top of page

B

L

O

G

Recent Posts

රෝස මල මෙතන බමරෝ මෙතන නටපන් : අහිංසකත් නැති ආරාමයකුත් නොවන රජයේ වියදමින් පුරාවිද්‍යාඥයකු තමන්ට හදා ග

  • සුජිත් රත්නායක
  • Jan 16, 2017
  • 12 min read

‘විකල්ප’ වෙබ් අඩවිය විසින් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී පුරා විද්‍යාඥයකු වන ජගත් වීරසිංහ සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජගත් විසින් මතු කරන ලද අදහස් හා ඒවාට වෙන් වෙන් වශයෙන් වර්මාතමානයේ මා දක්වන ලද ප්‍රතිචාර සහිත සටහනක් හැටියටයි මෙය නැවත ඉදිරිපත් කරන්නේ. මාගේ ප්‍රතිචාර ‘තද කළු පාට ඇල වූ අකුරින් ‘ ජගත්ගේ ඒ ඒ අදහස් සමග පහතින් දක්වා ඇත. මෙහි මුල් කොටස හැටියට දක්වා ඇත්තේ විකල්ප වෙබ් අඩවිය විසින් ජගත් සමග කළ සම්මුඛ සාකච්ඡාවට අදාළ පූර්විකාවයි. එයට ද මගේ ප්‍රතිචාර ගොනු කර ඇති අතර එය ලිපියේ අවසානයේ දක්වා ඇත. මගේ අදහස් දැක්වීම් නොමැති විකල්ප සම්මුඛ සාකච්ඡාව අවශ්‍ය අයට විකල්ප වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. ''අහිංසකයින්ගේ ආරාමය''යි කියන ස්මාරකය චිත්‍ර-මූර්ති කලා ක්ෂේත්‍රයට වගේ ම පොදුවේ සමාජයටත් අනවශ්‍ය බරක් ඇති කළ හැගවුම්කරණය නොවූ උත්තරාරෝපිත පාරභෞතික නිර්මිතයකැයි මා හිතන නිසා මා මෙයට ප්‍රතිචාර දක්වන බව කාරුණිකව සළකන්න.විකල්ප > අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතනය කරනලද තරුණයන් සහ අතුරුදහන් කරන ලද තරුණයන් සිහි වීමට ය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු ලැබුවේ, එවකට පැවති පොදු පෙරමුණු රජයේ මැදිහත් වීමෙනි. නමුත් අද ‛අහිංසකයන්ගේ ආරාමය’ ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ මේ දිනවල කෝට්ටේ ප්‍රදේශයේ සිදුවන සීඝ්‍රගාමී සංවර්ධනයට සහ දර්ශනීය පෙනුමට මෙම ස්මාරකය බාධාවක් යැයි කියමිනි. මෙම තත්ත්වය පිළිබඳව අහිංසකයන්ගේ ආරාමය නිර්මාණය කළ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ සිය අදහස් දැක් වූයේ මෙලෙසය.



About Jagath Weerasinghe
ජගත් > “අහිංසකයන්ගෙ ආරාමය ගොඩනැගුවාට ඒක රැකගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එවකට හිටපු රජයට නොහැකි වුණා. කාලයක් ගතවුණාට පස්සෙ මේ ස්මාරකය අමතක වෙලා ගියා. ‛මව් පෙරමුණ’ කියන සංවිධානය අවුරුද්දකට වරක් මෙම ස්මාරකයට එකතු වෙලා යම් වැඩසටහනක් කරමින් සිටියා. නමුත් කාලයක් ගත වුණාට පස්සෙ එම කටයුත්තත් නැවතුණා. පසුව ස්මාරකය අමතක වෙලා ගියා.”

මගේ ප්‍රතිචාරය > බලමු ලංකාව තුළ තියෙන අනෙකුත් ස්මාරක ගැන. බුදුන් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව හදාපු ථූපාරාම චෛත්‍යය නමැති ස්මාරකය වල්බිහි උනා ද? ඉංගිරිසින් විසින් හදාපු කොළඹ මහජන පුස්තකාල භූමියේ තියෙන ස්මාරකය වල් බිහි වී ගියා ද? රජය විසින් යුද ජයග්‍රහණ වලින් පසු යුද්ධයෙන් මිය ගිය හා අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට කළ ස්මාරකය වල්බිහි වී ගියා ද ? මැරෙන තුරු මාරාන්තික උපවාස

කරලා මැරුණ තිලීපන් වෙනුවෙන් දෙමළ සමාජය හදාපු තිලීපන් ස්මාරකය වර්තමාන රජය විසින් කඩා ඉවත් කිරීමට පෙර එය වල්බිහි වී ගියා ද? ජ.වි.පෙ. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය විසින් ජයවර්ධන සරසවියෙ හදාපු ස්මාරකය වල්බිහි වී ගියා ද? රද්දොලුවේ 88-89 අතුරුදහන් වූවන් වෙනුවෙන් නිර්මාණය කළ ස්මාරකය වල් බිහි වී ගියා ද? ජගත් නිර්මාණය කළ ‘අහිංසකයින්ගේ ආරාමය’ නමැති ස්මාරකයට පමණක් මේ ඉරණමට ලක් වූයේ මන් ද? පළමු වෙනි කාරණය එතුළින් ස්මාරකය අභිබවා ජගත් මතු වීමයි. එය

