මමයි මගේ තාත්තයි සහ යක්ෂයයි!
- සුජිත් රත්නායක
- Nov 20, 2015
- 13 min read
තාත්තා ඔහුගේ කලා කටයුතු වලට කුඩා කල සිට ම මා සම්බන්ධ කර ගත්තේ ය. තාත්තා සමග මා අඩි 30-40 තරම් උස පළංචි උඩ නැගලා ප්‍රාදේශීය කලා වැඩ කෙරූවෙමු. චිත්‍රපට කටවුට්, වෙසක් තොරණ, වෙළෙද නාම පුවරු මේවා අප අතින් නිර්මාණය කෙරිණ. අම්බලන්තොට ‘සාලිය’ චිත්‍රපට ශාලාවේ තාත්තා වැඩ කරන කාලයේ තාත්තා එක්ක මා ද නිරන්තරයෙන් එහි ගියෙමු. චිත්‍රපට ශාලාවේ ප්‍රොජෙක්ටරය තියෙන කැබින් එක එහි අැති මා වඩාත් අැලුම් කරන තැන විය. සිනමා පටය පටන් ගන්න කලින් දැන්වීම් හැටියට වීදුරු ස්ලයිඩ් මා ක්‍රියා කළ අවස්ථා ද විය. එම අවස්ථාව ප්‍රොජෙක්ටරය ක්‍රියා කරවන අන්කල් මට ලබා දුන්නේ ය. ඔහුගේ උපදෙස් මත ඔහු ව අනුකරණය කරමින් ටිකෙන් ටික එය කිරීමට ඉක්මනින් මම හුරු වීමි.තාත්තා අතින් අැදපු ස්ලයිඩ් තිරය මත මගේ අතින් එක් වීමෙන් මම අපරිමිත අාස්වාදයක් ලැබුවෙමි. ප්‍රොජෙක්ටර් අැති කාමරය (කැබින් එක) භාර අන්කල් මා හට ලෙන්ගතු වූ අයෙකි. එහෙත් මා ඔහු කෙරේ බියකින් පසු වීමි. කැබින් එක ඔහුගේ අණසක අැති බල ප්‍රදේශයක් බව මේ වචන වලින් නැති වුවත් මම සිතූවෙමි. මම ඔහුට හොරා කරනු ලැබුවේ එක ම එක වැරදි වැඩක් පමණි. එ් සදහා අන්කල්ගේ අවධානය ගිලිහෙන අවස්ථාවක් එන තෙක් මම බලා සිටියෙමි. චිත්‍රපටයක් තිරගත වන වෙලාවක ප්‍රොජෙක්ටරය තිරයට මුදා හරින කවුළුව මත මගේ පුංචි අැගිල්ලක් තබා තිරය මත එය පතිත වන්නේ කෙසේද යන්න අද්දැකීම මගේ රහසිගත අාශාව විය. තිරගත වන චිත්‍රපට රූප රාමුවක් මත පුංචි ළමයකුගේ අැගිල්ලක් පතිත වූ විට කැබින් එක පැත්තට මිනිසුන් හැරී බලා අවසානයේ මා සොයා ඔවුන් පැමිණෙතැයි සිතා එය කිරීමට මම දහස් වාරයක් තරම් පසු බැස්සෙමි.අන්කල් මා නරක ළමයකු යැයි සිතනවාට ද මගේ සිතේ වූයේ වේලාසනින් අැතිව තිබූ දුකකි. මා සදාකාලිකව ම කොන් වීමට තරම් දෙයකැයි මම පුන පුනා සිතුවෙමි.අවසානයේ මුලු අැගිල්ල වෙනුවට අැගිලි තුඩක් පමණක් යාන්තමට කවුළුවේ මුල්ලකින් දමා මම මගේ අැගිල්ලේ ඡායාව තිරය මත පතිත වනු බැලුවෙමි.චිත්‍රපටය බලන කිසිවෙකුටවත් එය විශේෂයක් නොවීය. ගාමිණී ෆොන්සේකා රග පෑ හතර දෙනාම සූරයෝ මගේ අැගිලි තුඩ පතිත වූ චිත්‍රපටය විය. අන්ධ ප්‍රේක්ෂකයාට නොතේරෙන්නත් අන්කල්ට නොපෙනෙන්නත් අදෘෂ්‍යමාන ක්‍රියාවක් හැටියට තම අාශාව රහසේ සංසිදුවා ගැනීමට මට ඥානය පහළ වන්න විය. එහෙත් එම අවස්ථාවෙන් පසු කිසි ම දවසක මම එ් වැඩේ නොකළෙමි. එ් ලයිසන් නැතුව කරන වැඩක අමිහිරියාවේ තරම අැගිලි තුඩක් මුල්ලකින් තිරය මත පතිත කර බැලීමේදී මම අත්දුටු නිසාවෙනි. පපුව ඩක් ඩක් ගාන සද්දය දැනුදු මට මතකය.
