top of page

B

L

O

G

Recent Posts

සීගිරි ළඳුන් සිංහලද ?

  • රුවන් එම්. ජයතුංග
  • Sep 7, 2015
  • 1 min read

සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් එච්.සී.පී.බෙල් මහතා අනුමාන කලේය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවයි.



සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් තුලින් යුරොපියොයිඩ් ලක්‍ෂණ පෙනෙන්නට තිබේ. නාසයේ හැඩය​, ශරීර වර්ණය ඇසේ හැඩය යන මානව රූපී ලක්‍ෂණ සලකා බැලීමේදී මේ ළඳුන් යුරොපියොයිඩ් ලක්‍ෂණ කලවම් වූ පර්සියානු රූමතියන් බව සිතේ. අතීතයේ ලක් රජුන් වෙත උතුරු ඉන්දියාවෙන් , පර්සියාවෙන් (වර්තමාන ඉරානය​) පමණක් නොවේ ඊජිප්තුවෙන් ද අභිරූපිකාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසට ගෙන ආ බවට සාධක ඇත​. මේ අනුව රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුරයේ සිටි පර්සියානු ළඳුන් විය නොහැකිද ?





මෙම චිත්‍රයේ පසු පස සිටින නිල්වන් කාන්තාව දෙස බලන්න, ඇය කෙරෙන් සිංහල කතකගේ වාර්ගික ලක්‍ෂණ පැහැදිලිව දැකිය හැක​.


Comments


දෘෂ්‍ය කලාකරුවකු හැටියට මාගේ කලා භාවිතයත් දෘෂ්‍ය කලා කෙත හා සමාජය අලලා ප්‍රතික්‍රියා දැක්වීමට අදාළ මා සමග අදාළ වන මූලාශ්‍ර හා දෘෂය කලා කෙතට අදාළ විවිධ මූලාශ්‍රත් දෘෂ්‍ය කලා කෙතට වක්‍රව හෝ බලපාන වෙනත් මූලාශ්‍රත් යාවත්කාලීන කිරීමට මෙම බ්ලොග් අඩවිය නිරිමාඛය කෙරිණි.  
-සුජිත් රත්නායක
සිත්තර වාසල
SITTARA WASALA
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 by JACK BANKS PHOTOGRAPHY. Proudly created with Wix.com
 

bottom of page