ස්මාරකයකට වඩා ජගත්ගේ කලා කෘතියකි. ලොව ඇති කිසිදු ස්මාරයකින් එය කළ නිර්මාණ ශිල්පියා ඉස්මතු නොවේ. එම ස්මාරක හරි උවත් වැරදි උවත් ඒවාට අරමුණක් ඇත. ඒවා පැහැදිලි ය. ඒවා ගොඩ නැගී ඇත්තේ කාලයට පමණක් නොව අවස්ථාවෝචිතව ය. සමාජයට සමගාමීව ය. ජගත්ගේ ස්මාරකය 88-89 මිය ගියවුන්ගේ ඇගේ ද දමා ගැසීමට නොහැක්කේ ඹහුගේ ජීවන විලාසය උග්‍ර විනෝදකාමී සෙල්ලක්කාර එකක් වන නිසා ය. ගාමිණී හත්තොට්ටුවේගම, ධර්මසිරි බණ්ඩාරනායක, ගුණදාස

කපුගේ, නන්දා මාලිනී, සුගතපාල ද සිල්වා, චන්ද්‍රගුප්ත තේනුවර, විනී හෙට්ටිගොඩ, ආදීන් භාර ගන්නා තැනින් ශ්‍රී ලංකාව තුළ ජනයා ජගත් භාර ගන්නේ නැත. ජගත් ගැන ජගත් හෝ තීර්ථ සාමාජිකයින් හැර සමාජය විසින් කතා කර තිබේ ද? නැත. එක දෙයක් කිරීම වෙනුවට එකම විට ගොඩක් දේවල් කිරීමත්, සමාජයට සංවෘත නොවීමත් සංදර්භ පටලවා ගැනීමත්, විටින් විට විවිධ දේවල් කිරීමත්, ඔහු කුමක ප්‍රකාශකයකුදැයි කිසිවකුටවත් තිර ලෙස හේතුපාඨ ගත කර ගත නොහැකි වීමත්, ඔහු ඔහුගේ වයස, සමාජ තත්වය, වෘත්තීය භූමිකාව යන ඒවාට පටහැනිව අධික පරතරයකින් යුතු සමාජය ඉදිරියේ පෙනී සිටිය නොහැකි බෝතල් මූඩි කටින් කැඩීමේ තරුණ මදයෙන් හෙබි සෙල්ලක්කාර කොල්ලන් සමග අශ්ලීල ජීවන විලාසයක් පවත්වාගෙන යන නිසාත් 88-89 ට අදාළ කිසිදු වින්දිතයකුට ඔහු ස්මාරකයත් සමග දුරස්ථ ය. එහෙයින් ඔහු නිර්මාණය

කළ ස්මාරකය වල්බිහි කර ගත්තේ ජගත් ම ය.







ජගත් > “මම ඔය ස්මාරකය හදන කොට කරපු වැරැද්දක් තියෙනවා. මම ඕක හදන කොට කිසිම පක්ෂයක නමක් ගැහුවෙ නැහැ. මම හිතුවා මේ රටේ පුරවැසියො කියලා ජාතියක් ඉන්නවා කියලා. මට ඔතන චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විවෘත කළා කියලා පුවරුවක් ගහන්න තිබ්බා. මම ඒක කළේ නැහැ. ඉතින් මම උත්සාහ කළේ ස්මාරකය පක්ෂවලින් ගලවලා ජනතාව තුළ තැන්පත් කරන්න. මේක විනාශ වෙන්න හේතුව ඒකයි. මේකට මුල්ගල තියෙන කොට දැන් ඉන්න ජනාධිපතිතුමාත් ආවා. ප්‍රධාන පත්තරේක සංස්කාරක සටහන ගියෙත් මේ ආරාමය ගැන. එතරම් අවධානයක් ලැබුණු දෙයක් අමතක වෙනවා කියන්නෙ ඒක දේශපාලන පක්ෂයක් මුල් කරගනිමින් ඉදි නොවුනු නිසායි.”

මගේ ප්‍රතිචාරය > ජගත් රජයෙන් වැටුප් ලබන පුරා විද්‍යාඥයෙක්. ඔහු මෙය කරන්නෙ ඔහු සේවය කළ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිළ නියෝජනයක් හැටියට නොවේ. සාමාන්‍යයෙන් රජය මගින් හෝ රජයේ අනුදැනුම මත හෝ පමණක් නොව ස්වේච්ඡා සංවිධානයකින් උව කරනු ලබන ඉදිකිරීමක් සම්බන්ධයෙන් එය ඉදි කිරීමට පෙරත් බොහෝ දුරට පසුවත් එම ඉදි කිරීමට අදාළ ඇස්තමේන්තු වියදම, ඉදි කරනු ලබන අය, සංකල්පය,සැළසුම හෝ නිර්මාණය කාගේද යන වගත්, ඉදිකිරීම සදහා ප්‍රදානයයන් කරනු ලබන අය වේනම් ඒ අය කව්ද යන වගත් සංවිධානය, අධීක්ෂණය හෝ සම්බන්ධීකරණය කරනු ලබන අය කව්රුන්ද යන වගත් එය කුමක් අරමුණු කරගෙන කරනු ලබන්නේ ද යන වගත් සාමාන්‍යයෙන් කුමන හෝ මාධ්‍යයකින් ප්‍රකාශ කරනු ලැබීම කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද සිදු වන දෙයක්. සම්ප්‍රදායයක්. ඒවායේ කුමන වක්‍ර අරමුණු තිබුණත්

දේශපාලන අරමුණු තිබුණත් රජයක් හෝ ආණ්ඩුවක් ව්‍යාජ ලෙස හෝ මෙය දුබල මාධ්‍යයකින් හෝ ඒ හැටි ප්‍රසිද්ධියක් නැතුව හෝ ප්‍රසිද්ධ කරනවා. ( මේ සදහා ගන්නා ඉඩමත් රජයේ ඉඩමක් නිසා ) ආණ්ඩුව කුමක් උවත් රජය හැටියට හෝ රජයේ අනුදැනුම අනුව කරන ඉදිකිරීමකදී කොහොමත් කලාකරුවා එම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂය කුමක්ද කියලා බොර්ඩ් ගහන සම්ප්‍රදායයක් ලෝකෙ කිසි ම තැනක නෑ. ඒ සදහා ආණ්ඩුවකට හෝ රජයකට එහා ගිය