1991 දී උසස් පෙළ ලියා විභාගය සමත්ව සිටි මම සෞන්දර්ය අධ්‍යයන අායතනයට අැතුලත් වීමේ බලාපොරොත්තුවෙන් පසු වීමි. පරක්කු වී එම අායතනයට සිසුන් බදවා ගනු ලැබූව ද වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයකට මම ඉල්ලුම් නොකළෙමි. සෞන්දර්ය අධ්‍යයන අායතනයට බදවා ගන්නේ ප්‍රායෝගික පරීක්ෂණයකින් නිසා යම් හෙයකින් මා ඉන් අසමත් වුණේ නම් මට කිසිදු විශ්ව විද්‍යාලයක් නැත. 9 පන්තිය පමණ වෙනකං පන්තියේ අන්තිමයා නැත්නම් අන්තිමයාට කලින් වෙනියා වී සිටි මා උසස් පෙළ අාර්ථික විද්‍යාව ද අැතුළුව සමත් වූයේ එම අවුරුද්දේ පාසලේ ඉහල ම විභාග ප්‍රතිඵලය බවට මගේ ප්‍රතිඵලය වාර්තා කරමිනි. සෞන්දර්ය අධ්‍යයන අායතනයට අැතුලත් වීමේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන බවට මට තිබූයේ අධි තක්සේරුවකි. උපන්දා සිට මා හැදුණු වැඩුණ හුංගම තුඩුව ගම් පියසින් වශ්ව විද්‍යාල වරම් ලැබූ පළවෙනියා වූයේ මා ය. එම අායතනය ම බලාගෙන ඉදලා ප්‍රායෝගික පරීක්ෂණයෙන් මම නොතේරුණේ නම් මට ගමට මූණ දිීම තරම් මේ මිහිපිට අසීරු තවත් දෙයක් නැති තරම් විය. අපේ ගමට එවකට අල්ලපු ගම් වල අය කියූයේ කොරියාව කියලා ය. ලෝකයක් අැතුලේ කොරියාව කියලා රටකුත් රටක් අැතුලේ කොරියාව කියලා රටකුත් ගැන මම මුලින්ම දැන ගත්තේ අපේ ගම නිසා ය. 'විස්ස විද්‍දියාලෙට තියා ඔ්වයේ කක්කුස්සියක් හෝදන්නවත් මේ ගමේ ඒකෙකුට යන්න බෑ. පන්තියේ අන්තිමයා වෙච්ච ඔ්කට අැහැකෙයි ඔ්වයෙ යන්න' ගම්මුන්ගෙ මේ වගේ හෙලා දැකීම් වලට ප්‍රති උත්තර දෙන්න ගියා ම අැති වන ගාලගෝට්ටි හින්දයි අපේ ගමට කොරියාව කිව්වෙ. සරල වචනයෙන් අල්ලපු ගම් වල අය අපේ ගම කොරියාව වෙන්නෙ අැයි කියන එක හැදින්වූයේ කච..කචේ තියෙන ගමක් හින්දා. 1994 වෙන කොට මගේ බලාපොරෙත්තුව ඉෂ්ට විය. ප්‍රායෝගික පරීක්ෂණයෙන් ද මම සමත් උනෙමි.මම සෞන්දර්ය අධ්‍යයන අායතනයට පිය නැගූවෙමි.
සෞන්දර්ය අධ්‍යයන අායතනයට අැතුළු වන විටත් එළියට විදා නොහළ බලාපොරොත්තුවක් මට විය. එ් පිකාසෝ වගේ නොනවත්වා චිත්‍ර අැදීමේ අාශාව ය. මෙය ජීවන විලාසයක් හැටියට පුහුණු කිරීමට වේලාසන මම ප්‍රවේශ වී සිටියෙමි. එය මට බෝ වන්න ගත්තේ උසස් පෙළ කරන කාලයේ මගේ වීරයකු වූ මාස්ටර් සරත් වීරසිංහගෙනි. තාත්තා හැරුණු විට ඔහු මගේ ලෝකයේ වීරයකු වූ ගුරුවරයෙකි. ඔහු අතිශය සංවේදී මිනිසෙකි. සෞන්දර්ය අධ්‍යයන අායතනයට අැතුලත් වූ මුල් කාලයේ චන්ද්‍රගුප්ත තේනුවර, සරත් චන්ද්‍රජීව, ජගත් රවීන්ද්‍ර, සස්කියා පෙන්ටලොන්, කරුණාසිරි විජේසිංහ, තිස්ස ද අල්විස්, කිංස්ලි ගුණතිලක අාදීහු එවකට දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ නියලෙමින් සිටි කීර්තියක් ලබා සිටි පිරිසක් විය. මොවුනතුරෙන් එකිනෙකා වෙන් වෙන් ව හදුනා ගැනීමේ කියවීමක් ශිෂ්‍ය ප්‍රජාව තුළ විය. මේ අය අතුරින් චන්ද්‍රගුප්ත තේනුවර හා සරත් චන්ද්‍රජීව එවකට අැකඩමියේ කථිකාචාර්යවරු විය. කාලයක් අැවෑමෙන් සෞන්දර්ය අධ්‍යයන අායතනයේ කථිකාචාර්යවරු අතර අාකර්ශනීය වූ කථිකාචාර්යවරයකු මගේ ද සිත් ගත්තෙමි. මගේ උප්පත්ති පියාගේ ශිල්ප විධි වලට වෙනස් අයකු වූ හෙතෙම මගේ පියාගේ ගතිගුණ වලට අනුව යන අයකු යැයි මට සිතිණ. ඔහු විදග්ධයකු විය. ස්ත්‍රීන් නොනිත් පීඩාවට පත් කරන මුග්ධ පියවරුන් ගැන මා තුළ වූයේ ජුගුප්සාසහගත හැගීමකි. එමෙන් ම දඩුවම එකම අායුධය කර ගත් පියවරුන්ද මට එ් හැටි රුචි නොවීමි. එහෙත් නිවට නියාලූ බයාදු පියවරුන් ගැන ද මට එ් හැටි රුචියක් නොවීය. උප්පත්ති පියාගෙන් පසු අපමණ සමාජ පියවරුන්ගේ සෙවණේ මම හැදී වැඩී සිටියෙමි. එ් කිසිවකු අරබයා මට කිසිදු එදිරිවාදී කමක් අැති නොවූ තරම් ය.