ජාතික කලාභවන වෙනුවෙන් කෙරෙන යෝජනා මාලාව
- සුජිත් රත්නායක
- Jan 10, 2017
- 2 min read
1.
කලාභවනේ නිත්‍ය කලා එකතුවේ තිබූ අතුරුදහන් වූ එෙතිහාසික කලා කෘති ගැන විමර්ශනයක් කරන්න.
2.
කලාභවන ප්‍රතිසංස්කරණයට අදාලව ඉබි ගමනේ යන අප්‍රකට කාරණා මහජනයාගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන්න.
.3
කලාභවනේ නිත්‍ය නිර්මාණ එකතුව විවිධ විෂය මාතෘකා යටතේ විවිධාංග කොට විවිධ විෂය මාතෘකා යටතේ ප්‍රදර්ශන හැටියට ඉදිරිපත් කරන වෘත්තීය භූමිකාව වන 'ප්‍රදර්ශන අභිරක්ෂක' තනතුර පිහිටුවන්න.
4.
කලාභවනේ නිත්‍ය නිර්මාණ එකතුවට අයත් සෑම කලා කෘතියක් ම හේතු පාඨ යටතේ වර්ගීකරණය කිරීමට, හේතු පාඨ සමග එම කලා කෘති මහජනයාට දැකීමට ඊට සුදුසු ක්‍රමවේද සැකසීමට වෘත්තීය විශේෂඥයන්ට බාර කරන්න.
5.
කලාභවන ප්‍රදර්ශන සදහා වෙන් කරවා ගැනීමේ පහසුකම කලාභවන තුළින්ම ලබා ගැනීමට සළස්වන්න.
6.
කලාභවනේ නිත්‍ය නිර්මාණ එකතුවට දමිළ කලාකරුවන්ගේ කලා කෘති ද අැතුලත් කරන්න.
7.
කලාභවනේ නැගෙනහිර ශාලාවේ ප්‍රදර්ශන පවත්වන අයගේ පහසුව පිණිස එම ශාලාවට යාබදව ද වැසිකිළි පහසුකම් අැති කරන්න.
8.
රාජ්‍ය නැටුම් කණ්ඩායමට කලාභවනේ කාර්යාලයීය කාමර පවරා දී තිබීම අත්හිටුවන්න.
9.
නිත්‍ය නිර්මාණ එකතුවට අයත් අප්‍රදර්ශිත කලාකෘති තාවකාලිකව ගබඩා කිරීම පිණිස බටහිර ශාලාව ගෘහ අභ්‍යන්තරිකව බෙදා වෙන් කිරීම නැවත යථා තත්වයට පත් කරන්න.
10.
නිත්‍ය නිර්මාණ එකතුවට අයත් කලාකරුවන්ගේ ශිල්පීය වතගොත ම්‍රද්‍රිත ප්‍රකාශනයක් හැටියට ප්‍රසිද්ධ කරන්න.
11.
කිසිදු රටක් නොකරන මෘත ශරීර මහජන ප්‍රදර්ශනය සදහා ලබා දෙන ස්ථානයක් හැටියට යොදා ගැනීම වහාම නතර කරන්න.
12.
මල් ප්‍රදර්ශ
13.
කලාභවනට අැතුළු වන විදේශිකයින් අරබයා නිත්‍ය නිර්මාණ කෘති එකතුව ගැන මග පෙන්විය හැකි ඉංග්‍රීසි දැනුමැති වෘත්තීය මග පෙන්වන්නන් පත් කරන්න.
14.
කලාභවන තුළ විමසීම් කවුන්ටරයක් ස්ථාපිත කරන්න.
15.
එෙතිහාසිකව පැවත එන ශ්‍රී ලංකා කලා සංගමයේ චිත්‍ර පන්ති කොරිඩෝවේ පැවැත්වීම වෙනුවට ඔවුනට ගෞරවාන්විතව එය කරගෙන යාමට කලාභවනෙන් පරිබාහිර වෙනත් ස්ථානයක් ලබා දෙන්න.( කොරිඩෝවේ චිත්‍ර පන්ති පැවැත්වීම කලාභවනට යන එන අයට ඉමහත් කරදරයක් ද වන්නේය )
16.
සරත් සූරසේන මහතා චිත්‍ර-මූර්ති අනුමණ්ඩලයේ සභාපතිවරයා හැටියට සිටි කාලයේ රාජ්‍ය චිත්‍ර-මූර්ති උළෙල අනෙකුත් කලා උළෙලවල් වන රාජ්‍ය නාට්‍ය උළෙල, රාජ්‍ය චිත්‍රපට උළෙල හා සම තත්වයෙහිලා පැවැත්වීමට කරන ලද යෝජනා හා නිර්දේශ අනුව සාපේක්ෂ වශයෙන් ප්‍රගතියට ලක් වූ රාජ්‍ය චිත්‍ර-මූර්ති උළෙල සම්මාන ලබන්නන් හේතු පාඨ යටතේ සම්මානයට පාත්‍ර වන පරිදි තව දුරටත් වැඩි දියුණු කරන්න.
17.
නිත්‍ය නිර්මාණ එකතුවේ කලා කෘති ස්භවික කාලගුණ හා දේශගුණික තත්වයන් හමුවේ සුරැකෙන වැඩලිළිවෙලක් හදන්න. ( නිත්‍ය නිර්මාණ එකතුව අැති කොටස තෙමෙන බවට දැනටමත් වාර්තා වී අැත)
18.
දේශපාලනික සම්බන්ධතා මත හා අනුමණ්ඩල සාමාජිකයින්ගේ පුද්ගලික සම්බන්ධතා මත නිත්‍ය නිර්මාණ එකතුවට ලබාගෙන කලාභවනේ එල්ලා අැති කලාකරුවන් නොවන අයගේ අනුකාරක නිර්මාණ ඉවත් කිරීමට සුදුසු වෘත්තීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් තේරීම් කමිටුවක් පත් කරන්න. ( කැලැන්ඩරයක දක්වා තිබූ උඩරට නැට්ටුවෙකුගේ ඡායාරූපයක් බලාගෙන එය පිටපත් කරන ලද අාධුනිකයෙකුගේ චිත්‍රයක් ද නිත්‍ය නිර්මාණ එකතුවට ලබාගෙන අැති අතර ලජ්ජා නැතුව එය බිත්තියේ එල්ලා අැත)
න, වෙළෙද ප්‍රදර්ශන, දේශපාලන ප්‍රවර්ධන ප්‍රදර්ශන අාදිය සදහා කලාභවන ලබා දීම වහාම නතර කරන්න.
Comments