බලයක් කිසි ම නිර්මාණකරුවකුට නෑ. සරළ උදාහරණයකින් කියනවා නම් රජය මගින් ඉදි කළ කිසිදු ඉදිකිරීමක සැළසුම හෝ ඉදිකිරීම කළ ඉංජිනේරුවන් කව්ද කියලාවත් සමරු ඵලක වල නෑ. ඒ වෙනුවට තියෙන්නේ පාලකාධිකාරීන් පිළිබද කරුණු පමණයි. ඉදිකිරීම හෝ නිර්මාණය කරනු ලබන්නේ කව්රු උවත් ඒ සදහා බොර්ඩ් ගහනවා නම් බොර්ඩ් එකට එය ඇතුලත් කරන්නේ ලංකාව තුළ පාලකාධිකාරයයි. ජගත්ට මේ සදහා එවකට හිටපු ජනාධිපතිනිය හැටියට චන්ද්‍රිකාගෙ නම සදහන් කරන්න හැකි උවත් චන්ද්‍රිකාගේ පක්ෂය සදහන් නොකිරීම ඔහු අතින් වූ වරදකැයි කීම මගින් අපට දනවන්නේ ලංකාවේ දේශපාලන හෙන්චයියන්ටත් වඩා පුරා විද්‍යාඥයකු වන ජගත් හිතන විධිය අතිශය බාල වැඩවසම් ග්‍රාම්‍ය එකක් වන බවයි. අනෙක් අතට තමන්ට එහෙ ම දෙයක් කියන්න බලපුළුවන්කාරකමක් තියෙන්නෙ කොහොම ද? ආතර් සී. ක්ලාක් හෝ ගාමිණී ෆොන්සේකා හෝ සේනක බණ්ඩාරනායක හෝ මේ වගේ මහා චරිත ද මේ වගේ කතා කියා නැත. තමන්ට නැති බලයක් ෆැන්ටසිගතව ආරූඪ කරගෙන මේ කියන කතාව හාස්‍යෝත්පාදක නැද්ද? ''එතරම් අවධානයක් ලැබුණු දෙයක් අමතක වෙනවා කියන්නෙ ඒක දේශපාලන පක්ෂයක් මුල් කරගනිමින් ඉදි නොවුනු නිසායි.” කියා කියන කතාවේ පදනම මොකක් ද? ලංකාවේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වුණු දේවල් එහෙම වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂයක් මුල් කරගෙන ද? සීගිරි චිත්‍ර, බලංගොඩ මානවයාට අදාළ කැණීම්, පාර්ලිමේන්තුවේ කැටයම් කලා සැරසිලි, රුහුණ සරසවියේ ගෘහ නිර්මාණ සංකල්පය හා භුමි සැළසුම, රාජකීය විදයාලයේ නව රගහලේ උන්නත කැටයම, තරුණ මධ්‍යස්ථානයේ උන්නත කැටයම, කැළණි විහාරයේ සෝලියස් මැන්දිස් පින්තාරු කළ සිතුවම, ගෝතමී විහාරයේ ජෝර්ජ් කීට් පින්තාරු කළ සිතුවම, ටෙලිකොම් ඉදිරිපිට වට රවුමේ මූර්තිය, .....ඔය ආදී දහසකුත් එකක් නිර්මාණ ඉතිරිව තියෙන්නේ ඒ ඒ විශාරදයින් බලයක් අතට ගෙන දේශපාලන පක්ෂය කුමක්දැයි තමන් විසින් නම් කෙටූ නිසා ද? අදහස් භෞතික වන්නේ නිර්මාණය හෝ ඉදි කිරීමට අදාළ ප්‍රස්තුතය අපභ්‍රංසයක් නොවුණ විට ය. සත්‍ය වශයෙන් ම 88-89 භීෂණය පාදකව කරන ස්මාරකයක් සම්බන්ධයෙන් ''අහිංසකයින්ගේ ආරාමය'' යන නාමය ම හැගවුම්කරණය නොවන නාමකරණයකි. එය චන්ද්‍රිකාවත් ජ.වි.පෙ. වත් යූ.ඇන්.පි. යවත් තබා භික්ෂු සමාජයටවත් හැගවුම්කරණය නොවූ නාමකරණයකි. එක්තරා ආකාරයක විගඩම්කාරී ''සමන්ත භද්‍ර චින්තන ආකෘතියකි.'' තනි පුද්ගලයකු විසින් වලිගය විසින් බල්ලා නැටවීමට තැත් කරන සහ හොර ගල් අහුලන ආකෘතියකි. පුරා විද්‍යාව පළිහක් කරගෙන පොදුජන චෛතදිකයන් පෞද්ගලීකරණය කර ගන්නා විකෘතියකි. තවත් බලන්න.

ජගත් > “ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය අය 33 දෙනෙක් මූලික කරගෙන තමයි මේක හදන්නෙ. නමුත් අද 5e6kජවිපෙ ඒක ගණන් ගන්නෙත් නැහැ. මේක මේ රටේ පුරවැසියො නැති එකේ ප්‍රශ්නයක්. ඒකට ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ.”