මේ අළුත් අාකර්ශනීය සමජයීය පියාට මම වරා මල යැයි කියමි. පියකු හැටියට මගේ ලෝකය තුළ ඉඩ ලබා ගත් මේ වරා මල මගේ ලෝකය අාක්‍රමණය කළේය. මම ඔහුට මුල්වරට අාශක්ත වූයේ ඔහු ඔහුගේ චිත්‍ර ගැන කියූ අැග කිලි පාලා යන කතාවක් නිසාවෙනි. ඔහුගේ චිත්‍ර සමාජය චිත්‍ර හැටියට පිළි ගන්නා චිත්‍ර ශෙෙලියකින් තොරව අැදුණු චිත්‍ර විය. එ්වා වර්ණ වල පැහැය මතු කර ගත නොහැකිව මළ වර්ණ වලින් යුතු චිත්‍ර විය. පරිමාණ වලට අනුගත නොවූ පූර්වජ ලක්ෂණ සහිත චිත්‍ර විය. සෝකය, කණසල්ල, බෙලහීනකම තැවරුණ චිත්‍ර විය. වේදනාවෙන් නලියන ලතෝනි දෙන චිත්‍ර විය. එ්වා චිත්‍ර නොවේයැයි සරසවිය තුළ මතය විය. 83 කළු ජූලියත් 88-89 භීෂණයත් ඔහුගේ කලාවෙ නිමිත්ත යැයි ඔහු කියූවේ ය. සංවිධානගත අපරාධ යාන්ත්‍රණය ඉදිරියේ තනි පුද්ගලයා විදින අපේක්ෂා භංගත්වය ඔහු ඔහුගේ චිත්‍ර වලින් නිරූපණය කළේ යැයි කීවේ ය. මේ සමාජය දිනා ගැනීම වෙනුවට සමාජය දායාද කළ රුදුරු කාංසාව ජය ගැනීම ඔහුගේ එ්කායන අභිප්‍රාය යැයි මේ වරා මල කීවේ ය. මූනිච්ඡාවට ඔහු ඉදිරියේ ඔහුට ලැදිකමක් පෙන්වූවද ශිෂ්‍ය ප්‍රජාව තුළ ඔහුට රුචි වූයේ දෙතුන් දෙනෙකු තරම් ප්‍රමාණයකි. එ් අය වරාමල සමග එකට සිගරට් බීවෝ ය. අල්ලාප සල්ලාපයෙහි ද යෙදුනෝ ය. අනෙක් කථිකාචාර්යවරු සහ සිසුන් අතර දුරක් තිබුණ නමුත් ඔහු සහ සිසුන් අතර එ් හැටි දුරක් නොතිබිණ.
අැල්බර්ට් ධර්මසිරි සිසුන් සහ ඔහු අතර වැඩි වශයෙන් දුරක් තබාගෙන සිටි අයෙකි. ඔහු සිසුන් සමග කතා කළේ පන්තියකදී පාඩමට අදාලව පමණක් වූ අතර අනෙත් සෑම අවස්ථාවක ම සිසුනගේ මූණවත් නොබලා ඍජුව ගමන් කළ අයෙකු විය. සෑම කථිකාචාර්යවරයකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔහුට අසාමාන්‍ය ලෙස ගෞරව කරන සෙයක් විය. සෞන්දර්ය අධ්‍යයන අායතනය අායතනයක් හැටියට බාහිර වෙනත් අැකඩමික අායතන සමග විෂය වෙනුවෙන් පෙනී සිටින අවස්ථා වල අැල්බර්ට් ධර්මසිරි කාටත් නැතුවම බැරි අයකු විය. ඔහු ශිෂ්‍යයකුගේ කුසලතාව අැගයීමකට ලක් නොකළ තරම් ය. අැකඩමික ක්‍රියාවලියක අනුක්‍රමිකතාවකට අනුව කුසලතා සාක්ෂාත් කර ගැනීමකින් තොරව උත්තරාරෝපිතව විදහා පාන රැඩිකල් වැඩ ඔහු අංශු මාත්‍රයකටවත් මායිම් නොකලේ දැඩි නිහඩතාවය මගිනි. ඔහුගේ නිහඩතාව බොහෝ සිසුන්ට බරක් විය. අායතනයට එන යන මහාචාර්ය එ්.ජේ. ගුණවර්ධන, ට්‍රිලීසියා ගුණවර්ධන, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය නිමල් ද සිල්වා, මහාචාර්ය එස්.බී. දිසානායක... අාදීන් යන අය සමග ඔහු දැඩි අැසුරක් තිබිණ. අැල්බර්ට් ධර්මසිරි කිසිවකට හැගීම්බරව මුහුණ දීමට ක්‍රියා නොකළ අතර අැගට පතට නොදැනී ඔහුට අරුචි දේ විවේචනය කළේය. ඔහුගේ විවෙචන විද්වත් සභාවන් වලදී පමණක් ඉතා කලාතුරකින් පමණක් සිසුනට දැක ගත හැකි විය. ඔහුගෙන් යමකට හොදයි කියා අහ ගන්න ලැබීම කෙනෙකුට ඉහේ මලක් පිපෙනවා බදු දෙයක් විය. ඔහුගෙන් නිර්දේශ ලබා ගැනීමට අැතැම් අාචාර්ය මණ්ඩල සාමාජිකයින් ද එකිනෙකා පරයා තරග කරන අවස්ථා ද මා දැක අැත.
