ආකිටෙක්චර් සඳහා 'නොවන' ප්‍රතිභාපුර්ණ කලා කෘති හදන මේ රටේ මිනිස්සු.
- සුජිත් රත්නායක From Facebook
- Mar 13, 2019
- 1 min read

මේ කලා කෘතිය ලංකාවේ ය. මෙය මා විසින් 'පුරහල බෝබ්ම්බය' කෘතිය මගින් විශද කරන ලද සවුන්දර්ය මාදිලියේ පසුප්‍රාප්තික හැරවුම් ලක්ෂය ය. එය 'පුරහල බෝම්බය කෘතියට ආලෝකයක් ගෙනෙන අතරම පුරහල බෝම්බය විසින් මෙයට ද ආලෝකයක් ගෙන දීමට සමත් මග හැර යා නොහැකි කලා කෘතියකි. ආකිටෙක්චර් සඳහාම වාණිජ කලා කෘති ම කරන වර්තමාන ලංකාවේ කලා කෙත තුළ දුර්ලබව පහළ වී ඇති මේ වගේ මිනිසුන් අප ආරක්ෂා කර ගත යුත්තේ ජාතික අධ්‍යාපන ආයතනය, සවුන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කලාගාර සංකල්පය, විචාර කලාව යන හැම එකකම අර්ථ නිෂ්ටාව සපයන්නේ මේ වගේ අයගේ මේ වගේ කලා කෘති බැවිනි. මේ කලා කෘතිය තුළ ඇත්තේ වේදනාවකි. එය ලිහිල් සුමට කපටි ඇස් බැන්දුමකින් අයාලේ යවා ආර්කිටෙක්චර් වලට ගැලපීමට මේ මිනිසාට අවශ්‍ය වී නැත. ධනවතුන්ගේ කලා කෘති එකතූන් සඳහා හැර මේ වගේ කාලා කෘතිවලට ආකිටෙක්චර් වල ඉඩක් නැත. කලා ප්‍රදර්ශන හරහා ඔවුන් උඩට නොඑන්නේ මන්ද යන්න හොයා බලන සමාජ සංවේදී මිනිසුන්ට, සමාජ ක්‍රියාකාරකය්න්ට මම ඔහුව අද සම්මුඛ කරමි. ඔහු අසංග කරුණාතිලක
Opmerkingen