වර්තමානයේ ජනප්‍රිය කලා මාධ්‍ය දෙකක් වී අැති කවි සහ චිත්‍ර අතර වෙනස
- සුජිත් රත්නායක
- Dec 19, 2015
- 5 min read

කවි සහ චිත්‍ර, කලා මාධ්‍යයන් අතරින් ඔ්නෑම කෙනෙක් පහසුවෙන් නැඹුරු වන කලා මාධ්‍යයන් දෙකක් බව පෙනේ. අවම සම්පත් වලින් භාවිතයට ගැනීමට හැකි වීමත්, මුලුමනිනින්ම එය ස්ව පුද්ගලානුබද්ධව මෙහෙයවීමට ගත හැකි වීමත්, පාලුව-කාන්සිය සංසිදුවා ගැනීමට උත්ප්‍රේරණ සපයන සුලබ මූලාශ්‍රයන් හැටියට එය සමාජ ව්‍යවහාරයෙන් උකහා ගැනීමට හැකි වීමත් නිසා මෙම කලා මාධ්‍යයන් 6 පන්තියේ පමණ ළමයකුගේ පටන් වයෝවෘද්ධ වැඩිහිටියෙකු දක්වා භාවිතයට ගැනීමේ නැඔුරුව වැඩිය.
කවි ලියන හෝ චිත්‍ර අදින වෙෙද්‍යවරුන්, ඉංජිනේරුවන්,ගණකාධිකාරවරුන්,පරිපාලන නිළධාරීන්,විදුහලුපතිවරුන්, පාලකයින්,නීතිඥයින්, සරණාගතයින්, සිරකරුවන්, වහලුන්, පාසල් සිසුන් අාදී ලෙස විවිධාකාරය.විෂමය.එහෙත් කවි ලියන හැමෝම කවියන්ද චිත්‍ර අදින හැමෝම සිත්තරුන් ද නොවේ. එමෙන් ම කවියන් හෝ සිත්තරුන් ලෙස තම වෘත්තීය අනන්‍යතාව සමාජය තුළ තහවුරු කර ගත් අයගේ කවි-චිත්‍ර වලට වඩා සම්පීඩ්‍යතාවෙන් අනූන කවි හෝ චිත්‍ර වෘත්තීමය ලෙස නොනියලෙන අය තුළින් ද අනන්තවත් බිහි වී අැත. (එ් තරම් දුරකට ද නොයා සිතුවහොත් සිර මැදිරි වල සිරකරුවන් අගුරු කෑල්ලෙන් ලියූ අපූරු කවි හෝ චිත්‍ර ද සරසවි සිසුන් නේවාසිකාගාර හෝ වැසිකිළි බිත්ති වල සටහන් කළ සිත් සතන් කුළුගන්වන කවි සහ චිත්‍ර අප දැක අැත.) සමහරු වෘත්තියෙන් වෙෙද්‍යවරුන්, ඉංජිනේරුවන්, මාධ්‍යවේදීන් වුවත් ඔවුන් සමාජය විසින් කලාකරුවන් හැටියට පමණක් හදුනා ගන්නා තරමට ඔවුන් කලාව මගින් කළ කී දෑ සුවිශාල අවස්ථා සුලබය. 43 කණ්ඩායමේ බහුතරයක් දෙනා ප්‍රසිද්ධ වූයේ කලාකරුවන් හැටියට විනා ඔවුන් තම සුහුඹුල් වියේ හදාරන ලද සහ නිමග්න වූ වෘත්තීන් වලින් නොවේ.කවි ලියන්නන් වැඩි වූ තරමට චිත්‍ර අදින්නන් වැඩි වූ තරමට එය කෙෂ්ත්‍රයට තර්ජනයකැයි මම නොසිතමි.