බහුතර ශිෂ්‍ය ප්‍රජාව තුළ විශේෂයෙන් මාගේ අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මති මතාන්තර වෙනස් කිරීමට මට යම් හැකියාවක් තිබුණෙමි. මා විශ්වාස කරන සැළකිය යුතු මිතුරු මිතුරියන් පිරිසක් මට විය.වරා මල කෙරෙහි ඔවුන් නැඹුරු කරවීමට මට සිත් වූයේ ඔහු තුළ වූ මිත්‍රශීලී වූද විචාරශීලී වූ ද රැඩිකල් වූද ගති පැවතුම් නිසාවෙනි. එමෙන් ම සමාජ ඛේදවාචක ගැන ඔහු තුළ සංවේදීතාවයක් තිබෙන බවට මා විශ්වාස කළ නිසාවෙනි. මේ වරා මල පුරා විද්‍යාඤයකු විය. ඔහු අායතනය තුළ ඉගැන්වූයේ කලා ඉතිහාසය ය. ඔහු කලා ඉතිහාසය ඉගැන්වීමේදී එ් අතර තුළට සමකාලීන සංසිද්ධි බහා එ් ගැන සිසුන්ගේ මත විමසන ක්‍රමයකින් එය කිරීම ඔහුගේ විශේෂත්වයක් විය. දේශනයේ විෂය අයාලේ යන නමුත් ඔහුගේ මතු කිරීම් මා අැතුළු කිහිප දෙනෙකුට අාකර්ශනීය විය. දිනක් විෂය මාලාවට අදාල දේශනයක් ‘ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග කැසට් පටයක් නිකුත් කිරීම’ නම් සංසිද්ධියට බහා එය සංවාදයට ලක් කිරීමේ සංවාදයක් බවට පත් විය. ඔහුගේ දේශන වල තිබූ මේ ලක්ෂණයට විභාගය ඉලක්ක කරගෙන සටහන් ලියාගෙන පාඩම් කරන අයට නීරස විය. ඔවුනගේ මූණු දේව දඩුවමකට ලක්ව මැලවුණු මූණු සේ මට දිස් විය. මේ සංවාදවලට සම්බන්ධ වූයේ කිහිප දෙනෙකු පමණි. සාමාන්‍යයෙන් දේශන වලට සහභාගි නොවී එ්වා මග හරින රස්තියාදුකාරී කොල්ලන් ඔහුගේ දේශන වල සංවාද වලට එක් වන්න විය. මුලුගැන් වී සිටින්නන් අවධි වීම ද අවධි වී සිටින්නන් මුළුගැන්වීම ද ඔහුගේ දේශන විලාසය නිසා සිදු විය.
මා උපාධි නිබන්ධනයට තෝරා ගත්තේ වෙනත් විශ්ව විද්‍යාල වල සිසුන්ගේ සාහිත්‍ය උත්සව, කලා උළෙලවල්, නවක හමු, විසිර යාම් උත්සව, ශිෂ්‍ය දේශපාලන වැඩ අාදී වැඩ කටයුතු හා බැදුණ සැරසිලි කලා කටයුතු ගැන විමසීමක් කිරීමය. සෞන්දර්ය අධ්‍යයන අායතනයෙන් පිට වන අයගේ පරිකල්පනය සහ බාහිර සමාජයේ පරිකල්පනයේ වෙනසෙහි පදනම සෙවීමට මුල් බැස ගත් කැමැත්තක් මට විය. මා සෞන්දර්ය අධ්‍යයන අායතනයට පැමිණීමට පෙර පාසල් සිසුවකු හැටියට සිටින අවධි වල දේශපාලන වැඩ වලට මගේ කුසලතාව විවිධ අය ලබාගෙන තිබුණි. සරසවි ද එ් අතර විය. මේ පිළිබද මතකය මේ මාතෘකාව තෝරා ගැනීමට මට හේතු විය. නිබන්ධනයේ උපදේශකත්වයට නම් කළ අය අතර මේ වරා මල එක් අයකු විය. වෙනත් උපදේශකයින්ට වඩා මේ ගැන වැඩි වශයෙන් ම මා කතා කරනු ලැබූයේ ඔහු සමගය. මගේ විෂය ගැන වඩාත් තර්කානුකූල වූද නැවුම් තොරතුරුවලින් යුක්ත වූද උපදෙස් දෙනු ලැබූයේ ඔහු විසිනි.මේ නිබන්ධනයේ මාතෘකාවට ඔහු අපමණ රුචි විය. එහි අැති සුවිශේෂත්වය වෙනත් අය හමුවේ ද ඔහු ප්‍රකාශ කළේ ය. දිනක් මහාචාර්ය සේනක බණ්ඩාරනායක හමුවේ මා ගැන වර්ණණා මුඛයෙන් ඔහුට මා ගොතේ ඉන්ස්ටිටියුට් හිදී සම්මුඛ කළේ ය.
