top of page

B

L

O

G

Recent Posts

මගේ තනි අඛණ්ඩ රේඛා කෘතියක් දිනා ගැනීමෙ අවස්ථාවක් !

  • සුජිත් රත්නායක From Facebook
  • Aug 12, 2018
  • 3 min read

සමාජ-දේශපාලන -ආත්මීය සංවේදනාවන්ගෙන් මුළුමනින්ම පිටමං වී, හුදෙක් දෘශ්‍ය කලාමය පොදු සවුන්දර්ය අද්දැකීමක් හැටියට ගෘහස්ථ දිවි පෙවෙත තුළ බීත්තියේ එල්ලා ගෑනීමට සමාජගත කිරීමේ අරමුණින් මා කළ තනි අඛණ්ඩ රේඛා කෘතියක් දිනා ගැනීමෙ අවස්ථාවක් මහජනයාට ලබා දීමට සිතුවෙමි. ප්‍රදර්ශන අවස්ථාවේ රුපියල් 85,000.00 ක උපරිම මිලක් යටතේ මේ වනවිට මිල ප්‍රසිද්ධ වී ඇති ( ඒ වගේම දැනටමත් මිලට ගෙන ඇති ) මෙම කලා මාලාවේ කෘතියක් පහත ප්‍රශ්න 20 ට පිළිතුරු ලබා දී ඔබට හිමි කර ගත හැකිය.

ලබන මස එනම් සැප්තැම්බර් 1 වෙනිදාට පෙර පිළිතුරු අපේක්ෂා කෙරේ. නමුත් ඊට පෙර නිවැරදි පිළිතුරු යමෙකු විසින් ලබා දුන්නහොත් ඔහු හෝ ඇයට අදාළ කෘතිය හිමි වේ. ප්‍රශ්න 20 න් නිවැරදි පිළිතුරු 15 ක් ලබා දී ඇත්නම් එය ඔහු හෝ ඇයට කෘතිය පිරිනැමීමටද සලකා බැලේ . සියලු පිළිතුරු විවුර්තව පොස්ටුවට අදාලව ෆේස්බුක් මත ඉදිරිපත් යුතුය.. පිළිතුරු ප්‍රශ්නයට අදාළ අංකය යටතේ ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යය.

ප්‍රශ්න

1. 43 කණ්ඩායම පිහිටුවීමට පුරෝගාමී වූයේ කව්ද?

2. වින්සන්ට් වැන්ගොගේ අවසාන කාලයේ පෙම්වතියක වූයේ රෙස්ටුරන්ට් එකක හිමිකාරියක වූ අගොස්ටිනා සේගටෝරි ය. ඇයගේ රෙස්ටුරන්ට් එකේ නම කුමක්ද?

3.පැබ්ලෝ පිකාසෝගේ විප්ලවීය කලා විලාසය පළමු වරට සටහන් වූ කෘතියේ නම කුමක්ද?

4. ජගත් වීරසිංහගේ කලා ආර මුලින් විශද කළ කලා කරුවන් 4 දෙනෙකු වේ. එක් අයකුගේ නම සඳහන් කරන්න.

5. සෝලියස් මැන්දිස් ට කැළණි විහාරයේ සිතුවම් ඇඳීමට අනුග්‍රාහකත්වය දුන්නේ කව්ද?

6. 'බැරල්වාදය' කලා මාලාව යටතේ චන්ද්‍රගුප්ත තේනුවර මුල් වරට ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරන්නේ කුමන වර්ශයේද?

7. ජගත් වීරසිංහ විසින් තමන් ගුරුකොට ගනිමින් බහුත්ව බහු විලාස දෘශ්‍ය කලා ප්‍රවණතාවක් හැටියට '90 වේ ප්‍රවණතාව ' යනුවෙන් ප්‍රවණතාවක් ඇති උන බවට දීර්ගකාලීනව කළ ප්‍රොපර්ගැන්ඩාව හා ව්‍යාපෘතියෙන් අනතුරුව තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය විසින් ප්‍රසිද්ධ කළ '90 වේ ප්‍රවණතාව ' යන පොතකට කතෘ හැටියට තම නම ලබා දුන් අයගේ නම කුමක්ද?

8. ලංකාවට අබ්ස්ට්‍රැක්ට් කලාව හඳුන්වා දුන්නේ කව්ද?

9. 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය' යන රාජ්‍ය නොවන සංවිධානයට මුල්‍ය ආධාර ලබා දුන්නේ කුමන ආයතනයද? / සංවිධානයද?