විනෝදාංශයක් හැටියට කවි ලියන්නන් හෝ චිත්‍ර අදින්නන් ද කිසි විටෙකවත් තර්ජනයක් නොව අාශීර්වාදයක් හැටියට ය මට හිතෙන්නේ. අද ප්‍රශ්නය අැත්තේ එ් තුළ නොව වෙනත් පැත්තකය. ප්‍රශ්නය අැත්තේ විනෝදාංශයට හෝ නෙෙසර්ගිකව භාව උද්දීපනයකට වෙනත් වෘත්තීන් වල නියලෙන ගමන් කවි හො චිත්‍ර අදින අය නොව බිස්නස් එකක් හෝ සයිඩ් බිස්නස් එකක් හැටියට චිත්‍ර අදින්නන්ගෙන් ය. අවම වශයෙන් විනෝදාංශයක් හැටියට චිත්‍ර අදින ලද අය තමන් කවියන් - සිත්තරුන් ලෙස පම්පෝරි ගැසීම, කෙෂේත්‍රයේ ජ්‍යෙෂ්ටයන්ට කෝචොක් කිරීම වගේ විප්‍රකාර 70 දශකයේදී වූයේ නැති තරම් ය. විවිධ රැකී රක්ෂාවන්හි නියලෙන ගමන් සයිඩ් බිස්නස් එකක් හැටියට චිත්‍ර අදින්නන් දැන් දැන් කෙෂ්ත්‍රයට තර්ජනයක් වන තැනට පැමිණෙමින් අැත. විනෝදාංශයට පමණක් නොව කීයක් හරි හොයා ගැනීමටම ජීවිකාව හැටියට විදේශිකයන් වැඩියෙන් ගැවසෙන බේරුවල, හික්කඩුව, උණවටුන, නුවර අාදී ප්‍රදේශ වල ගැමි දර්ශන චිත්‍රයට නගා විකුණා ගැනීමට චිත්‍ර අදින සිත්තරුන්ද කිසි විටෙකවත් කලා කෂේත්‍රයට තර්ජනයක් නොවන්නේ කුසලතාවයක් නොමැතිව එය කළ නොහැකි ක්‍රියාවක් වන නිසාවෙනි.
කවිය ජනප්‍රිය මාධ්‍යයක් වුවත් එය ජාවාරමක් කර ගත නොහැකි කලා මාධ්‍යයකි. බිස්නස් එකක් හැටියට කවි ලියා විකුණා ධනවත් විය නොහැකිය.එය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව අැත්තේ තම ප්‍රේමනීයයන්, අසල්වැසියා, හිතෙෙෂීන් අමන්දානන්දයට පත් කිරීමේ හෝ ස්ව පුද්ගල දුක්ඛ දෝමනස්සයන් හෝ සංතුෂ්ටීන් සන්තර්පණය කර ගැනීමේ කදිම ඔසුවක් හැටියට ය. හුදෙක් විනෝදාස්වාදය ද අැතැම් කවි ලියන්නන්ගේ කවි වලින් හදුනා ගැනීමට වඩාත් පහසු ෆේස්බුක් වැනි සමාජ ජාල අවකාශ වල සැරි සරන විටය. එ් මත අැති බාහෝ කවි තම අනෙකාට කොචෝක් කිරීම යාවත්කාලීන කර ගන්නා තරගකාරී කවි තථ්‍යාකාරයකින් යුතු බව මගේ කල්පනාවය. කවිය සුලබ ජනප්‍රිය මාවතක් හැටියට යොදා ගැනීමේ හොද නරක විභාග කිරීම එක්තරා අාකාරයකට අනවශ්‍ය දෙයකැයි මා සිතන්නේ එය අනෙක් කලා මාධ්‍යයන්ට සාපේක්ෂ ව ව්‍යවහාරික සමාජයීය වින්දන පරාසයක් වී අැති බැවිනි. චිත්‍ර කලාව ජනප්‍රිය කලාවක් බවට පත්ව අැත්තේ මීට සපුරාම වෙනස් අාකාරයකිනි. සත්‍ය ලෙසම එය ජාවාරමකි.
