S U J I T H R A T H N A Y A K E A R T


SLIDE SHOW
CLICK IMAGE
ලබ්ධියක කතාවක් කෘති මාලාව
ප්‍රවේෂය
( මෙම කලා කෘති මාලාව සදහා බලපාන ලද වස්තු විෂය/නිමිත්ත සැබෑ අද්දැකීමක් වන අතර මේ යටතේ එ් පීළිබදව කෙරෙන විස්තරය තුළ අචාර ධාර්මික හේතූන් මත ඊට අදාළ පුද්ගල සාධක නම් ගම් සහිතව විස්තර නොකරන බව කාරුණිකව සළකන්න. මේ සම්බන්ධ මුඛ්‍ය සාධකය මෙහි හැදින්වෙනුයේ X යන කේත අක්ෂරයෙනි )
මීට අදාළ වස්තු විෂය මාගේ අැතුලාන්තයට බලපෑම් සහගත ව දැනෙන්න ගත්තේ මා සෞන්දර්ය අධ්‍යයන අායතනයේ ශිෂ්‍යයකුව සිටි අවධියේ ය. මා සෞන්දර්ය අධ්‍යයන අායතනයට අැතුලත් වූයේ 1994 වන අතර ඉන් පිට වූයේ 2000 දී ය. මෙම කාලය තුළ 1997 දී පමණ මෙම කලා කෘති මාලාවේ වස්තු විෂය කලා නිර්මාණ ක්‍රියාවෙන් පරිබාහිර ව මගේ ම ජීවන අද්දැකීමේ කොටසක් හැටියට අැතුළු වන්න ගත්තා යැයි කීම මාගේ මතකය හැටියට නිවැරදි ය.එය අවසාන වශයෙන් 2004 දක්වා එය මගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කාල වකවානුවක් තුළ අඛණ්ඩ බලපෑමකට නතු වූ බව මගේ අදහස ය.
සෞන්දර්ය අධ්‍යයන අායතනයේ කථිකාචාර්යවරු අතර මැදි වියේ පසු වූ අවිවවාහක එක් අයකු ඔහු විසින් තම නිවස තුළ අායතනයේ උපාධි පාඨමාලාවට අැතුලත් ව සිටි සිසුන් පිරිසක් සමග එකට දිවි ගෙවූ අතර මා ද එහි ඉදහිට යාම් ඊම් කරන්න විය. මේ කථිකාචාර්යවරයා සම්බන්ධයෙන් අාකර්ශනීය වූද ගෞරවණීය වූද ලෙන්ගතු වූද විශ්වසනීය වූද හැගීමක් මෙම සිසුන් තුළ වූ අතර මා තුළ ද එ් හා සමාන හැගීමක් පසුකාලීනව අැති වන්න විය. මෙම කථිකාචාර්යවරයා කලා ඉතිහාසය ඉගැන් වූ අතර ඔහු පුරා විද්‍යාඥයකු මෙන් ම කලාකාරයකු හැටියටද ප්‍රදර්ශන පවත්වන අයකු විය.
ඔහුගේ කලා මාවත එවකට ක්‍රියාකාරී සමකාලීන කලාකාරිනියක හැටියට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා සිටි බෙල්ජියම් ජාතික උරුමයක් සහිත සස්කියා පෙන්ටලොන් ගේ අධිපතිවාදී කලා මාවතට ප්‍රතිපක්ෂ කලාවක් හැටියට තිබුණු අැයගේ කලාවට තරමක් සමාන වූ නමුත් අැයගේ කලාවට වඩා එවකට සෞන්දර්ය අධ්‍යයන අායතනය තුළ කතාබහට ලක් වූයේ මෙම කථිකාචාර්යවරයාගේ කලාවයි. වින්සන්ට් වැන්ගෝ, පිලිප් ගස්ටන්, රූසා, ජෑන් ඩුබීෆිට්, ජෝර්ජ් බැසිලිට් අාදී කලාකරුවන්ගේ කලාව මෙන් අාත්ම කේන්ද්‍රීය ප්‍රකාශනවාදී කලා ධාරවන් සමග සැසදෙන ලක්ෂණ සහිත වූ ඔහුගේ කලාව ඔහුට අාවේනික ලක්ෂණ වලින් එක්තරා අාකාරයකට සුවිශේෂ වී තිබුණේ ය.