  • මගේ ප්‍රතිචාරය > මේ කියන්නේ මොකක් ද? ජනතා විමක්ති පෙරමුණෙන් මිය ගිය 33 දෙනෙක් මූලික කරගෙන ඔවුනට සාධාරණය ඉෂ්ට කරන්න රජයෙන් හදාපු ස්මාරකයක් ගෝඨාභය ගලවලා ඉවත් කරන එකට ජගත් කියනවා ජ.වි.පෙ. ට ඇවිල්ලා සද්දය දාන්නලු. මේක හතරබීරි කතාවක් නේ. ජගත් මේක නිර්මාණය කරේ ජ.වි.පෙ. න් අහල ද? අනෙක ජ.වි.පෙ. මර්දනය කරේ යූ.ඇන්.පී රජය නේද? යූ.ඇන්.පී. රජයේත් පොදුපෙරමුණු රජයේත් දැන් පවතින රජයේත් ආරක්ෂක අංශ වල වෘත්තීය පිහිටවීම් ,වැටුප් තල සියල්ල තීරණය කරන්නෙ එක ම රාජ්‍ය ආකෘතියකින් නොවේ ද? කලින් රජය යටතේ හිටපු ආරක්ෂක හමුදාවට අදාළ විධි විධාන පසුව එන ආණ්ඩුව නිසා වෙනස් වෙනවා ද? අනෙක ආණ්ඩු මාරු උනාට රාජ්‍ය විධි විධාන වෙනස් වෙනවා ද? අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමන්විත ආණ්ඩුවකින් හදාපු ස්මාරකයක් කඩලා අයින් කරන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමන්විත පසුකාලීන ආණුඩුවකින් ම යි. ඇත්තට ම මෙතන ජගත්ගෙ භූමිකාව කුමක් ද ? රජයේ වියදමින් හදන ස්මාරකයක් සදහා රජයෙන් ම පඩි ලබන රජයේ පුරා විද්‍යාඥයකු රජය හැටියට ජ.වි.පෙ. නියෝජනය කිරීමක් නේද ? එහෙම විය හැකිද ? එහෙම කරන්න රාජ්‍ය විරෝධීයකු රජයක් පඩි දිදී රජයේ නිළධාරියකු හැටියට නඩත්තු කරාවිද? ජගත්ගෙ වසගකාරී කතාවලට වහ වැටිලා ජ.වි.පෙ. තම කාඩරය අමතක කරලා නිදහස් ජගත් සමග යහන්ගත වෙනවා ද? ජගත්ගේ මේ විහිළු කතාව පසෙකින් තියලා මේ විහිළු කතාව යට තියෙන්නේ මොනවාදැයි තව දුරටත් බලමු.

ජගත් > “අපි ශ්‍රී ලාංකිකයො වශයෙන් බුද්ධිමය වශයෙන් පසුගාමී තැනකනෙ ඉන්නෙ. අපි ඉතිහාසය සහ උරුමය ලෙස දකින්නෙ අනුරාධපුරය සහ පොළොන්නරුව පමණයි. දැන් ආනන්ද කුමාරස්වාමි කියන්නෙ ඓෙතිහාසික නමක්නෙ. ඒ නම නැති කරලා නෙළුම් පොකුණ මාවත කියලා අපි දානවා. ඒ තරමටම අපි බුද්ධිමය වශයෙන් පසුගාමීයි. කොළඹ නගරයට තියෙනවා වෙනම ඉතිහාසයක්. මේ ස්මාරක, මාවත් වල නම් පිටුපස තියෙනවා ඉතිහාසයක්. අපි ඒවා ඉවත් කරනවා කියන්නෙ අපි අපේ ඉතිහාසය මකලා දානවා කියන එකයි. අතීතයේ මුල් ඉදිරුණ සිංගප්පුරුවේ ආකෘතියක් සඳහා අපි ගමන් කරනවා.”

  • මගේ ප්‍රතිචාරය > ඉතිහාසය කියන එක ගැන හරියට ම දන්නෙ ජගත්ම තමයි යි. ඔහු පුරා විද්‍යාඥයෙක් නේ. ඔහු කියනවා ‘අපි ඉතිහාසය සහ උරුමය ලෙස දකින්නෙ අනුරාධපුරය සහ පොළොන්නරුව පමණයි.’’ කියලා ඔහු තව දුරටත් කියනවා ‘කොළඹ නගරයට තියෙනවා වෙනම ඉතිහාසයක්. මේ ස්මාරක, මාවත් වල නම් පිටුපස තියෙනවා ඉතිහාසයක්. අපි ඒවා ඉවත් කරනවා කියන්නෙ අපි අපේ ඉතිහාසය මකලා දානවා කියන එකයි. අතීතයේ මුල් ඉදිරුණ සිංගප්පුරුවේ ආකෘතියක් සඳහා අපි ගමන් කරනවා.” මේ ඔහු කියන්නේ කුමක් ගැන ද? ඔහු කියන ‘අපේ ඉතිහාසය’ යි කියන එක මොකක් දෙ? ‘කොළඹ මේ ස්මාරක, මාවත් වල නම් පිටුපස තියෙනවා ඉතිහාසයක්. අපි ඒවා ඉවත් කරනවා කියන්නෙ අපි අපේ ඉතිහාසය මකලා දානවා කියන එකයි’ කියලා ඔහු කියන්නේ ඇයි? ජගත් මේ හොරගල් අහුලන්නේ කුමකට ද? ඔහු මේ කතා ටික කියන්නේ ඹහු නිර්මාණය කොට ඔහු ම නම් තැබූ අහිංසකයින්ගේ ආරාමය යි කියන ස්මාරකය කඩලා දමන මොහොතේ නේ. ඔහු කියන ‘අපේ ඉතිහාසය’ ‘කොළඹ ඉතිහාසය’ තුළ අහිංසකයින්ගේ ආරාමය ත් තියෙන නිසා නේද ඔහු කැළඹෙන්නේ ? ඔහු ම ඔහුගේ ලිපි ලේඛන වල ලියා තියෙනවා ඉතිහාසය කියන්නේ ‘ගොඩනැංවීමක්’ කියලා. ඉතිහාසය ලියන කෙනා තමන්ට ඕන කොටස අරගෙන ඕන නැති කොටස සගවා තබන භාෂාමය ගොඩනැංවීමක් ය කියලා. නමුත් ඉතිහාසඥයෙක් ආකාරයට නෙවේ ය පුරා විද්‍යාඥයෙක් ඉතිහාසය අර්ථකතනය කරන්නෙ කියලා ඔහු සමාජයට කියලා නෑ.