ටික දුරක් යන විට නිබන්ධනයේ විෂය, මා ඊට යොදා අැති මාතෘකාව මගින් නිරූපණය වීම ගැටලුසහගතයැයි තර්කානුකූලව පෙන්වා දුන් අතර එය නිෂ්චිත කාල අවකාශයකට සීමා කරන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව මා දන්නා සීමාවක් හැටියට එ් අනුව 90 දශකය යැයි මම සීමා නිර්ණ කර ගත්තෙමි. එ් අනුව ‘90 දශකය තුළ සෞන්දර්ය අධ්‍යයන අායතනයෙන් පරිබාහිර වෙනත් විශ්ව විද්‍යාල වල කලා සැරසිලි පිළිබද විමසීමක්’ ලෙස මාතෘකාව වෙනස් විය. මේ අතර තුර ඔහු විසින් අප කිහිප දෙනෙකු තෝරාගෙන පවත්වන්න යෙදී තිබුණු ප්‍රදර්ශනයක වැඩ වෙනුවෙන් අප දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වීමට සිදු වෙමින් තිබුණ කාලයකි. තවද දහසකුත් එකක් ප්‍රශ්න වලින් අප හෙම්බත් වී සිටියෙමු. නිබන්ධනය අායතනයට ලබා දිය යුතු කාලය ටිකෙන් වික ලං වීමත් මාගේ නිබන්ධනය වෙනත් විශ්ව විද්‍යාල වෙත ගොස් කරුණු හෙළි කර ගත යුතුව තිබූ විෂය ක්ෂ්ත්‍රයකින් යුක්ත වූ බැවිනුත් මට නිබන්ධනයේ මාතෘකාව නැවත සංසෝධනය කර ගැනීමට මට වුවමනා විය. මේ සදහා වරාමලේ කැමැත්ත ලබා දුන්නා පමණක් නොව ඔහුම මාතෘකාව ද සංශෝධනය කර දුන්නේ ය. ‘වෙන්ත විශ්ව විද්‍යාල වල කලාවත් එක්ක 90 දශකයේ සමකාලීන කලාව ගැන ලිව්වම කතාව ඉවරයි නේ.’ මගේ ගමන් පථය එ් අනුව නැවත සංශෝධනය විය. ඔහු විසින් සංවිධානය කළ අපගේ නිර්මාණ අැතුලත් ප්‍රදර්ශනය අලලා 90 දශකයේ සමකාලීන කලාව ප්‍රවණතාවක් වන බවට ඔහු විසින් ප්‍රකාශ කොට තිබූ අතර එ් අනුව 2000 අාසන්නයේ පසු වූයෙන් එයට 90 වේ ප්‍රවණතාව යි කියන්නට පෙළඹීම් අැති වී තිබිණි. නැවත මගේ උපාධි නිබන්ධනය ’90 වේ ප්‍රවණතාව’ යි සංශෝධනය වන්න විය. එ් අනුව 90 වේ ප්‍රවණතාව යි කියන ප්‍රවණතාවේ සමාරම්භකයා කව්ද යන ප්‍රශ්නය මතු විය. එ් අන් කව්ර්වත් නොව වරා මල ම බව මගේ ලෝකය තුළ මුල්බැස තිබෙන්න විය.
කාලයක් ගත වන විට වරා මල මගේ ලෝකයෙන් අෑත් වන්න විය.මා නැවතී සිටි බොඩිම් වලටද නිතර නිතර අා ගිය, නිතිර නිතර දුරකථන අැමතුම් ද දුන් ඹහු ගොළු වන්න විය. මම අතීතය හාරා අවුස්සා බැලුවෙමි. ඔහු මා ලවා ඔහුට වුවමනා උපාධි නිබන්ධයක් ලියාගෙන අැත්තේ ය. එපමණක් නොව වෙනත් අය විසින් නිර්දේශ කොට මා තෝරා ගත් ජාත්‍යන්තර කලා වැඩ සටහනක් පවතින කාලයක මගේ නමින් මටම කියා මා යනු ඔහු හැදූ ප්‍රවණතාවක සාමාජිකයකු බව ලියවාගෙන අැත. පත්තරයකට ද ඔහු යනු ගෝඩ් ෆාදර් කෙනෙකු යැයි මම කියා අැත.මම ඔහුට අාශක්ත වූ නමුදු කිසි විටෙකවත් ඔහු අාකාරයට චිත්‍ර අැදීමටනම් මට හිත හදා ගැනීමට බැරි විය.ඔහුගේ අාභාසය ලැබීමට උත්සාහ කළද මට එය බැරි විය. මගේ අභිමතය පරිදි මට අවැසි අාභාස මෙහෙයවමින් මා කළ චිත්‍ර වලට සමාජයේ පිළි ගැනීමක් විය. වරා මල යි මායි වෙනස් කර ගන්නා කියවීමක් සමාජයට තිබිණ. එ්ත් මම වරා මලේ දරුවකුයැයි මම ම මා ගැන ප්‍රකාශ කොට අැති නිසා මට අාදරය කළ සුවහසක් මිනිසුන් මගෙන් අෑත් වන්න විය. ඔහුගේ කලාව සමාජ කාංසාවක් යන්න ද අලි ප්‍රබන්ධයක් වන බව මට පසක් වන්න විය. එය 83 කළු ජූලියට ද 88-89 භීෂණයට තබා කිසිදු සමාජ ව්‍යසනයකට සම්බන්ධ නැති කලාවක් බව මට සිතෙන්න විය. ඔහු ඔහුගේ චිත්‍ර වල සුලබ වශයෙන් ප්‍රමාණයෙන් අසාමාන්‍ය ලෙස දික් කොට, අඹරවා විකෘති කොට පුරුෂ ලිංගයක් පින්තාරු කළ අතර එම තථ්‍යාකාරයට සමානව කළුවර ලීයෙන් අැඹරුණු පුරුෂ ලිංගයට සමාන ඔහු බෙල්ලේ එල්ලාගෙන සිටින පලදනාවයි අතර සම්බන්ධය කුමක් ද යන්න මට සිතෙන්න ගත්තෙමි. ඔහුගේ අනුගාමිකයින් ද එය ම අනුකරණය කරමින් එබදු පළදනා ම එල්ලාගෙන සිටිය බවට මට මතකයට එන්න විය. මෙතැන තියෙන්නේ වෙන කතාවකි. ඔහු ඔහුගේ චිත්‍ර වල අර්ථය වෙනතකට හරවා අැත්තේ මිනී පෙට්ටියක් කලාගාරයට ගෙනැවිත් තබා සිසුන් පිරිසක් ලවා එය කුඩු කර දැමීම මගිනි. ඔහුගේ කලාව සාපරාධී සිතක වරදකාරී හැගීමෙන් විදවන කලාවකි. නැතිනම් ශිෂ්ටාචාරය විසින් මෙතෙක් ගොඩ නගා ගන්නා ලද අනුල්ලංගනීය පොදු සම්මතයන්ට තමනුත් තම අනුගාමිකයින් ද සමග එකට එකතු වී රහසේ රිදවන කලාවකි. එය ඔහුගේ වයස, පන්තිය, සමාජ තත්වයට නොගැලපෙන තමන්ගේ ලෝකය තුළ ගින්දරවත් සොයා නොගත් කොල්ලන් සමග විනෝද වීමේ වාහකයකි.සමාජය බයිට් කීමේ වාහකයකි.