විස්තර කථන වලින් තොර පූර්වජ කලාවන්හි රූප ස්වභාවයන්ගෙන් යුක්ත වූවා වූද..........නලියනවා බදු ප්‍රකාශන දෘෂ්‍ය මාධූර්යයන්ගෙන් යුක්ත වූවා වූද.......... අඩු-වැඩි වශයෙන් වෙනස් වුවත් කහට හුරු මඩ පාට - කලු - සුදු - කුණු ලේ පාට - ගොම පාට යන දුර්වර්ණ වර්ණ පටිපාටියක අනුහසින් යුක්ත වූවා වූද.......... සෝකී සහ කණස්සලුසහගත ප්‍රකාශන ගුණයකින් මලානික වූවා වූද.......... සුලබ වශයෙන් පුරුෂ රූප නිරූපණයෙන් යුක්ත වූවා වූ ද.......... ලලාස්‍ය මානව රූප වෙනුවට සුලබ වශයෙන් තාණ්ඩවරූපී මානව දේහ නිරූපණයන්ගෙන් යුක්ත වූවා වූද.......... මානව රූප උග්‍ර විකෘති කිරීමකට බදුන් කොට එනම් බෙල්ල අසාමාන්‍ය ලෙස දික් කිරීම, එය අැඔරවීම, අත් පා එලෙසම විසුළුසහගත විකෘතියකට ලක් කිරීම, පුරුෂ ලිංග අසාමාන්‍ය ලෙස මතු කිරීම, එමෙන් ම අසාමාන්‍ය ලෙස එ්වා දික් කිරීම, අඹරවා දැමීම, එහි තථ්‍යාකාරය විසුළුසහගත කිරීම, පුරුෂ රූප වල මුහුණු අදුනා ගත නොහැකි අාකාරයට දුර්වර්ණ කොට විටෙක පූර්ණ වශයෙන් ද විටෙක අර්ධ වශයෙන් ද වසා දැමීම, විටෙක අැස් උගුල්ලා දැමූවා සේ අැස් නිරූපණය කොට දැක්වීම අාදී විරූපී රූපකරණයෙන් අාඩ්‍ය වූවා වූ ද......... විටෙක ප්‍රාණවත් ව අඛණ්ඩ රට්ඛාවෙන් ද විටෙක බෙලහීන කඩ ඉරි වලින් යුක්ත වූවා වූද.........නූගත් අවර වරප්‍රසාදිත හෝ පාදඩ ජන සමූහයන් භාවිතයට ගන්නා පාෙදු වැසිකිළි, පෝලිම් ගැසෙන තැන් වල බිත්ති, හොස්ටල්-සිර ගෙවල් බිත්ති අාදියෙහි චිත්‍රණයෙහි අාධුනික කම නොතකා නෙෙසර්ගිකව අැතමුන් විසින් අසරණ විලාසයෙනුත් එමෙන් ම අැතැමකු විසින් සැගව ප්‍රහාරාත්මක ප්‍රතිචාර මාධ්‍යයක් හැටියට තබන ලද සමච්චල් සහගත වූ චිත්‍රණ ප්‍රතිචාර ක්‍රමයක් වන ඔවුනගේ කුරුටුබලි වල ලක්ෂණයන්ගෙන් යුක්ත වූවා වූද......අදෝනා නැගීම, විලාප නැගීම,දුර්මුඛ වීම වැනි පුරුෂ රූප නිරූපණයෙන් යුක්ත වූවා වූද..........සංස්කෘතික සමාජයයන් තුළ පුරුදු පුහුණුවට ලක් වූ මානව ඉරියව් වලින් පරිබාහිර අශ්ලීල ශෘංගාරයෙන් අාඩ්‍ය වූ මානව රූපයන්ගෙන් යුක්ත වූවා වූද........