ඔහු සෑම තැනකදී ම පුරා විද්‍යාව විද්‍යාවක් බවවත් අමතක කරලා තියෙනවා . විද්‍යාව පරීක්ෂණ, විශ්ලේෂණ, සංස්ලේෂණ, නිරීක්ෂණ හා නිගමන මත අර්ථයන් නොව තත්වයන් තමයි විදාරණය කරනු ලබන්නේ කියන එක වෙනුවට ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ අර්ථ ගොඩනගන්න. මේ සදහා කලාකෘති, ස්මාරක, උරුමයන් කියන ඒවා අවශ්‍ය ම නෑ. අතීතයේ ශේෂ ව ඇති කලා කෘති හා ස්මාරක නිසා ඒවා සමාජ වාතාවරණයන්/තත්වයන් විදාරණය කිරීම පිණිස ඉවහල් කර ගත්තත් සමකාලීන පුරා විද්‍යාවට මේවා අවශ්‍ය නෑ. ග්‍රොසරියක්, සුපර් මාර්කට් එකක් උනත් මේ සදහා ගත හැකි ය. සමහරවිට ෂැම්පු සෙෂේ පැකැට්ටුවක් ද කතාවකි. නමුත් ජගත්ට අවශ්‍ය වී ඇත්තේ සමකාලීන ස්මාරක හා ඒවාට තබන නම් ගම් ය. එහෙ ම වෙන්නේ ඇයි ? ඇත්ත ජීවිතයේ දී වගේ අධිකරණ ක්‍රියාවලියකදි කලා නිර්මාණ මුදල් වංචා, අවභාවිතයන්, ස්ත්‍රී දූෂණයන්, ළමා අපචාරයන්, සොරකම් කිරීම්, මිනී මැරීම්, හිංසා කිරීම් පිළිබද දේවල් සදහා යොදා ගැනෙන විමර්ශන ක්ෂේත්‍රයක් නොවේ. ලියනාඩෝ ඩාවින්සි මොනාලිසා යනුවෙන් පින්තාරු කර ඇත්තේ සැබෑවට ම කුමක් ද යන්න විමර්ශනය කිරීමේ ක්‍රියාවලියක් මගින් විමර්ශනය කරවීමටත් ඒ පිළිබද තීන්දු දීමටත් අධිකරණය වැඩ කරන්නේ නැත. ඇත්ත වශයෙන් ම කලාව සෞන්දර්ය ජනනීය ක්ෂේත්‍රයක් මිස කාර්යාලයීය හෝ ජන ජීවිතයේ සැබෑ නිරූපණ ක්ෂේත්‍රයක් නොවේ. කලාවේ පරිකල්පන සන්තතීන් හා පරිකල්පන ආකෘතීන් විවිධ ය. විෂම ය. අනන්ත ය. අප්‍රමාණ ය. කලාව මගින් කරනු ලබන හා දනවන දේ ගෑස් හෝ විදුලිබලය පිළිබද හැගීමකට සමපාත කළ නොහැකි ය. එබදු ඒවා කරණ කොට ඇති වන ප්‍රශ්න වගේ හැමෝට ම එක සේ වැටහෙන ප්‍රශ්න ගානට නොවෙයි කලාව අයත් වන්නේ. අහිංසකයින්ගෙ ආරාමය ජ.වි.පෙ. වෙනුවෙන් නිර්මාණය කළයි කියලා ජගත් ම එය ඉතිහාසය බවට පත් වන්නට කලින් කිව්වත් පසුව කිව්වත් මෙය ජගත්ගේ ‘අහිංසකයින්ගේ ආරාමය’ තුළින් නිෂ්ටාවට සොයා ගත හැකි ද? ඒ වගේ ම තවත් කෙනෙක් කිව්වොත් ‘අහිංසකයින්ගේ ආරාමය’ කියන්නේ සීගිරියේ ච්ත්‍ර ඇදපු සිත්තර නයිදේ පරම්මපරාව වෙනුවෙන් කරපු ස්මාරකයක් කියලා ඒක එහෙ ම නෙමෙයි හෝ ඔව් කියලා කියන්න පුළුවන් ද? ජගත් කරන්නේ කලාව පළිහක් කරගෙන රටක් එක්ක කරන සෙල්ලමක්. ඇත්තට ම අහිංසකයින්ගෙ ආරාමය කියන්නේ ජගත් මේ සමාජය නටවලා රහසේ විනෝද වීමට හදා ගත් ජගත්ගේ ජීවිත කතාවත් ඔහුට කුඩා කල වූ අසාධාරණයකට එරෙහිව සමාජයට සාප කිරීම පිණිස එය කඩා බිද දැමුවත් කිසිදා විනාශ නොවන තාක්ෂණයකින් ගොඩනංවන ලද දෙයක් කියලා කව්රු හරි කිව්වොත් එය ඒ තුළ නැහැ හෝ තියෙනවා කියලත් කෙනෙකුට ස්ථිරව ම කිව හැකි ද? ජගත් > අහිංසකයින්ගේ ආරාමය කියන්නෙ රජය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරකයක් නෙමෙයිනෙ. ඒ හින්දා ඒවා විනාශ වෙනවා . රජවරුන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරක ආරක්ෂා වෙනවා. නමුත් රාජ්‍ය ශේෂ්ඨත්වයට පත්කරන ස්මාරක ගොඩනැගීම සම්බන්ධයෙන්වත් අපිට ගැඹුරු අවබෝධයක් නැහැ. බත්තරමුලලේ ජනකලා කේන්ද්‍රය අසල තියෙන ඉන්දියානු සොල්දාදුවන් සම්බන්ධයෙන් හදපු ස්මාරකයත් එක්ක බලන කොට, පාර්ලිමේන්තුව අසල තියෙන ලංකාවේ සොල්දාදුවො සම්බන්ධයෙන් හදපු ස්මාරකය හීනි, කෙට්ටු, මන්ද පෝෂණයට ලක් වුණු එකක්. ඉන්දියානු ස්මාරකයෙ පරිමාණය, හැඩය, ගැඹුර ගත්තාම ඒක යම් කිසි අදහසක් දෙන ස්මාරකයක්. ලංකාවේ එක බැලුවහම කළු පසුබිමක තමයි ඔක්කොම සොල්දාදුවන්ගෙ නම් ගහලා තියෙන්නෙ. වර්ණ, පරිමාණය ගැන කිසිදු අවබෝධයකින් නෙමෙයි ඒ ස්මාරකය හදලා තියෙන්නෙ.”