මගේ තාත්තා මා කැටුව අම්බලන්තොට සාලිය සිනමා ශාලාවට යන කාලයේ ප්‍රොජෙක්ටර කැබින් එකේදී ප්‍රොජෙක්ටරයෙන් විදා හළ රූප මත පතිත වන්නට එකම එක වරක් පමණක් අැගිලි තුඩක් ඔබා ඉන් මිදුණු මා කිසි දිනකවත් සමාජ දේහය මත ලොවට හොරා කැලැල් නෙකළෙමි. එහෙත් මේ වරා මලේ ජීවන අාත්මය ලොවට හොරා සමාජය කැලැල් කිරීමය. නාගරික මධ්‍යම පන්තියට අයත් මට වඩා වයසින් වැඩි මේ වරා මල වෘත්තතිය,නිළය, අගනාගරික වීම පමණක් නොව නියපොත්තක් තරම් දෙයක් ද යොදවා අැත්තේ සමාජ දේහය කැලැල් කිරීමට ය. ඔහු අප කිහිප දෙනෙකුගේ ප්‍රදර්ශනයක් අටවා තිබුණේ මා කාර්යබහුල කොට මාගේ සිහි කල්පනාව අතීව්‍ර කිරීමට ය. ඔහු පුදුමාකාර සත්වයෙකි. සත්‍ය වශයෙන් ම ඔහුගේ ජීවිතය එකම ව්‍යාපෘතියකි. වැඩ බිමකි. කලින් පුරෝකතනය කරන ලද සිදුවීම් ඔහු නිර්මාණය කරන පුදුම පුද්ගලයෙකි.මේ සදහා පුරා විද්‍යාව ඔහු යොදා ගන්නේ ය.
ප්‍රේමාතුර ජෝඩු, මිත්‍ර සමාගමයන්, සංවිධාන, පවුල් සංස්ථා මේ හැම දෙයක් ම කොටවා අවුළුවා විනාශ කිරීම ඔහුගේ එකම අාශාවයි. සෑම දෙයකම පවතින දෙය නොව අනිත් පැත්ත දැකීම ඔහුගේ විශේෂත්වයයි. සමාජ පිළිවෙල, ධූරාවලි, ලිංගික අනන්‍යතා, ජාතික අන්‍යතා, ප්‍රතිරූප බවට පත් වූ සෑම දෙයක් ම ඔහු අසහනයටත් සෝකයටත් පත් කරන්නේය. ඔහු ජීවත් වන්නේ සමාජයෙන් පළි ගැනීමට ය. සෑම දෙයක් ම නිතරම උඩි යටිකුරු කිරීම ඔහුගේ අාශයයි. මානව ජීව ගුණයෙන් පිරුණු සෑම දෙයක් ම ඔහුට නීරසය. ඔහු එසේ වූයේ අැයිදැයි මම සොයා ගත්තෙමි. කුඩා කල තම පියා ඔහුට අසීමිතව වද දුන් අයෙකි. කලිසමේ බද පටිය ගලවා ගාංචු සහිත බද පටියෙන් ඔහුට පහර දී අැත. ඉංග්‍රීසි කටපාඩම් කරවූ අාකාරය ද ඔහුට දැනුදු අප්‍රසන්නය. සෑම විට ම ඔහු ව ගලවා ගනු ලැබූයේ ද ඔහුට අාදරය කරනු ලැබුවේද තම මව පමණි. තම පියා වැනි පිරිමින්ගෙන් පළි ගැනීම වෙනුවට ඔහු තෝරා ගත්තේ සමාජ පිළිවෙල සුණු විසුණු කර දැමීමේ විකෘති ෆැන්ටසියකි. ඔහුට අවශ්‍ය අසම්මතය සම්මතය බවට පත් කිරීමය. සම්මතය අසම්මතය බවට පත් කිරීමට ය.ඔහු ඊර්ෂ්‍යාව පුරා විද්‍යාව තුළ සගවා සිවිල් සමාජයේ අැසට වැලි ගසා වලිගය විසින් බල්ලා නටවන්නෙකි.