අසම්පූර්ණ චිත්‍රණයන්ගෙන් යුතු එක මත එක උලා දමන ලද තෝරා බේරා ගත නොහැකි චිත්‍රමය ස්ථර ගණනාවකින් යුක්ත වූවා වූද......... එකම විට කතා රාශියක් කියන්නට උත්සාහ දරනවා බදු වූවා වූද......... හදුනා ගත හැකි රූප අතර හදුනා ගත නොහැකි, කියවිය නොහැකි ගුප්ත වූ රූප සහිත නිෂ්චිත අර්ථයකට ගෙන අා නොහැකි විසුරුණු අර්ථයන්ගෙන් අර්ථ විරහිත වූවා වූද......... සතුට,සශ්‍රීකත්වය යන්නෙහි ප්‍රතිපක්ෂය හැටියට හුදෙකලාව,වේදනාව, මුස්පේන්තුව, කිළිටිසහගත බව, කටෝරබව, ජුගුප්සාසහගතබව, උදාසීන බව, වියරු බව, ජනනය කරන්නා වූද......වර්ණ පදාස හා ගොඩ ගසා පටලවන ලද කියවිය නොහැකි විපිළිසකර චිත්‍රමය නිමවුම් තුළ වරදකාරී හැගීමකින් සැගවීමට උත්සාහ කරනවා බදු අසරණ අසම්පූර්ණ පුරුෂ රූපයක් අතරින් පතර චිත්‍ර තුළ ඉබේටම මෙන් පින්තාරු වූවා වූද........ තමාගේ ම රුවෙහි තථ්‍යාකාරයට සමාන මානව රූපයක් කෘෘර විකෘතියකට ලක් කොට විටෙක පුදසුනක් බදු දෘෂ්‍යමය නිමවුමක් තුළ තබා එය දිව්‍යමය කරනු ලැබූවා වූද......එම රූපය හිදි බුදු පිළම වල, ශිව පිළිම වල තථ්‍යාකාරයන් සමග සූක්ෂමව එක එල්ලේ අදුනා ගත නෙහැකි අාකාරයට අතිපිහිත තථ්‍යාකාරයකින් විරාජමාන කළා වූද.......විටෙක පිටුවහල් කළ සෝකී වීරයකු පරිද්දෙන් චිත්‍රයේ නොවැදත් තැනක සෙසු රූපයන්ගෙන් විනිර්මුක්තව කඩා වැටී හුදෙකලා වූ අවශේෂ චරිතයක් පරිද්දෙන් පිළිබිඹු කළා වූද..... අතිශය සංකීර්ණ බෙලහීන මළ සෞන්දර්යයකින් මානව විදවීම් කලාපය ස්පර්ෂ කරනවා බදු ඔහුගේ කලාව සෙසු කලාවන්ගෙන් කැපී වෙන් වී පෙනිණ.
මෙම කලා මාවත ගැන එවකට අාචාර්ය මණ්ඩලයේ සැළකිය යුතු බහුතරයකගේත් සැළකිය යුතු සිසුන් බහුතරයකගේත් පොදු අදහස වූයේ චිත්‍ර අදින්නට හැකියාවක් නැති දුර්වලයකුගේ වැඩ බව ය. එහෙත් එම අදහස උක්ත කථිකාචාර්යවරයා අභිමුඛ ව පැවසීමට කිසිවෙකුවත් නිර්භීත නොවූහ. ඔහු කථිකත්වයෙහි දක්ෂයකු වූ අතර ඔහු යුරෝපීය කලා ඉතිහාසයෙන් විවධ උදාහරණ ද විශේෂයෙන් අාසියානු කලා ඉතිහාසයෙන් විවිධ උදාහරණ ද ගෙන තම කලා මාවත ගැන තර්ක කළ අතර කිසිවෙකුටවත් එය තව දුරටත් ප්‍රශ්න කිරීමට නොහැකි වන ලෙස ඔහු ඔහුගේ කලාව විශේෂයෙන් 83 කළු ජූලියත් 88-89 භීෂණ සමයෙත් සමාජ උරුමය වෙනුවෙන් දායාද වූ දේශීය සමාජ-සංස්කෘතික උරුමයක සමකාලීන ස්වදේශීය ප්‍රකාශනයකැයි අතිශය හැගීම්බරව තර්ක කරන්න විය. ඔහුට අභියෝග කිරීමට කිසිවෙකුවත් නොසිටි