  • මගේ ප්‍රතිචාරය > අහිංසකයින්ගේ ආරාමය කියන්නෙ රජය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරකයක් නෙමෙයි කියලා හෝ ඒ හින්දා ඒවා විනාශ වෙනවා කියලා හෝ රජවරුන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ස්මාරක ආරක්ෂා වෙනවා කියලා කියනකොට ජගත්ට හිතුණෙ නැද්ද ඔය කියන අහිංසකයින්ගෙ ආරාමය යි කියන එක හදලා වැඩක් නැහැ කියලා කරන්න කලින්. අනෙක ජගත් මේ බව නොකියා අද කියනවා කියන්නේ එවකට රජය ගොනාට ඇන්දවීම නේද කරලා තියෙන්නේ. නමුත් රාජ්‍ය ශේෂ්ඨත්වයට පත්කරන ස්මාරක ගොඩනැගීම සම්බන්ධයෙන්වත් අපිට ගැඹුරු අවබෝධයක් නැහැ. බත්තරමුලලේජනකලා කේන්ද්‍රය ළග තියෙන ඉන්දියානු සොල්දාදුවන් හා සම්බන්ධ සමාරකයට සාපේක්ෂව පාර්ලිමේන්තුව ළග ජනකලා කේන්ද්‍රය අසල තියෙන ඉන්දියානු සොල්දාදුවන් සම්බන්ධයෙන් හදපු ස්මාරකයත් එක්ක බලන කොට, පාර්ලිමේන්තුව අසල තියෙන ලංකාවේ සොල්දාදුවො සම්බන්ධයෙන් හදපු ස්මාරකය හීනි, කෙට්ටු, මන්ද පෝෂණයට ලක් වුණු එකක්. කියලා ජගත් කියන විට ගෝඨාභයගේ ස්මාරකය හීනි, කෙට්ටු, මන්ද පෝෂණය හැදුණ වගේ එකක් නොවී ඊට වඩා එය මහත ප්‍රාණවත් එකක් වෙන්න ඕන කියලත් ජගත් හිතනවා. 88-89 ජ.වි.පෙ. ට (ජගත්මයි එහෙම කියා ඇත්තේ) රජයේ වියදමින් ස්මාරකයක් නිර්මාණය කරන ජගත් මෙන්න බොලේ එකම විට හමුදාවේ ස්මාරකය තඩි -යෝධ -පිරුණු -ප්‍රාණවත් එකක් හැටියට නැති ව සෝකයට පත් වෙනවා.

පාර්ලිමේන්තුව ළග ස්මාරකය‍ෙ පරිමාණය, හැඩය, ගැඹුර ගත්තාම ඒක කිසි ම අදහසක් දෙන්නැති ස්මාරකයක් ලු. එ්ක බැලුවහම කළු පසුබිමක ඔක්කොම සොල්දාදුවන්ගෙ නම් ගහලා තියෙන එකත් අප්සට් ලු. වර්ණ, පරිමාණය ගැන කිසිදු අවබෝධයකින් නෙමෙයි ලු ඒ ස්මාරකය හදලා තියෙන්නෙ. හරි හරි චන්ද්‍රිකා ආණ්ඩුවෙන් නිර්මාණය කරන්න දීපු ස්මාරකය ජගත් චන්ද්‍රිකාගෙ කණෙන් රිංගලා ජවිපෙ ස්මාරකයක් කරා නම් වැරදිලාවත් රජය මේ ස්මාරකය ජගත්ට නිර්මාණය කරන්න දුන්නා නම් ජගත් ගෝඨාභයගෙ කණෙන්එ රිංගලා එය එල්ටී.ටීයේ ස්මාරකයක් කරනවා කියලා නේ ඔය කියන්නේ.