10.ස්මාරකය නිර්මාණය කළ කලාකරුවා වන අය මැදිහත් වෙන්නේ නැතුව පොදු ජනයාට ස්මාරකය තේරුම් ගැනීමට අපහසු වූ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ කඩා ඉවත් කරන අවස්ථාවේ සිවිල් සමාජය හැර පොදු ජනයාට වගේ වගක් නොවූ අමුතු නමකින් හැඳින් වූ ස්මාරකයේ නම කුමක්ද?

11. 90 දශකයේ Letraset ග්‍රැෆික් අකුරු තාක්ෂණයට අකුරු නිර්මාණය කළ කලා ශිල්පියා කව්ද?

12. චිත්‍ර කලාව හා විචාරය කෘතිය සම්පාදනය කළේ කව්රුද?

13.'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය' යන රාජ්‍ය නොවන සංවිධානයේ විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති මගින් ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවට අදාළ ඉතිහාසය විෂය ගත කිරීමේදී හිතා මතාම ඊට ඇතුලත් නොකළ දෘශ්‍ය කලාකරුවන් 5 දෙනෙකුගේ නම් සඳහන් කරන්න.

14. කලාකරුවාගේ මැදිහත්වීමකින් තොරව කෘතිය දෙස බලා කලාකරුවාගේ අනන්‍යතාවය හොයා ගැනීමට බැරි වීමේ ගැටළුවක් දෘශ්‍ය කලා කෙත තුළ ඇති වීමට බලපෑ එතිහාසික ප්‍රදර්ශනයේ නම කුමක්ද?

15. ප්‍රේමසිරි කේමදාස කළ සංධ්වනියක් වූ 'මගේ කාලයේ මවුණි ' යන සංධ්වනි නාමයෙන් 90 දශකයේ සිතුවමක් නම් කළ කලාකරුවාගේ නම කුමක්ද?

16. කලා ප්‍රදර්ශන වලදී විවිධ මාතෘකා යටතේ ඉදිරිපත් කරන තමන්ගේ නිදහස් කලා කෘති හෝ එම නිදහස් කලා කෘති විලාසයෙන්ම ඇණවුම් ප්‍රකාරව හෝටල වල බිතු සිතුවම් හැටියට, වේදිකා පසුතල හැටියට හෝ ප්‍රදර්ශන රථ ආදියට නැවත ඉදිරිපත් කරන කලාකරුවන් අතරින් එක් අයකුගේ නම සඳහන් කරන්න.

17. දේශීය ග්‍රාමීය චිත්‍ර කලාකරුවා විෂයගත ගත කරමින් නිර්මාණය වූ සිනමාපටයේ නම කුමක්ද?

18. සස්කියා පින්ටලෝන් ලංකාවේ පළමු වරට කලා ප්‍රදර්ශනයක් තුලින් සමාජගත වන්නේ කුමන වර්ශයේද?

19. ජාතික කලා භවනේ නිත්‍ය නිර්මාණ එකතුව ඉවත් කරවා නිත්‍ය නිර්මාණ එකතුව තිබුණ කලාගාර අවකාශය බලහත්කාරයෙන් යොදාගෙන චන්ද්‍රිකා පාලන සමයේ ප්‍රචාරක පුවරු වලින් යුතු දේශපාලන ප්‍රචාරක ප්‍රදර්ශනයකට 'නිත්‍ය නිර්මාණ එකතු අවකාශය' යොදා ගැනීමට කටයුතු කළේ කව්ද?

20.රාජ්‍ය දෘෂ්ටිවාදයට, ශාස්ත්‍රාල යතාර්ථවාදී කලාවට මුළුමනින්ම පටහැනි 'කලාවට එරෙහි කලාව ' 'කිච් කලාව ' පොප් කලාව ' දේශපාලනික කලාව ' ආදී විකල්ප කලාවන් පිටු 12 වර්ණ කැලැන්ඩරයක් හැටියට රජයේ ම ලේක්හවුස් ආයතනයෙන් අදහා ගත නොහැකි ආකාරයට මුද්‍රණය කරවා දීමට කටයුතු කළ අයගේ නම කුමක්ද?


 
 
 

ความคิดเห็น


දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි.  
-සුජිත් රත්නායක
සිත්තර වාසල
SITTARA WASALA
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 by JACK BANKS PHOTOGRAPHY. Proudly created with Wix.com
 

bottom of page