අතර කෙමෙන් කෙමෙන් ඔහු ශිෂ්‍ය ප්‍රජාව තුළ ජනප්‍රිය වන්න විය. අාචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හැටියට ඔහුගේ කලා මාවත ගැන කිසියම් වූ උනන්දුවක් දැක්වූයේ චන්ද්‍රගුප්ත තේනුවරත් සරත් චන්ද්‍රජීව යන කථිකාචාර්යවරුන් දෙදෙනා පමණි. ඔවුන් එ් ගැන උනන්දු වූ නමුත් ඔවුනගේ කලා ශෙෙලීන් කිසිදු අාකාරයකටවත් ඔහුගේ වගේ නොවීය.මා ඔහුගේ කලාව වින්දනය කිරීමට උත්සාහ ගත් අතර මා එ්වා ගැන සිතනු ලැබූයේ කුඩා ළමයකු පරිද්දෙන් වැඩිහිටියකු විසින් නිමවන ලද නිර්ව්‍යාජ කලා නිර්මාණ ක්‍රියාවක් හැටියට ය.එහෙත් කිසිදු විටෙකවත් වින්දනය කිරීම හැර එම මාවත මාගේ කලාව අරබයා අභ්‍යාස කිරීමට මට සිතක් නොවීය. ඔහු අාකාරයටම චිත්‍ර අදින්නට ගත් පිරිමි සිසුන් කිහිප දෙනෙකු වූ අතර එම අය ඔහු සමග අතිශය සමීප අැසුරක් පැවැත්වී ය. අැතමෙක් ඔහුගේ නිවෙස වෙත නිතර නිතර යන එන අය බව පසුව දැන ගන්න ලැබිණ. එ් අය සමග අායතනය තුළ එකට හුවමාරු කර ගනිමින් ඔහු සිගරට් බිව් අතර එය ශිෂ්‍ය ප්‍රජාව තුළ මුල් කාලයේ විස්මය උපදවන දෙයක් වූ නමුත් පසුකාලීනව එය සාමාන්‍ය දෙයක් විය. මොහු සමග සමීප සබදතාවන් පවත්වන සිසුන් අැතැම් සිසුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර අැතමෙකුගේ ගෞරවයට ලක් විය. ඔහු කලා ඉතිහාසයට අදාල දේශන වලදී එම සිසුන්ගේ කලා නිර්මාණ අැගයීමට ලක් කළ අතර එ්වා කලා ඉතිහාසය තුළ බහා ස්ථාන ගත කළ අතර එ් අනුව බොහෝ සිසුන් තම කලා නිර්මාණ කලා ඉතිහාසය තුළ බහා ඔහු ලවා ස්ථාන ගත කර ගැනීමට ඔහු පසුපස යන්න විය. ඔහු අතින් අැගයීමට ලක් වූ කලාව සදහා සෑම කලා අාරක් ම අදාල නොවූ අතර ඔහු විසින් අවධානයට ලක් කළ කලාව හැදින්වීමට වැඩි වශෙන් භාවාත කළ යෙදුම වූයේ ‘සමාජ කාංසාව’ යන වදනයි. එ් අනුව නාගරීකරණය, යුද්ධය, භීෂණ සමය යනාදී සමාජ සංසිද්ධි පාදකව සමාජ කාංසාව පිළිබිඹු වෙන තරම මත සමකාලීන කලාව යටතට කලා කෘති අැතුලත් වන්නෙ යැයි සිසුන් තුළ වූ අදහස විය. කලාව එලෙස සමකාලීන විය යුතු නැතැයි ද එවැනි අදහසක් කලාවට අදාල නැතැයි ද සිතමින් කලා කටයුතු වල නියලුණ සිසුන් සිටි අතර එ් අය ඉහත කථිකාචාර්යවරයා මුල් කොට ගත් ශිෂ්‍ය ප්‍රජාවේ තියුණු උපහාසයටත් ලක් වන්න විය.