නන්දා මාලිනී, ජැක්සන් අැන්තනී, සුනිල් පෙරේරා,ප්‍රේමසිරි කේමදාස, කසුන් කල්හාර, ඩීමන් අානන්ද, ටෙනිසන් කුරේ, සයිමන් නවගත්තේගම, එච්.අාර්. ජෝතිපාල, චන්න විජේවර්ධන.........අාදී සංගීතය, නාට්‍යය, සිනමාව, සාහිත්‍යය,නර්තනය අාදී ක්ෂේත්‍ර වල විවිධ කලා ප්‍රවේෂයන් වෙන් වෙන් ව හදුනා ගැනීමේ ව්‍යවහාරයක් එම ක්ෂේත්‍ර තුළ අැති නමුත් චිත්‍ර-මූර්ති කලා ක්ෂේත්‍ර තුළ විවධ කලා ප්‍රවේෂයන්, අනන්‍යතාවයන් වෙන් වෙන් ව අදුනා ගැනීමට නොහැකි අවුලකට පත් කොට අැත්තේ එක් අයකු බව සිවිල් සමාජයට මේ වන තුරුද හදුනා ගැනීමට බැරි වී අැත. ඔහු එකට තැබිය නොහැකි එක වගේ නොවන එ්වා එකට තබා 'බහුත්ව බහුශෙෙලීය කලාව නමින් ඩීසල්, වතුර, කිරි, ගොම, ශුක්‍රාණු,ඔ්ඩිකොලොන්,කදුළු, රුධිරය එකට කවලම් කොට එ්වා වෙන් කර ගැනීමට නොහැකි අවුලක් දෘෂ්‍ය කලා කෙත තුළ නිර්මාණය කළේ ය. ඔහු මේ සදහා තමන්ගෙ ලෝකයේ ගින්දරවත් හොයාගෙන නොමැති කවදාවත් කලාකරුවන් වීමට බලාපොරොත්තුවක් නොතිබුණු කොල්ලන් තම නිවසේ තබාගෙන ඔවුන් ලවා ප්‍රති කලා මාවතකට වැටෙන කලාවක් කරවා ඔවුන් ලියන අාකාරයට ඔවුන්ගේ නමින් ඔහු විසින් විවධ ප්‍රකාශන තුළට අැතුලත් කරනු ලැබ අැති බව මට පසක් වන්න විය. ඔහු පුරා විද්‍යාව යටතේ සංකීර්ණ සමාජ අධයයනය යනුවෙන් විෂයක් උගන්වන අතර ඔහු එ් සදහා මූලාශ්‍ර කර ගනුයේ මොකවත් දන්නෙ නැති පිටස්තරයකු අාකාරයට තමන් විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද පුද්ගලයින් හා දේවල් ය. ඔහු සමාජය සංකීර්ණ කොට සංකීර්ණ සමාජය යනු මෙය යැයි උගන්වන අයෙකි. ඔහු සිවිල් සමාජයේ අැසට වැලි ගසා වලිගය විසින් බල්ලා නැටවීමට කොතෙක් සමත් ද කියනවා නම් රජයේ වියදමින් ඔහු ඔහු වෙනුවෙන් ස්මාරකයක් ද හදා ගත්තේ ය.1988-89 අතුරුදහන් වූවන් හා මිය ගියවුන් වෙනුවෙන් සුදු නෙළුම් ව්‍යාපාරය මාර්ගයෙන් ඉදි කළ ස්මාරකය සැබෑවට ම අතුරුදහන් වූ හෝ මියගියවුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ස්මාරකයක් නොවන අතර ඔහු පිළිබද සමස්තය සම්පිණ්ඩණය කරන ලද ස්මාරකයකි. එය යම් හෙයකින් තමන් පිළිබද අනාවරණයක් වුවද ලෝකය අැති තුරාවට තමන්ගේ ශාප කිරීම අවලංගු නොවන ලෙස කිසිදා විනාශ කළ නොහැකි නෂ්ටාවශේෂයක් හැටියට නෂ්ටාවශේෂ වන සේ ඔහු පුරාවිද්‍යාව අැසුරෙන් එය නිර්මාණ ය කොට අැත. පිළිස්සූ මැටි ලොව අැති පැරණිතම කෞතුක ද්‍රව්‍ය ය. ක්‍රෝධයෙන් දැඩි ව තතනමින් මිරිකා එළියට ගත් මිරිකුණු මැටි වේලා අනතුරුව පුළුස්සා ඔහු මෙම ස්මාරකයේ කොටසක් හැටියට තැන් තැන් වල එ්වා අතුරා තිබිණ. එම ස්මාරකයේ සෑම අංගයක් ම ඔහු පිළිබද කතාව දැනුවත්වම අඩංගු කරන ලද එකක් වන අතර මෙම මිරිකා පිළිස්සූ මැටි පිඩවල් තම පියාට එරෙහි කැරැල්ලේ තීව්‍රතම ශාප කිරීමය. ඔ්නෑම දෙයක් වෙනතක හරවා එය වලිග පාගා ගැනීමකින් සමාජය බාර ගැනීමෙන් ඔහු අපමණ ලෙස විනෝ ද වන්නෙකි. ඔහු තමන්ගේ දේවල් සමාජ ඛේදවාචක තුළ බහා සමාජගත කරවීමට විවිධ වේශයන් ගන්නා අයෙකි. අවශයනම් තමන් ද අවංකව ස්වයං විචාරයට බදුන් කොට සමාජයේ ප්‍රශ්නයක එය එල්ලා සමෝධානගත කොට මතුවට සම්බන්ධ කොට සමාජය වසගයට ගන්නා ඔහු අපූරු සමතෙකි.ඔහුගේ සතුරා සෑම විට ම තමනට උහුලා ගත නොහැකි අනන්‍යතාවකින් යුක්ත අයකු නම් ඔහු හෝ අැය දුප්පත් වීමද බාල වයස්කාරයකු වීම ද ඔහුට අදාල නැත. ඔහු විදේශයන් නොමග යවා ලබාගෙන අැති අාධාරවලින් අටවාගෙන අැති එන්.ජී.ඔ්. ව මගින් එවැන්නන් ද බෙලහීන කිරීමට පසුබට නොවන අතිශය දුෂ්ට අයෙකි. ගන්නා තීරණ වෙනස් කර අාපසු හැරීමට කිසි විටෙකවත් ඔහු ක්‍රියා නොකරන්නේ ය.
