිටතට ප්‍රකාශ කරන වචනයේ භාෂාවෙන් ස්වරූපනය වන පුද්ගල ස්වභාවය ද? එසේත් නැතිනම් මේ සියල්ලේ අවියෝජනීය සමස්තයද?............මා කළු වර්ණය මුල් කර ගත් ප්‍රකාශන කලා අාරකට අනුව යමින් කලා කෘති නිර්මාණය කළ අතර ‘අනන්‍යතාව’ යන්න මට සංකීර්ණ වන්න වූයේ වෙළෙද පොළ/සමාජය විසින් මා වට්ටෝරුගත කොට එහිම සීමා ගත කිරීමටත් හදුනා ගැනීමටත් පුරුදු වීමෙහි අාදීනව ය. අවසානයේ මා නිර්මාණාත්මක ව කළ යුතු දේ, ඒහි ස්වරූපය නැතහොත් මගේ ම අනන්‍යතාව මටත් වඩා සමාජයේ/වෙළෙද පොළේ සෞන්දර්ය රුචිකත්වය බවට සීමාමාරු වෙමින් වෙනස් වීමට අදාල මට හිමි ස්වාධීනත්වය කෙමෙන් කෙමෙන් ඔවුනගේ ක්ෂේත්‍රයක් බවට පත් වන අයුරු මට පසක් විය. කලා සමාජය මාගේ අනන්‍යතාවේ පරාසයට අැතුලත් කර නොගන්නා පරාසයක් සැබෑවට ම මා තුළ විය. ග්‍රාමීය පහළ මධ්‍යම පන්තික මූලයන් හා උරුමයන්ගෙන් යුතු අයකු හැටියට මා ඒ් හා බැදුණු ව්‍යවහාරික කලා ශිල්ප කටයුතු වළ ඒ් වන විට ද නියලුණ අයෙකි. මා කලාගාරයට එම පරාසය නොගෙනාවෙමි. ( මාගේ පියා ප්‍රාදේශීය කලා ශිල්පියෙකි.) මා තුළ වූ ව්‍යවහාරික ශිල්ප කලා කුසලතාව ද අැතුළු අැකඩමික කුසලතා ක්ෂේත්‍ර සමග එ් වන විට හිමිව තිබූ කලාගාර අනන්‍යතාව මුසු කොට එයද අයත් සෞන්දර්යයන් තුනක් සමෝධානගත කොට නැවුම් ඒ්කමාන සෞන්දර්යයක් ගෙන ඒ්මට මට සිත් විය. 'ක-ග-ජ' කලා මාලාව යනු එයයි. එක ම අතකින් විවධ ශෙෙලීන් විවිධ සන්දර්භ වල නිර්මාණය කිරීමේ මගේ ම වූ අවියෝජනීය සැබෑව කලා සමාජයට සම්මුඛ කොට සෞන්දර්යය යනු කුමක්ද යන්නට නව මානයක් සෙවීම මෙහි අභිලාෂය විය.
DOCUMENTARY



Sujith Rathnayake | Ka-Ga-Ja IV, 2001 | Mixed Medium | 40 x 60 cm 2015-9-26-0:35:13