ජගත් > “අපි අද ජනප්‍රිය පාරිභෝගික සංස්කෘතියකට හසුවෙලා තියෙන්නෙ. ඇමරිකාවෙ, එංගලන්තයෙ තියෙන්නෙත් පාරිභෝගික සංස්කෘතිය තමයි. නමුත් ඒ රටවල පාරිභෝගික සංස්කෘතිය තිබුණට කලා නිර්මාණවල, ස්මාරක වල වටිනාකම මැනීම සඳහා පාරිභෝගික සංස්කෘතික මිනුම් භාවිතා කරන්නෙ නැහැ. ඒ සමාජ වල බලයලත් චරිත දන්නවා ඒවා ගොඩ නැගෙන්න ඕනෙ කොහොමද කියලා. නමුත් අපේ වගේ රටවල ක්‍රියාත්මක වෙන්නෙ අධම ධනවාදයක්. නැතිනම් අධම පාරිභෝගික සමාජයක තමයි අපි ඉන්නෙ. මෑතකදි ධනය එකතු කරගත්ත පන්තියක් බලයෙ ඉන්නන කොට ඒ සංස්කෘතික ලක්ෂණ සමස්ත සමාජයටම බෝ වෙනවා.”

  • මගේ ප්‍රතිචාරය > ජගත් හීවෝස් ෆන්ඩ් අරගෙන හැසිරුණේ ශිෂ්ට විධියට ද අධම විධියට ද? පුරා විද්‍යාව නමැති විද්‍යාව මේ වගේ වර්තමානයේ කරන ස්මාරකත් එක්ක පටලවලා ඒක ග්‍රාම්‍ය තැනකට ගෙනාවේ ජගත්ගේ ගුරුවරයා වන මහාචාර්ය සේනක බණ්ඩාරනායක ද? ජගත් ද? ජගත් නිර්මාණය කරපු අහිංකයින්ගෙ ආරාමය පාමුල කුඩා ළමයකු මළපහ අතින් තදින් මිරිකනවා වගේ කිරිමැටි ගුලි අතින් තදින් මිරිකා එම මිරුකුණ මැටි කොටස් පුළුස්සා ටෙරාකොටා හැටියට ස්මාරකය පාමුල අැතුරුවේ ශිරාල් දැරණියගලගේ ක්‍රමයට ද? සෙනරත් පරණවිතානගේ ක්‍රමයට ද? වෛරයෙන් මිරිකූ මැටි ගුලි වල තේරුම චන්ද්‍රිකා හෝ අනුර කුමාර දන්නවා ද? ඒවා ටෙරාකොටා මාධ්‍යයෙන් හැදුවේ ලෝකයේ වැඩි ම කලක් තියෙන මාධ්‍ය ටෙරාකොටා නිසා ද? ඒ වෛරය කව්රු වෙනුවෙන් ද? නන්නාදුනන කුඩා ළමයකුත් ඉතිහාසය තුළ අමුණා තබන මේ ආකර්ශණීය ගෙත්තම කුමකට ද?

ඔබට ඇති ප්‍රශ්නය කුමක් ද? අපි ඒකට පලි ද? ‘රණවිරුවා ඔහෙත් මාත් වගේ නොවී රණවිරුවා වූයේ කාගේ කපටි ක්‍රීඩාවක් නිසාදැයි 90 දශකයේ අගභාගයේ ලියූ ඔබ ඇයි 88-89 අලලා කළ 99 ඉදි කළ ස්මාරකයට ‘අහිංසකයින්ගේ ආරාමය’ ලෙස නම් කළේ? මෙතන අහිංසක කව් ද? මෙතන ආරාමය කුමක් ද? ඇයි ඔබේ ස්මාරකය තුළ හෙමිහිට බෝ ගහක් පැළ කරලා හොර රහසේ එය නඩත්තු කළේ? බෝ ගහට පසුබිමින් ඇති දරමැස්සක ආකෘතියේ නිමවුම කුමන් ද? ඒ ගැන චන්ද්‍රිකා මංගල හෝ අනුර කුමාර දන්නවා ද? මේවා ගැන පසුව විවරණය කරමි. පසුවට කල් තබා දැනට නොබියව මෙය ඔබට කියමි. ‘අහිංසකයින්ගේ ආරාමය’ යනු ජගත් රහසේ වින්දනය කර ගැනීමට ඔහු ම ඔහු වෙනුවෙන් රජයේ වියදමින් හදා ගත් ස්මාරකයකි. එය සංවිධානගත ගුප්ත හිංසනයේත් අශ්ලීල ලිංගිකාස්වාදයේත් මනෝ ආකෘතියකි. මේ ස්මාරකය පිළිබද ඡායාරූප ඇති අය මා වෙත එවන්න.


විකල්ප වෙබ් අඩවිය සම්මුඛ සාකච්ඡාවට අදාළව පළ කොට ඇති පූර්විකාව සහ ඊට අදාළ මගේ ප්‍රතිචාර සටහන.

විකල්ප > අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතනය කරනලද තරුණයන් සහ අතුරුදහන් කරන ලද තරුණයන් සිහි වීමට ය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු ලැබුවේ, එවකට පැවති පොදු පෙරමුණු රජයේ මැදිහත් වීමෙනි. නමුත් අද ‛අහිංසකයන්ගේ ආරාමය’ ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ මේ දිනවල කෝට්ටේ ප්‍රදේශයේ සිදුවන සීඝ්‍රගාමී සංවර්ධනයට සහ දර්ශනීය පෙනුමට මෙම ස්මාරකය බාධාවක් යැයි කියමිනි. මෙම තත්ත්වය පිළිබඳව අහිංසකයන්ගේ ආරාමය නිර්මාණය කළ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ සිය අදහස් දැක් වූයේ මෙලෙසය.