2000 දශකය වන විට ශ්‍රී ලංකාව තුළ ගෘහ නිර්මාණ කලා ක්ෂෙත්‍රය දළු ලා වැඩෙන්න විය. 80 දශකය වන විට ලංකාවේ තිබූ හෝටල සංඛ්‍යාව කෙමෙන් කෙමන් හතර පස් ගුණයකටත් වඩා වැඩි වන්න විය. යුද්ධය නිමා වීමෙන් පසු උතුරු නැගෙනහිර ද හෝටල හැදෙන්න විය. මීට අමතරව ජෙෆ්රි බාවා පන්නයේ ගෘහ නිර්මාණ හා එ් හා බැදුණු ජීවන විලාසිතා පමණක් නොව වෙනත් අළුත් ජීවන විලාසිතාද අැති විය. ගෘහ නිර්මාණ ශිල්පීන් තම ගෘහ නිර්මාණ තුළින් මතු කරන වර්ණ, වයනයන්(Texture), ද්‍රව්‍ය ගුණ, අාලෝක පාලන ශිල්ප විධි, අවකාශ.....මේ සියල්ලම එකට එක පිඩකට එ්කාත්මික කොට තම ගෘහ නිර්මාණ සංකල්පය තීව්‍ර කිරීමට ගන්නේ ඔවුනගේ ශිල්ප විධි සමග සංගත එ්කාබද්ධතාවයන් අැති කිරීමට සමත් චිත්‍ර ය. එ් අනුව චිත්‍රයක් යනු අද වන විට ගෘහ නිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයේ ම කොටසකි. ජීවන විලාස වර්ණ පටිපාටීන් හැටියට, වයන පටිපාටීන් හැටියට, ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සම්පිණිඩණය කරන්නේ කෙසේද යන්න පිළිබද ඥානය චිත්‍ර කලාව ජාවාරමක් හැටියට භාවිතයට ගන්නා අයට අැත. එ් ඥානය ලබා ගැනීම ද එතරම් අපහසු කටයුත්තක් නොවේ. ජීවන විලාස හා ගෘහ නිර්මාණ සංකල්ප විදහා පෙන්වන සගරා, අතිරේඛ, පොත්පත් නිකං පෙරලා පිංතූර බැලුවත් මේ ඥානය ලබා ගත හැකිය. Explore Sri Lanka, සදැල්ල වැනි ප්‍රකාශන පමණක් වුව මීට ප්‍රමාණවත්ය..ගෘහ නිර්මාණ අවකාශ සදහා චිත්‍ර අදින අයුරු මේ කටයුත්තේ නියලෙන අය ප්‍රසිද්ධ කරන්නේ නැත.අැත්ත වශයෙන් ම එය යාන්ත්‍රික ක්‍රියාවලියකි. අැදේ නිරුවතින් දිග අැරිලා ෆෝන් එකෙන් තම ගුරුවරයකු සමග ගරුසරු අැතිව කතා කිරීම බදු යාන්ත්‍රිකත්වයකි මේ තුළ අැත්තේ. මේ කලා මාවත සදහා කාය ව්‍යවච්ඡේදයට අනුකූල මිනිස් සිරුර අධ්‍යයනයක් හෝ නිෂ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩණ කුසලතාවක්ද අවශ්‍ය නැත. පැල්ලම්, කඩතොලු, කුරුටු ගෑම්,සීරීම්, අරමුණක් නැති උලා දැමීම් සහිත අැකී මැකී යන ග්‍රාම්‍ය වයනයන්ගෙන් (Texture) යුතු අැන්ටික් වූද පූර්වජ කලාවන්හි (Primitive Art) තථ්‍යාකාරයන්හි ඡායාවන් බදු වූද සෞන්දර්ය මතුපිටවල් ගොඩ නැගීමය මෙහිදී වැඩි වශයෙන් මාර්කට් වන්නේ. මෙම