7 පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ මගේ ලෝකයේ වීරයකු වූ ගුරුවරියක සිටියා ය. මාගේ චිත්‍ර අැදීමෙ කටයුතු වලට අකුල් හෙළූ මිතුරන්ගෙන් මා සෑම විටකම අෑ ගලවා ගත්තා ය. මගේ පියාගෙන් පසු චිත්‍ර කලාව මගින් ඉදිරියට යන්නට ශක්තියක් වූ අය වන්නේ අැයයි.අැය නමින් තමරා ධර්ම සිරි ය. අැය පාසල හැර ගියාදැයි වෙනත් පාසලකට ස්ථාන මාරු ලැබුවේදැයි කිසිවක් හිතා ගත නොහැකිව අැය පාසල තුළ හිස්තැනක් වූවා ය. අැය මහාචාර් අැල්බර්ට් ධර්මසිරි ගේ බිරිද බව මා දැන ගත්තේ මීට අවුරුදු හත අටකට තරම් ඉහතදී ය. එවිට මා තුරුණු විය ඉක්මවන්නට සැරසෙන අවධියේ පසු විය. අැල්බර්ට් ධර්මසිරි මහතා සරසවි ජීවිතය තුළ මගේ ගුරුවරයෙකි. මෙය දැන ගත් විගස අැල්බර්ට් ධර්මසිරි මහතාගේ නිවසට මම කතා කළෙමි. මට වුවමනා වූයේ කුඩා කල අැසුණු අැගේ කටහඩ මතක් කර ගැනීමට ය. ‘පුතා.. අනේ මගේ සුජිත් කොල්ල ද මේ....’ නැවත මම කුඩා දරුවෙකු වීමි. මේ වරා මල ගැන එයා මට යමක් කීවාය. මම දන්නවා ඔය ඔක්කොම.පුතා එයාට තියන්නේ. ගැහැණුන් බය වෙන මූණක්. එයා යක්ෂයෙක්! මම දන්නවා කවදාක හරි ඔයා ඔය උගුලෙන් ගැලවෙන බව.' අැය කීවා ය.

චන්ද්‍රගුප්ත තේනුවරගේ අැකඩමික කලා නිර්මාණ ප්‍රතිභාව උහුලා ගැනීමට නොහැකි වූ එ් වරාමල විභවි අැකඩමියේ විනය කඩ කළ අදක්ෂ ශිෂ්‍යයකුට තම නිවසේ නවාතැන් දී ඔහුගේ ප්‍රතිකලා මාවතට ඔහුව කෘත්‍රිමව පොළඹවා තේනුවර විනාශ කිරීමට ද ඔහු කටයුතු කළේ ය. සෞන්දර්ය අධ්‍ය්‍යන අායතනයේ පදනම් ගලක් වූ සරත් සූරසේන මිය ගියේ ද මේ වරා මල කණෙං රිංගූ බව පරක්කු වී තේරුණ නිසා සිත් තැවුලෙන් ය. පුරා විද්‍යාව, ඉතිහාසය, නාගරීකරණය, සමාජ කාංසාව යන සංකල්ප පලිහක් කරගෙන තම අනෙකාට රිදවීම පිණිස භාවිතයට ගත් තම ප්‍රති කලාව අායතනගත කොට එය සමාජ යථාර්ථයක් කිරීම පිණිස ඔහු ඔහුගේ එන්.ජී.ඔ්. ව මෙහෙයවනු ලබන්නේ ය. ඔහු කණෙං රිංගූ ලයිස්තුව අපමණය.රාජ්‍ය අායතනයක බලධාරියකු පමණක් නොව සුළු සේවකයකු ද 'සමාජයට රහසේ රිදවීමට විනෝද වාහකයක් කර ගන්නා තම කලා මාවත අායතනගත කරවා ගැනීමට අවශ්‍ය අයකු යැයි සිතෙන්නේ නම් ඔහු හෝ අැය කෙසේ හෝ දිනා සිතියමක් ඔහු සකසන බව මට පසක් වී අැත. සිවිල් සමාජය ඔහු ගැන දන්නේ නැත. ඔහුට අවශ්‍ය කුමක් ද? ඔහුගේ කලාව කුමක් ද? ඔහු කරන්නේ කුමක්ද? මේ කිසිවක් කාටවත් සොයා ගත නොහැකිය. ඔහු 'අසන්තතික' ය. එක කොනක් අල්ලා ගත් විට තවකක් සමග පටලැවෙන සංකීර්ණයක් ඔහු අටවා අැත. කදෙහි යුෂ උරා බී, එහිම හැදී එහි ම වැඩී ගස බිමට සමතලා කරන, පුරාවිද්‍යාව අැතුලේ සැගවී සිටින මේ යක්ෂයාට කණෙං රිංගන්න බැරි වූයේ එක ම එක සිවිල් පුද්ගලයකුගෙන් පමණි. එ් මහාචාර්ය අැල්බර්ට් ධර්මසිරි ය. ඔහු මේ වන විට වරදකට පැටලී අැත. මේ පසුබිමේ මම සමාජයට මෙලෙස කියමි.
''අපරාධකරුවෙකුට වඩා යක්ෂයා භයානක ය. යක්ෂයා අත් අඩංගුවට ගත නොහැකිය. යක්ෂයාගේ අාශාව අපරාධකාරයාගේ අාශාවට වඩා වෙනස් ය. යක්ෂයාගේ අාශාව ව්‍යවහාරික ලෝකයේදී අල්ලා ගැනීමට නොහැකි ය. යක්ෂයාට තම පැවැත්ම වෙනුවෙන් සතුරා වුවමනා අතර තම පාලුව තනිකම සතුරා මතින් ම සංසිදුවෙන්න සළස්වා එ් මතින් ම සතුරා විනාශ වෙන්න සැලැස්වීම ට ඔහුට හැකි ය. ඔහු අන්තිම මොහොතේ තමන් ළග සිටින තමන්ගේ අනුගාමිකයා ද විනාශ කර දැමීමට පසුබට නොවන හෘදය සාක්ෂියක් නැති අයෙකි. යක්ෂයා ලජ්ජාව නොහදුනන සදාකාලික තනිකඩයෙකි. ඔහුගේ අවසාන අාශාව ක්ෂේම භූමියක් කාන්තාරයක් වනවා දැකීමය''
Comments