  • මගේ ප්‍රතිචාරය > ඇත්ත වශයෙන් ම මෙය ඉවත් කරනු ලබන්නේ සංවර්ධනයට හා දර්ශනීය පෙනුමට ම බාධාවක් වන නිසා ම ද? කෙනෙකු කියන දේ වගේ ම නොකියන දෙයකුත් ඇත. මහින්ද පාලනය නොකියන ලද දේ මෙසේ උපකල්පනය කොට සිතමු! 1.මෙය රාජ්‍ය දෘෂ්ටිවාදයට එරෙහි ව රාජ්‍යය ම වැඩ කළ අභව්‍ය වරද්දා ගැනීමක් නිසා එය කඩා ඉවත් කරන්නේ එය නිවැරදි කිරීමට. 2.දෘෂ්‍ය කලාකරුවකු වන ජගත් වීරසිංහ මෙය ඔහුගේ නිර්මාණ චාරිකාව තුළ හා ව්‍යාපාතීන් තුළ වැඩි වශයෙන් නිතර නිතර ස්ථානගත කර ගන්නා නිසා සහ මීට ඔහු විසින් යොදා ඇති නාමය වන ‘අහිංසකයින්ගේ ආරාමය’ යන නාමය ස්මාරකයක් යන සංකල්පය සමග ව්‍යාකූලත්වයක් ඇති කරවන නිසා ත් ජගත් නොමැතිව මේ ස්මාරකයේ කලා සංකල්පය වෙනුවෙන් රජයට පෙනී සිටීමට බැරි නිසා ත් ඉන් නිදහස් වීමට . 3. මෙම ස්මාරකයේ නිර්මාණ සැළසුම සාමාන්‍යයෙන් ඉහළට නැගී සිටින ස්ථම්භ ආකෘතියේ එකක් වෙනුවට බංකරයක් වැනි ඇතුළට ගොස් නැරඹිය යුතු ඒ වගේ ම ඇතුළට ගොස් නරඹන අයකු බාහිරට ප්‍රදර්ශනය නොවන ආකෘතියකට අයත් නිසා විශේෂයෙන් මෙය 88-89 භීෂණ අද්දැකීමකට සම්බන්ධ කොට ඇති පසුබිමක ‘ඇතුලතට යන ජනයා’ පිළිබද රජයකට හෝ ආරක්ෂක අංශයන්ට හැගවුම්කරණය නොවන ක්ෂිතිමය අද්දැකීමක් වන නිසා. 4. මෙය මහජන අයිතියට පවරා තිබියදීත් මෙය නැරඹීමට සාමාන්‍යයෙන් අනෙක් නැරඹුම් ස්ථාන වලට ජනයා ඇදී යනවා වගේ ඇදී නොයාම නිසා ඊට යොදා ගත් ඉහළ ම ආර්ථික තක්සේරුවක් ඇති ඉඩම් කැබැල්ල නිෂ්ප්‍රයෝජනවත් වීම ත් නිසා. ( ‍මෙය නිරන්තරයෙන් වල්බිහිවී තිබූ ස්මාරකයකි) . 5. රාජ්‍යයට රජයක් හැටියට පමණක් නොව පොදුජනයාට ද පොදුවේ පෙනී සිටිය නොහැකි සහ වින්දනය කළ නොහැකි ලෙස අර්ධ අමූර්ත හා සංකල්පීය කලාවේ ලක්ෂණ ඇති නිසා සහ යම් යම් විවිධ පුද්ගල ප්‍රතිරූපයන්ගේ වැකි (සුනිල් මාධව ප්‍රේමතිලක, නන්දා මාලිනී, නිමල් ඒකනායක, නන්දන වීරසිංහ වැනි අයගේ වැකි) ටෙරාකොටා මාධ්‍යයෙන් ස්ථිරව එහි ඇතුලත බිත්ති වල ස්ථාපිත කර එම නිර්මාණය හා අවියෝජනීය කර තිබූ නිසා පොදු ජන මනසට පොදු වන හැගීමක් ඒ තුළ නොවන නිසා ත් රජයට ඒ වෙනුවෙන් පෙනී සිටීමට යාමේදී අනවශ්‍ය බරක් ඇති වන නිසා (ජගත් මේ අයගේ වැකි ස්ථිර මාධ්‍යයකින් බිත්ති වල ස්ථාපිත කරේ යම් කිසි දවස මෙය කඩා බිද දැමීමට තීරණය උවොත් සමාජයේ ප්‍රතිරූප බවට පත්ව ඇති අයවුලුන් නියෝජනය කරන ප්‍රවාහයන්ගේ විරුද්ධත්වය ලැබෙනු ඇතැයි සිතා බවට අනියම් තොරතුරු ඇත.) 6. නිර්මාණ සංකල්පය ගැන රජයට ‍පෙනී සිටිය නොහැකි උවත් අවම වශයෙන් සමාජය තුළ විෂයට අදාළ කිසිවකු විසින් හෝ ඊට අදාළ විෂය ආවරණයන් හෝ සාකච්ඡාවන් හෝ සංවාදයන් ඉදිරියට රැගෙන නොයාමත්, ජගත් ඇතුළු ඔහු සභාපතිත්වය දැරූ ඔහු නියෝජනය කළ හීවෝස් ෆන්ඩ් වලින් ස්ථාපිත තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය යන එන්.ජී.ඕ. වට පමණක් එය විෂය වීම නිසා රජය මහජන විෂය පථයන්ගෙන් දුර්මුඛ වන නිසා. ( සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුළ යම් යම් ක්ෂේත්‍ර අධ්‍යයන, උපාධි නිබන්ධ ආදී ඒවාට මෙය විෂය කර ගත් මුල්කාලීන අය සදහා පෙළඹවීම්, අනුග්‍රහයන් තීර්ථ සාමාජිකයින් විසින් විවිධ ක්‍රම මගින් කර ඇති බව ද අවශ්‍යනම් අනාවරණය කර ගත හැකි ය.)











Comments


දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි.  
-සුජිත් රත්නායක
සිත්තර වාසල
SITTARA WASALA
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 by JACK BANKS PHOTOGRAPHY. Proudly created with Wix.com
 

bottom of page