චිත්‍රයක් සැකසීමට යන්නේ දවසකටත් වඩා අඩු කාලයකි. (මේ කටයුත්ත සදහා අැතැම්හු සිය පවුලම සහභාගි කර ගනිති.) මෙබදු එක චිත්‍රයකින් ලැබෙන මුදල අැතැම් විට රුපියල් ලක්ෂය ඉක්ම වූ මුදලකි. ගොඩනැගිල්ලක පළංචි උඩ නැගලා මුළු ගොඩනැගිල්ලෙම මේසන් වැඩ කරන බාස්සුන්නැහැ කෙනෙකු ගන්නවාට වඩා වැඩි මුදලක්ය දවස් දෙකෙන් තුනෙන් යාන්ත්‍රිකව කරන චිත්‍රයකින් මේවාට චිත්‍ර අදින අය උපයන්නේ. අනෙක් අතට බාස්සුන්නැහැ කෙනෙකුට නැති කීර්තියක් ද ඔවුනට ලැබේ. සිත්තරෙකු සළකනුයේ කම්කරු ප්‍රභේදයක් හැටියට නොව බුද්ධිමය වෘත්තීය ප්‍රභේදයක් හැටියටය. දුක් මහන්සියෙන් උදේ හවා දිවා රෑ නොබලා එක දිගට නියලෙන රස්සාවකට වඩා පහසුවෙන් කීර්තියද ධනය ද දෙකම ලබා ගැනීමේ පහසු වූ මාධ්‍යය බවට මේ වන විට ලංකාව තුළ පත්ව අැත්තේ චිත්‍ර කලාවය.තමන් නිදහසේ අදින චිත්‍රයක් ඉද හිට ගොඩනැගිලි අවකාශයකට ගත්තද එය ජාවාරමක් හැටියට නොව ගවේශනයක්, ස්වපුද්ගල හෝ සමාජ ප්‍රකාශනයක් හැටියට යොදා ගන්නා ජ්‍යෙෂ්ඨ සිත්තරුන්ට වඩා මාගේ පරම්පරාව සහ අළුත් පරම්පරාව ධනවත්ය. එහෙත් එම පන්තිය බඩුභාණ්ඩ හා කෘත්‍රීම ජීවන විලාස වලින් පොහාසත් වන තරමට සමාජ අාකල්ප හා ගතිගුණ වලින් සැබෑවට වනචාරී බව පෙනේ. සමාජ කැඩපතක් නැති ඔවුන් අධිපරිභෝජනකාමයෙන් ශේෂ කළ සයිකෝසීය නිර්වින්දනකාමයෙන් කලා සමාජයේ පරමාදර්ශ, පිළිවෙලට දැන් දැන් කොචෝක් දැමීමට ද අවතීර්ණ වී අැත.කවිය ජනප්‍රිය හෝ ව්‍යවහාරික කලා මාධ්‍යයක් බවට පත් වුවද එ් තුළ මෙය දක්නට නෙලැබෙන්නෙකි.ඔ්න කෙනෙකුට කවි ලිළුීමේ අනුකරණය හෝ අාභාසයට ගන්නා මූලාශ්‍ර එම ක්ෂේත්‍රය තුළ සමච්චලයට ලක් වන්නේ නැත. එසේ වන්නේ නම් එය සිදු වන්නේ දෘෂ්ටිවාදයක් තුළය. දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය සුලබ වශයෙන් පාලනය වන්නේ දෘෂ්ටිවාද මතට වඩා සිතැගි මතය. 6 වසර පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා පාලනය පෙළ පොතේවත් දැනුම නැති අයකුට පහසුවෙන් සිත්තරකු විය හැකි අතර එවැන්නෙකුට සිවිල් පරිපාලන නිළධාරියකුගේ සමාජ තත්වයට එක රැයින් පැමිණිය හැකි වී අැත. පසුගිය රජය කාලයේ මෙබදු ඊනියා සිත්තරුන් සිවිල් පරිපාලන නිළධාරීන් පරිද්දෙන් හ තීරුබදු රහිත වාහන බලපත්‍ර ද ලබා ගන්නා ලදි.
අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
එ්ක බිදපි ගොනා
එ්කට අැයි හිනා
පිනාගෙ පොඩි ළමා
මිදුලට දුවමිනා
බ්දුණ හීන බලා
කද ළග ගොළු උනා!
මේ කවිය ජනකවියක් මුල් කරගෙන ජන චිඥානයේම තබා ජනවිඥානය දෙපලු කරන සමාජ ප්‍රකාශනයකි.මෙය පරාක්‍රම කොඩිතුවක්කුගේ කවියකි. කවියෙකු හැටියට කොඩිතුවක්කු කර අැත්තේ ඉතා සුළු මැදිහත්වීමකි. එම සුළු මැදිහත් වීම සුවිශාල මැදිහත් වීමක් වන්නේ කොඩිතුවක්කු කවියකු හැටියට වෘත්තීමය වශයෙන් සමාජය තුළ ඔහු විසින් නඩත්තු කළ වෘත්තීය සීරියස්බව නිසාවෙනි. මහින්ද රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන එ්කකයට ගෙන්වා ගැනීමට විරෝධය පා ඔහුට හිතෙෙෂීන් පාර්ලිමේන්තුවේ සභාගර්භයේ නිදා ගත්ත ද ඩිව් ගුණසේකර විරෝධය පෑවේ පුටුවේ වාඩි වෙලාය. අනෙක් අය හෙළුවෙන් හිටියත් ඊට වඩා දෙයක් ඩිව්ගේ සහභාගිත්වයේ අැත. ඩිව් ගේ සහභාගිත්වය අනෙක් අය ලද මහගු ජයග්‍රහණයකි. ( ඩිව් දේශපාලනික වශයෙන් පසුගිය කාලය තුළ ජරාජීර්ණ තැනකට අවතීර්ණ වුවත් ඉද හිට හෝ ඩිව් තුළ ප්‍රබුද්ධ දේශපාලනයේ සාංකාව මතු වන අවස්ථා අැති නිසා ඩිව් හුදෙක් ගැලරිය පිනවන ග්‍රාම්‍ය දේශපාලනඥයකු නොවන බව පෙනේ. ) කොඩිතුවක්කුගේ කවිය බලා එ් අාකෘතියේ කවි ලිවීම අතිශය සුළු වැඩකි. අවශ්‍යනම් ගිනස් වාර්තාවක් තැබීමට සමාජ ව්‍යවහාරයේ පවතින දෙයක් වචනයක දෙකක එහා මෙහා කිරීම් වලින් දහස් ගණන් ලියා වාර්තා තැබිය හැකිය. එහෙත් කොඩිතුවක්කුගේ කවිය කිසි විටෙකවත් අතික්‍රමණය කළද එය හෑල්ලුවකට ලක් කිරීමට කවි ක්ෂෙත්‍රය ක්‍රියා කරන්නේ නැත. කවි ක්ෂේත්‍රය අදෘෂමානව වුවත් පාලනය වන සදාචාරයක් අැත. චිත්‍ර කලා ක්ෂේත්‍රය තුළ අැත්තේ පාතාලයක් නොවන නමුත් පාතාල යථාර්ථයකි: ගල් ගැසුණු නරුම නිශ්ශබ්ධතාවකි. කොඩිතුවක්කු අාකෘතියට මමරූපික චිත්‍ර කලා අාකෘතීන් විෂද කළ පුරෝගාමීන් සරණාගාතයින් මට්ටමට පත්ව අැති අතර එය වගා දිගා කරගෙන බිස්නස් එකක් බවට පත් කරගන්නන් දැන් ගිනිබෝල සංදර්ශන පවත්වමින් අැත. ඔ්න කෙනෙකුට ලෙහෙසියෙන් අැතුළු විය හැකි ජනප්‍රිය කලා ක්ෂේත්‍ර දෙකක් වන කවි සහ චිත්‍ර කලා කේෂ්ත්‍ර දෙකේ වෙනස එය බව මගේ හැගීමයි.
Comments