ශිෂ්‍යයකු හැටියට අධ්‍යයන පාඨමාලාවේ නියලෙන ගමන් ප්‍රථම වසර සිට ම මම නිදහස් කලා නිර්මාණ කළෙමි. බාහිර විවිධ කලා ප්‍රදර්ශන සදහා මම නිරන්තරයෙන් කලා නිර්මාණ ඉදිරිපත් කළෙමි. එම කාල වකවනුවේ විවධ බාහිර කලා ප්‍රදර්ශන තුළ මාත්, සිරිමල් සංජීව කුමාර, චමින්ද ගමගේ,මනෝරංජන හේරත්, යන අප අතිශය ජනප්‍රියත්වයකට ලක් වී සිටියෙමු. 1997 දී පමණ මා කලු වර්ණයෙන් පමණක් චිත්‍ර අැදීමට මාරු වූ අතර 1998,1999 වන විට එය උච්ච තැනකට පැමිණෙමින් තිබිණ. එය දෘෂ්‍ය කලා සමාජය තුළ ඉමහත් පිළි ගැනීමට ද ලක් වූ අතර (1999 වසරේ මා වෙත ජෝර්ජ් කීට් පදනම මගින් ‘වසරේ කලාකරුවා’ ට හිමි සම්මානය ක් ද පිරි නැමීය. එවකට එම සම්මානය මා වෙත ලැබීම අායතනය තුළ මාගේ කලාව ගැන කතාබහට ලක් වීමට තරම් නිමිත්තක් විය. X කථිකාචාර්යවරයා පාදක ගුරුකුලයේ සිසුන්ගෙන් බාහිර කලා ප්‍රදර්ශන සදහා අැතමෙකු තෝරා නොගත් අතර අැතමෙකු එම ප්‍රදර්ශන සදහා ඉදිරිපත් නොවීය. 1999 වර්ෂයේ මා මාගේ පළමු එ්ක පුද්ගල ප්‍රදර්ශනය පැවැත් වූ අතර එම ප්‍රදර්ශනය ගැන ප්‍රදර්ශන පත්‍රිකාවට සටහනක් ලියනු ලැබූවේ මහාචාර්ය එස්.බී.දිසානායක විසිනි.එම සටහන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන ලද සටහනකි. කළු වර්ණයෙන් පමණක් චිත්‍ර අැන්ද මා මාගේ එකී කලාව තුළ චිත්‍රයේ ම කොටසක් හැටියට වාක්‍ය ඛණ්ඩ පින්තාරු කිරීම, චිත්‍රය සමෝධාන ගත මානයකින් උත්ප්‍රාසගත කිරීමේ අරමුණින් මවිසින් පින්තාරු කරන ලද දෘෂ්‍ය රූපක හා සංගත කිරීමට ම්‍රද්‍රිත අමුද්‍රව්‍ය චිත්‍රයේ ම කොටසක් හැටියට අැලවීම, අාදී ශෙෙ ලිමය අන්තයකට ක්‍රම ක්‍රමයෙන් මා මාරු වූ අතර මේ සදහා මා වෙත ජීවමාන වශයෙන් බලපාන ලද්දේ අඩු-වැඩි වශයෙන් සස්කියා පෙන්ටලොන් ගේ කලා කෘතිත්, ඉහත කථිකාචාර්යවරයාගේ කලා කෘතිත් මීට අමතරව මාතොට නමින් වූ සගරාවේ පිටු සැළසුම් රටාවනුත් ය. මාගේ කලා කෘති ඉහත කථිකාචාර්යවරයා ගුරු කොට ගනිමින් එය ම අන්ධානුකරණයෙන් යුතු ව කරනු ලබන ගුරුකුලයේ කලාවට සපුරා වෙනස් ස්වාධීන කලා මාවතකැයි අාචාර්ය මණ්ඩලයේ සැළකිය යුතු පිරිසක් තුළ ද ශි්‍ෂ්‍ය ප්‍රජාව තුළ ද බාහිර රසික සමාජය තුළ ද මුල් බැස ගත් අතර මෙම පසුබිම තුළ මෙම කථිකාචාර්යවරයා මා සමග කුළුපග වන්න විය. ඔහු අාකාරයට ම අන්ධානුකරණයෙන් යුතු ව චිත්‍ර අදින ශිෂ්‍ය ශිෂයාවන් අභිමුවෙහි මාගේ කලාව ඔහු විසින් අැගයීමට ලක් කළ අතර ඔහු කිසි විටෙකවත් මා යනු ඔහුගේ කලා ධාරාවේ අනුගාමිකයකු යැයි ප්‍රකාශ නොකෙරී ය.මාගේ දෙවන එ්කපුද්ගල ප්‍රදර්ශනය 2000 දී පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වීමට එම කලාගාරය විසින් සංවිධානය කළ අතර එම කලාගාරය පිහිටුවා පවත්වන්නට යෙදුණ 5 වැනි ප්‍රදර්ශනය වූයේ මාගේ කලා ප්‍රදර්ශනයයි. එය පිහිටුවනු ලැබූයේ 1999 වර්ෂයේදී ය. එහි ප්‍රථම ප්‍රදර්ශනය වූයේ සස්කියා පෙන්ටලොන්ගේ ප්‍රදර්ශනයකි. මාගේ දෙවන එ්ක පුද්ගල ප්‍රදර්ශනය සදහා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රදර්ශන කැටලොගයට සටහනක් ලබා ගැනීම සදහා මා තෝරා ගනු ලැබූයේ ඉහත කථිකාචාර්යවරයයි. මාගේ අධ්‍යයන වර්ෂයේ කිසිදු සිසුවකු ඔහු අාකාරයට චිත්‍ර අැන්දේ නැත. ඔහු අාකාරයට චිත්‍ර අදිනු ලැබූයේ එවකට අවසන් වසර ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පමණි. තත්වය එසේ තිබියදී මාගේ අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අතරින් ඔහු මා කෙරෙහි විශේෂත්වයක් දක්වන්න වූ අතර අප එකිනෙකා අතර මිත්‍රශීලී ගුරු-සිසු සම්බන්ධයක් කෙමෙන් කෙමන් අැති වන්න විය. මා ඔහුගෙන් චිත්‍ර කලාව ගැන කිසිදු ප්‍රායෝගික දැනුමක් ලබා නොගත් අතර චිත්‍ර කලාව ගැන ප්‍රායෝගික දැනුමක් ලබා දීමට ඔහු සතුව දැනුමක් ද නොවීය. ඔහු කලා ඉතිහාසය උගන්වන කථිකාචාර්යවරයකු වූ අතර කලා කෘති නිර්මාණයට කලාව පිළිබද ප්‍රායෝගික දැනුම අවශය නැතැයි දැඩි මතයේ සිටි අයකු විය. ඔහුගේ ච්‍රත්‍ර කලාව පර්යාවලෝකනය, මානව පරිමාණ, කාය ව්‍යවච්ඡේදය, සමතුලන ප්‍රයෝග, පැහැය (Hue) අාදී ශාස්ත්‍රාල මූල ධර්ම මත නොපිහිටන කලාවට එරෙහි ප්‍රති කලා ධාරාවක් විය.නිර්මාණ ක්‍රියාවලියට ඔහු අනුව යමින් එම මාවත අාදර්ශයක් කර ගැනීමට මට රුචි නොවූ නමුත් මම ඔහුගේ කලා ඉතිහාසය පිළිබද ඥානයටත් කලා කෘති අර්ථ විග්‍රහ කිරීමේ ස්වරූපටයත් කුල්මත් වී සිටියෙමි.
ඉතිරි කොටස සටහන් කිරීමට නියමිතයි.


pic- www.henry-moore.org
henry Moore pic- www.thelatenovembergallery.co.uk
'ලබ්ධියක කතාවක්' කලා මාලාව / 'Story of a Cult' series





















